Home Sinhala මිෂාර සහ රසන්තගෙන් පාකිස්තාන යෞවනයින්ට සැර පිළිතුරක්

මිෂාර සහ රසන්තගෙන් පාකිස්තාන යෞවනයින්ට සැර පිළිතුරක්

510

අවාසනාවන්ත පරාජයක් හමුවේ තරගාවලිය නිමාවන විට කුසලානය තමන් සතුකර ගැනීමට පාකිස්තාන 19න් පහළ යොවුන් පිළ අද (05) දින සමත් විය. කමිල් මිෂාරගේ සහ රවිඳු රසන්තගේ දක්ෂ පිතිකරණ රටාව හමුවේ අවසන් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.

හයිඩර් – රොහායිල් සත්කාරකයින් මව් රටේ දී අසරණ කරයි

සත්කාරක ශ්‍රි ලංකා (19 පහළ) යොවුන් කණ්ඩායමේ කුසලාන සිහිනයට….

ඒ අනුව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති පස්වන සහ අවසන් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම සමත්කම් දැක්වීය.

පසුගිය තරග කිහිපයේ මෙන් මුලින් පන්දුවට පහර දී පන්දු යැවීම හරහා පීඩනයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා යෞවනයින්, මෙවර එම පිළිවෙතින් බැහැර වී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර එල්ල කිරීමේ අවස්ථාව පාකිස්තාන යෞවනයින්ට භාර කළේය.

ඒ අනුව පසුගිය තරග සියල්ලේම පිතිකරණයෙන් වඩාත් සාර්ථකවූ හයිඩර් අලී සමඟින් නවක ක්‍රීඩක මොහොමඩ් බාසිට් අලී පාකිස්තාන ඉනිම ආරම්භ කළහ. එහෙත් හයිඩර්ට මෙවර සාර්ථක වීමට ඉඩ නොතබා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලකුණු 5ක් ලබා සිටියදී ඔහු පිටියෙන් ඉවත් කිරීම⁣ට කවිඳු වික්‍රමසිංහ සමත් විය.

අනතුරුව තරගාවලිය පුරා සාර්ථකවූ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක රොහායිල් නසීර් පිටියට පැමිණ මොහොමඩ් බාසිට් අලී සමඟ ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම දැමීමට සමත් විය. ඔවුන් දෙපළ 20 වන පන්දුවාරය ක්‍රියාත්මක වන තෙක් පිටියේ රැඳෙමින් ලකුණු 81ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුවද සිය මංගල තරගයට ක්‍රීඩා කළ කවිඳු නදීශාන්ගේ පන්දුවක් හමුවේ නායක රොහායිල්ට දෙවන කඩුල්ල ලෙසින් ලකුණු 41ක් ලබා සිටියදී දැවී යාමට සිදුවිය.

අනතුරුව මොහොමඩ් බාසිට් අලී සමඟ එක්වීමට මොහොමඩ් තාහා පිටියට එක්වුවද ඔහු ලකුණු 2ක් තුළ ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නායක කමිල් මිෂාර සමත් විය.

ඉන්පසුව හරිස් ඛාන් පිටිය⁣ට එක්වී මොහොමඩ් බාසිට් අලී සමඟින් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනගා සිටියදී අලීගේ ඉනිම අවසන් කිරීමට ඩිල්ශාන් මදුශංකට හැකි විය. අලී දැවී යනවිට හතරේ පහර 7ක් සමඟින් ඔහු ලකුණු 56ක් රැස්කර සිටියේය.

අනතුරුව පාකිස්තාන යොවුන් ඉනිමේ අවශ්‍යම සබඳතාවය ගොඩනැගුනු අතර හරිස් ඛාන් සමඟින් එක්වූ කසීම් අක්‍රම් ලකුණු 68ක සබඳතාවක් ගොඩ නගමින් ප්‍රධාන ලකුණු පුවරුව 197ක් දක්වා ඔසවා තැබීමට සමත් විය. ඒ වෙනුවෙන් දායකත්වය දක්වා පස්වන කඩුල්ල ලෙසින් හරිස් ඛාන් දැවී යන විට පන්දු 47කදී ඔහු හතරේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියේය.

පිතිකරණයේ කඩාවැටීම තවත් පරාජයක් උදා කරයි

සත්කාරකයින්ගේ බල බිඳින්නට සමත්කම් දක්වමින් සංචාරක……..

