ජාත්‍යන්තර පාපන්දු පිටිය මේ සති අන්තයේ දීත් ඉතා උණුසුම් වුනා.
Manchester Unitedට නොසිතූ පරාජයක්
එංගලන්ත Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester United සහ Burnley FC…
Liverpool අඛණ්ඩ 20 වන ජයග්‍රහණය වාර්තා කරයි

පළමු අර්ධයේ දී Alex McCarthy විසින් Virgil van Dijk හා Roberto Firmino ගේ උත්සාහයන් ව්‍යර්ථ කළ අතර Danny Ings, Southampton වෙනුවෙන් කළ ප්‍රහාරයන් දෙකක් ද ව්‍යර්ථ වුනා.
තරගයේ 47 වන මිනිත්තුවේ දී Alex Oxlade-Chamberlain පළමු Liverpool ගෝලය වාර්තා කළ අතර තරගය පැයේ සීමාවට ආසන්න වන විට Jordan Henderson, Firmino ගේ පන්දු යොමු කිරීමක් දැල් ගත කළා.
McCarthy ගේ හිසට ඉහළින් යොමු කරමින් Salah සිය පළමු ගෝලය වාර්තා කළ අතර 90 වන මිනිත්තුවේ දී ඔහු Liverpool කණ්ඩායමේ සිව්වන ගෝලය වාර්තා කළා.
මේ Liverpool කණ්ඩායම අඛණ්ඩව අපරාජිත ලෙස අවසන් කළ 42 වන තරගය යි.
අවසන් ලකුණු තත්වය: Liverpool 4 – 0 Southampton
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ:
- Liverpool – Alex Oxlade-Chamberlain 47′, Jordan Henderson 60′, Mohamed Salah 71′, 90
Leicester, Chelsea ගෝල සම වේ

Willy Caballero පළමු අර්ධයේcදී Jamie Vardy ගේ අලංකාර ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සමත් වුනා.
කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තුවකට පසුව ක්‍රියාත්මක වූ Rudiger, Mason Mount ගේ corner අවස්ථාවක් අලංකාර ලෙස දැල් ගත කළා.
පසුව Leicester City කණ්ඩායම ගෝල ද්විත්වයකින් Chelsea කණ්ඩායමට සංග්‍රහ කළ අතර Harvey Barnes හා Ben Chilwell අලංකාර ලෙස එම ගෝල වාර්තා කළා.
Aguero නැවතත් Manchester City ගැලවුමට
එංගලන්ත Premier League තරගාවලියේ 24 වන සතියේ වැදගත් තරග කිහිපයක් ඊයේ දිනයේ..
කෙසේ වෙතත් Chelsea කණ්ඩායම බේරා ගන්නට Rudiger නැවතත් ක්‍රියාත්මක වූ අතර Mount සකස් කර දුන් පන්දුව ඔහු අලංකාර ලෙස ගෝල රාමුව තුළට සිය හිසෙන් යොමු කළා.
Harvey Barnes හට අවසන් මොහොතේ තරගය වෙනස් කරන්නට අවස්ථාවක් හිමි වූ නමුත් ඔහුගේ ප්‍රහාරය ගෝල රාමුවෙන් ඉවත ගියා.
අවසන් ලකුණු තත්වය: Chelsea 2 – 2 Leicester City
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ:
- Chelsea – Antonio Rüdiger 46′, 71′.
- Leicester City – Harvey Barnes 54′, Ben Chilwell 64′.
Old Trafford තරගය ගෝල නැතුවම අවසන් වෙයි

Fernandes ගෝල රාමුවට මදක් දුර සිට කළ ප්‍රහාරය ව්‍යර්ථ වූ අතර දෙවන වර ඔහු එල්ල කළ නිදහස් පහර Patricio අපහසුවෙන් රැක ගත්තා.
Wolves වෙනුවෙන් ලද අවස්ථාවක් Raul Jimenez අසාර්ථක කර ගත් අතර අවසන් මොහොතේ ලද අවස්ථාවක් Manchester United ක්‍රීඩක Diogo Dalot ගෝල රාමුවෙන් ඉවතට යොමු කළා.
අවසන් ලකුණු තත්වය: Wolverhampton Wanderers 0 – 0 Manchester United
Benzema ජය ගෙන එයි

පළමු අර්ධයේ දී සිරවී සිටි Madrid කණ්ඩායම වෙනුවෙන්, Zinedine Zidane නව ක්‍රීඩකයින් දෙදෙනෙකු පිටියට එකතු කළ අතර ඒ නිසාම ඔවුන් තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. Benzema 56 වන මිනිත්තුවේ දී එම ගෝලය වාර්තා කළ අතර එය Benzema සිය ක්‍රීඩා පිටියේ වාර්තා කළ පළමු ගෝලය වීම විශේෂත්වයක්.
අතිරේක ක්‍රීඩක Vinicius Junior අවසන් මොහොතේ ගෝලයක් වාර්තා කරන්නට කළ උත්සහයක් ව්‍යර්ථ වූ නමුත් එය Atletico කණ්ඩායමේ තරග හයක අපරාජිත වාර්තාව බිඳ දැමීමට බාධාවක් වුනේ නැහැ.
අවසන් ලකුණු තත්වය: Real Madrid 1 – 0 Atletico Madrid
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ:
- Real Madrid – Karim Benzema 56′.
Bayern Munichen ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට

Video – මත්ද්‍රව්‍යට පමණක් පැරදුණු පාපන්දු විශිෂ්ටයා – Diego Maradona
Maradona, “The Golden Boy” of Argentina. #Asidisi #Football #DiegoMaradona..
Robert Lewandowski සිය හිසෙන් අලංකාර ගෝලයක් වාර්තා කරමින් Bayern පළමු ගෝලය වාර්තා කළ අතර Thomas Muller ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා. Thiago තෙවන ගෝලයත් වාර්තා කරමින් Bayern කණ්ඩායම පහසු ජයකට රැගෙන ගිය අතර St. Juste 45 වන මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලය Mainz කණ්ඩායමට තරගයක් ලබා දීමට ප්‍රමාණවත් වුනේ නැහැ.
අවසන් ලකුණු තත්වය: Mainz 1 – 3 Bayern Munich
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ:
- Bayern Munich – Lewandowski 8′, Müller 14′, Thiago Alcántara 26′.
- Mainz – St. Juste 45′
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















