2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ අදියරේ අවසන් තරග වටය ක්‍රියාත්මක වෙද්දී, මේ වන විට සුපිරි දස්කම් දක්වා කැපී පෙනුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සොයා යන්නට අප සිතුවා.
Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!
ජපානය කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන 2019 ……
Cheslin Kolbe – දකුණු අප්‍රිකාව

උසින් අඩි පහයි අඟල් අටක් පමණක් සහ බරින් කිලෝග්‍රෑම් 80ක් පමණක් වුනත් රග්බි පිටියේ ඉතා භයානක වුණු Kolbe, ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින්ව අන්දමන්ද කළේ ඔවුන් ඉදිරියට ගොස් මදක් ගුවනේ පාවී ක්ෂණිකව සිය පාදය වෙනතකට මාරු කරමින්. ආරක්ෂක ක්‍රීඩකයින්ට Kolbe මඟ හැරෙන අතර ඔවුන්ට හසුවන්නේ හිස් වාතය පමණයි.
25 හැවිරිදි මේ “රොකට්ටුව” ප්‍රංශ Toulouse ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අතර පසුගිය මාස 18 පුරා සුපිරි දස්කම් දක්වමින් ඔහු ‘Top 14’ කුසලානය සිය කණ්ඩායමට දිනා දෙන්නට ද සමත් වුනා. නවසීලන්ත ‘ඕල් බ්ලැක්ස්’ හමුවේ දකුණු අප්‍රිකාව ලකුණු 23-13ක් ලෙස පරාජය වුනත් ඔහුගේ දක්ෂතා නම් කැපී පෙනුණා.
ප්‍රතිවාදීන්ගේ ගැටී ආපසු ධාවනයේ යෙදෙන, ප්‍රතිවාදීන්ගේ බාධා කිරීම්වලින් පසුව ක්ෂණිකව රෝල් වී ඉදිරියට යන මේ සුපිරි ක්‍රීඩකයා ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ පසුගිය වසරේ දී වීම විශේෂත්වයක්.
Beauden Barrett – නවසීලන්තය

දෙවරක් වසරේ රග්බි ක්‍රීඩකයා සම්මානය දිනූ ඔහු ෆ්ලයි හාෆ් ස්ථානයේ සිට ෆුල් බැක් දක්වා පසුපසට ආවේ ඔහු වැනිම Richie Mo’ungaට අංක 10 ස්ථානයේ අවස්ථාව ලබා දෙමින්. විවාදයකින් තොරව රග්බි ලෝක කුසලානයේ පළමු සති දෙකේ හොඳින්ම ප්‍රතිවාදීන් වෙත ආක්‍රමණයන් රැගෙන එන ක්‍රීඩකයා ලෙස Barrett හැඳින්විය හැකියි.
පන්දුව ඔහුගේ අතේ ඇති සෑම අවස්ථාවකම පිටියේ මායාවන් පෙන්වන 28 හැවිරිදි Barrett ඔහුගේ තීක්ෂණ බුද්ධියෙන් හා සුපිරි වේගයෙන් ප්‍රතිවාදීන් මර්දනය කළේ වරක් දෙවරක් නෙවේ.
2015 රග්බි ලෝක කුසලානය නවසීලන්තයට ගෙන ඒමට මූලික වුණු සුපිරි ක්‍රීඩක Dan Carter පවසා සිටියේ, “එක් අවස්ථාවකින් තරගය වෙනස් කරනවා නම් එය කළ හැකි සාධකය “Beauden Barrett” බවයි.
Michael Leitch – ජපානය

ජපානය ඒ ලෝක කුසලානයේ දී තරග තුනක් ජයග්‍රහණය කළත් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට නොහැකි වුනා. එදා කරන්නට බැරි වුණු දේ මෙදා කරන්නට මාන බලන Michael Leitch රුසියාවට එරෙහිව පැවැත්වුණු පළමු තරගයේ දී සුපිරි දස්කම් දැක්වූයේ පිටිය පුරා පන්දුව රැගෙන යමින්.
ඔහුව අයර්ලන්ත තරගයේ දී බංකුවට වී සිටින්නට සිදු වුනත් පසුව විචාරකයින් සඳහන් කර තිබුණේ එය ජපන් පුහුණුකරු Jamie Josephගේ තවත් සැලසුමක් බවයි. බංකුවේ හිඳ අවසන් මිනිත්තු 30 දී පිටියට පිවිසුණු ඔහු අයර්ලන්ත ආරක්ෂක වළලු සුනුවිසුනු කළා. සැමෝවා තරගයේ දී නැවතත් Flanker ස්ථානයට පිවිසුණු ඔහු තරගයේ හොඳම ක්‍රීඩකයා වුනේ ඔහුගේ මාවතට පිවිසුණු සැමෝවා ක්‍රීඩකයින් ගුවනේ පා කර සිය මාවතෙන් ඉවතට විසි කරමින්.
Jonathan Sexton – අයර්ලන්තය