ඉන්පසුව ජුනයිඩ් ඛාන් පිටියට එක්වී කසීම් අක්‍රම් සමඟ ලකුණු 47ක සබඳතාවයක් ගොඩ නගමින් ප්‍රධාන ලකුණු පුවරුව 244 දක්වා ඉහළ දැමීය. ඉනිමේ 6 වන ක⁣ඩුල්ල ලෙසින් ජුනයිඩ් ඛාන් ලකුණු 22ක් ලබා සිටියදී දැවී ගියේය.

අනතුරුව පිටියට එක්වූ අබ්බාස් සහ නියාස්ගේ දායකත්වය ද සමඟින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 264ක තරගකාරී ඉලක්කයක් වෙත කණ්ඩායම රැගෙන යාමට පාකිස්තාන යෞවනයින්ට හැකි විය.

ඒ වෙනුවෙන් කසීම් අක්‍රම් පන්දු 54කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් රැස් කිරීම කැපී පෙනුනි.


ශ්‍රී ලංකා යොවුන් පිළ වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ඩිල්ශාන් මදුශංක ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව ලකුණු 264ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් ශ්‍රී ලංකා යෞවන කවයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන තවීෂ කහඳවආරච්චි සමඟ කවිඳු වික්‍රමසිංහ ඉනිම ආරම්භ කළද මුළු ලකුණු සංඛ්‍යාව 36ක් වනවිට වික්‍රමසිංහගේ ඉනිම ලකුණු 18කට නිමා කිරීමට සිරාස් ඛාන්ට හැකි විය.

ඒ අවසරයෙන්ම ඉනිමට තවත් ලකුණු 7ක් එක් වන විට තවීෂ කහඳවආරච්චි ද ලකුණු 18කට පිටියෙන් ඉවත් කිරීමට නියාස් ඛාන් සමත් විය.

අනතුරුව ශ්‍රී ලංකා යෞවනයින්ගේ ජයග්‍රහණයට අවැසි සබඳතාවය ගොඩනැගූ නායක කමිල් මිෂාර සහ රවිඳු රසන්ත පිටියේ එක්වූ අතර පාකිස්තාන පන්දු යවන්නන්ට කිසිඳු පීඩනයකින් තොරව රිසි සේ පිත්ත හැසිර වීමට ඔවුන් දෙදෙනා උත්සුක විය.

තෙවන කඩුල්ල වෙනුවෙන් ආරම්භ වූ මෙම අගනා සබඳතාවය ලකුණු 132ක් ලෙස සටහන් වූ අතර තරගාවලිය පුරාවට පාකිස්තාන පන්දු යවන්නන්ට අත්විඳිමට සිදුවූ දරුණුම ප්‍රහාරයට ඔවුන් ඇද දැමූ රවිඳු රසන්ත තෙවන කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 67කින් හතරේ පහර 13ක් සමඟින් ඔහුගේ පිත්තෙන් වේගවත් ලකුණු 85ක් වාර්තා වී තිබුනි.

Photos: Sri Lanka U19 Vs. Pakistan U19 | 5th Youth ODI

ThePapare.com | Viraj Kothalawala | 06/06/2019 Editing….

අනතුරුව පවන් රත්නායක පිටියට එක්වුවද ඔහුට වැඩි කාර්යභාරයක් කණ්ඩායමට කිරීමට ඉඩ නොදෙමින් ලකුණු 7ක් තුළ ඔහු දවා ගැනීමට මොහොමඩ් වසීම් සමත් විය.

ලකුණු 189කට කඩුලු 4ක් දැවී ගොස් ඇති විට නායකයා සමඟින් එක්වූ අවිශ්ක තරිඳු වගකීමෙන් යුතු පිතිකරණයකට අවතීර්ණ වෙමින් නායකයාට අනගි සහයක් ලබා දුන්නේය.

නායකත්වයේ වගකීම හරි හැටි වටහා ගනිමින් ජයග්‍රහ⁣ණයේ දොරකඩට පැමිණෙන තෙක් සිය කණ්ඩායම රැගෙන ආ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක කමිල් මිෂාර, වටිනා ඉනිමක් නැවත වරක් ප්‍රකට කරමින් ජයග්‍රහණයට තවත් ලකුණු 6ක් ඉතිරිව තිබිය දී ඉනිමේ දැවී ගිය අවසන් කඩුල්ල ලෙසින් අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. ඔහු පන්දු 118කින් ඉවසිලිවන්ත ලකුණු 87ක් රැස් කළේ හතරේ පහර 5ක් ද සමඟිනි.

අනතුරුව හය වන කඩුල්ල ලෙස පිටියට එක්වූ දුලිත් වෙල්ලාලගේ සමඟ එක්වූ තරිඳු අවිශ්ක පන්දුවාර 46 පන්දු 5ක් තුළ ලකුණු 267ක් ලබා ගනිමින් ජයග්‍රාහී ලකුණ දක්වා පිටියේ රැඳී සිටීමට සමත් විය.

එහිදී අවැසි මොහොතේ උචිතම ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අවිශ්ක තරිඳු පන්දු 40කින් ලකුණු 40ක් රැස් කළේ හතරේ පහර 5කින් ද සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි.

පාකිස්තාන යෞවනයින් වෙනුවෙන් මොහොමඩ් වසීම් සහ සිරාස් ඛාන් පිළිවෙලින් ලකුණු 39 සහ 47 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් දවා ගත්හ.

Result
Sri Lanka U19
267/5 (46.4)
Pakistan U19
264/7 (50)
Batsmen R B 4s 6s SR
Haider Ali lbw b Chamindu Wickramasinghe 5 5 1 0 100.00
Basit Ali c Pawan Rathnayake  b Dilshan Madusanka 56 82 7 0 68.29
Rohail Nazir c Sandun Mendis b Kavindu Nadeeshan 41 59 4 0 69.49
Mohammad Taha b Kamil Mishara 2 15 0 0 13.33
Mohammad Haris lbw b Sandun Mendis 54 47 5 0 114.89
Qasim Akram c Ravindu De Silva b Dilshan Madusanka 51 54 2 1 94.44
Mohammad Junaid c Sandun Mendis b Dilshan Madusanka 22 22 2 0 100.00
Abbas Afridi not out 8 7 0 0 114.29
Niaz Khan not out 11 9 0 0 122.22
Extras 14 (b 0 , lb 2 , nb 0, w 12, pen 0)
Total 264/7 (50 Overs, RR: 5.28)
Fall of Wickets 1-6 (1.1) Haider Ali, 2-87 (19.4) Rohail Nazir, 3-98 (24.2) Mohammad Taha, 4-129 (29.3) Basit Ali, 5-197 (39.2) Mohammad Haris, 6-244 (47.1) Mohammad Junaid, 7-245 (47.3) Qasim Akram,
Bowling O M R W Econ
Dilshan Madusanka 10 1 45 3 4.50
Chamindu Wickramasinghe 5 0 21 1 4.20
Dunith Wellalage 7 0 33 0 4.71
Sandun Mendis 10 0 49 1 4.90
Kavindu Nadeeshan 9 1 52 1 5.78
Kamil Mishara 3 0 15 1 5.00
Raveen De Silva 6 0 47 0 7.83

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Haider Ali b Shiraz Khan 14 19 3 0 73.68
Thaveesha Abhishek b Niaz Khan 18 23 3 0 78.26
Ravindu De Silva c Mohammad Haris b Shiraz Khan 85 67 13 0 126.87
Kamil Mishara c Mohammad Taha b Mohammad Wasim 87 118 5 0 73.73
Pawan Rathnayake  b Mohammad Wasim 7 12 1 0 58.33
Avishka Tharindu not out 40 39 5 0 102.56
Dunith Wellalage not out 3 3 0 0 100.00
Extras 13 (b 0 , lb 1 , nb 1, w 11, pen 0)
Total 267/5 (46.4 Overs, RR: 5.72)
Fall of Wickets 1-36 (5.4) Chamindu Wickramasinghe, 2-43 (8.1) Thaveesha Abhishek, 3-175 (19.1) Ravindu De Silva, 4-190 (32.4) Pawan Rathnayake , 5-258 (45.3) Kamil Mishara,
Bowling O M R W Econ
Niaz Khan 9 1 41 1 4.56
Abbas Afridi 4 0 26 0 6.50
Shiraz Khan 10 1 47 2 4.70
Mohammad Wasim 8 0 39 2 4.88
Mohammad Junaid 8 0 66 0 8.25
Mohammad Taha 3.4 0 23 0 6.76
Qasim Akram 4 0 24 0 6.00

කෙසේ වෙතත් තරගාවලියේ අවසන් තරගයෙන් අවාසනාවන්ත පරාජයකට ගොදුරු වූවද තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන යොවුන් කණ්ඩායමට හැකි විය.

පාකිස්තාන යොවුන් කණ්ඩායම: කඩුලු 7ක් දැවී 264 (50):මොහොමඩ් අලී 56, හරීස් ඛාන් 54, කසීම් ඛාන් 51, ඩිල්ශාන් මදුශංක 3/45

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම: කඩුලු 5ක් දැවී 267 (46.5):කමිල් මිෂාර 87, රවිඳු රසන්ත 85, අවිශ්ක තරිඳු 40, මොහොමඩ් වසීම් 2/39, සිරාස් ඛාන් 2/47

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<