දකුණු අප්‍රිකානු යෝධයින් කැනඩාව විනාශ කරයි!
2019 රග්බි ලෝක කුසලානයේ B කාණ්ඩයේ …….
ඔහු රුසියාවට එරෙහිව තරගය ක්‍රීඩා කළේ ද පළමු මිනිත්තු 40 පමණක් වුනත් එහි දී ඔහු පළමු වතාවට අයර්ලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීම කැපී පෙනුණා. අයර්ලන්තට ප්‍රමුඛතම පන්දුවට පා පහර දෙන්නා වන ඔහු Jack Carty හා Joey Carbery හට ද අනගි සහයක් දක්වන්නේ ඔවුන්ව සාර්ථකව මෙහෙයවමින්.
“Johnny ඉදිරියේ දී සිදු වෙන්න යන දේවල් මනසින් දකිනවා.” අයර්ලන්ත සෙන්ටර් ක්‍රීඩක Chris Farrell පවසා තිබුණා.
“ඔහුත් එක්ක ක්‍රීඩා කරන්න හරිම පහසුයි, ඔහු ඔබට ඉඩකඩ හා කාලය සකසා පන්දුව ඔබේ අතට ලබා දෙනවා.”
Matt To’omua – ඕස්ට්‍රේලියාව

ෆීජි හා වේල්ස් කණ්ඩායම්වලට එරෙහිව පැවැත්වුණු තරගවල දී Fly Half ස්ථානයට පිටියට පිවිසුණු ඔහු උරුගුවේ තරගයේ දී Inside සෙන්ටර් ස්ථානයේ තරගය ආරම්භ කළා. විනෝදයෙන් තමාට ලැබෙන ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු පවසන්නේ, තමා අංක 12 ජර්සියක් පැලඳ අංක 10 ජර්සිය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන බවයි.
Nic White හා Lealiifano ස්ක්‍රම් හාෆ් හා ෆ්ලයි හාෆ් ලෙස ක්‍රීඩා කරද්දී ඔස්ට්‍රේලියාව ෆීජි කණ්ඩායමට එරෙහිව ලකුණු 21-20ක් ලෙස පසුපසින් සිටි අතර To’omua, Lealiifano වෙනුවට පිටියට පැමිණි පසුව තරගය අවසන් වුනේ ලකුණු 39-21ක් ලෙසයි.
Sam Underhill – එංගලන්තය

ආර්ජන්ටිනා කණ්ඩායමට එරෙහිව තරගයේ වීරයා බවට පත් වුණු Underhill ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට සුපිරි බාධා කිරීම් කිහිපයක් කළේ පුහුණුකරු Eddie Jonesගෙන් පැසසුම් ලබමින්.
එක්සත් ජනපදයේ උපත ලැබූ ඔහුගේ උස අඩි හයයි අඟල් එකක් වන අතර සාමාන්‍ය Flanker ක්‍රීඩකයෙකුට වඩා ඔහු මදක් උස අඩු වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් එය තරගයට බාධා කර නොගන්නා ඔහු ආර්ජන්ටිනා තරගයේ දී ප්‍රතිවාදීන්ට බාධා කිරීම් 16ක් කර තිබුණු අතර එක් වරක් වත් ඔහු අතින් පන්දුව බිම වැටී තිබුණේ නැහැ.
Damian Penaud – ප්‍රංශය

ඔහුගේ අලංකාර පාද චලනයන් ද ආර්ජන්ටිනාවට එරෙහිව තරගයේ දී කැපී පෙනුණු අතර උත්සාහක දිනුම් වාර්තා කළ Gael Fickou හා Antoine Dupont හට ඔහු අනගි සහයක් ලබා දුන්නා.
හිටපු ප්‍රංශ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු වන Alain Penaudගේ පුත්‍රයා වන Damian හට සෙන්ටර් හෝ වින්ග් යන ස්ථාන දෙකේම ක්‍රීඩා කළ හැකි අතර ආර්ජන්ටිනාවට එරෙහි තරගයේ දී ඔහු ආරක්ෂක ක්‍රීඩකයින් හත් දෙනෙකුගෙන් බේරී මීටර් 59ක ධාවනයක යෙදීම ජාත්‍යන්තර විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබුණා.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















