ලකුණු 1500 සහ කඩුලු 50 සීමාව අතික්‍රමණය කළ සීතාවක හපනා

897

අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ කලන මදුසංක වික්‍රමසිංහ 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග 13ක් සඳහා ක්‍රීඩා කරමින් පිතිකරණයෙන් ලකුණු 1580ක් හා පන්දු යැවීමෙන් කඩුලු 56ක් දවාගෙන දස්කම් දක්වා තිබේ.

තේරීම් කමිටුවේ බලතල වලින් හතුරු ගලවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු….

දකුණතින් පිතිකරණයේ නිරත වන වයස අවුරුදු 18ක් වන කලන මදුසංක අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන අතර  ඔහු මෙවර තරග වාරය තුල සහභාගී වූ තරග 13 තුල ලකුණු 90කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවාගෙන පන්දුවට පහර දී තිබේ. ඒ අතරට ද්විත්ව ශතක හා ශතක 3ක් ඇතුළත් වීම කැපී පෙනේ. දකුණතින් මද වේගපන්දු යවන කලනගේ කඩුලු අතරට කඩුලු 5 අවස්ථාවන් 4ක් ද ඇතුළත්ය.

සීතාවක මධ්‍ය මහා විද්‍යාලයට ඔවුන්ගේ තරග වාරයේ පළමු වටයේ තරග නිමා කිරීමට තවත් තරග 2ක් ඉතිරිව තිබේ.

“පිතිකරණයෙන් විතරක් නැතිව තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට හැකි වීම පිළිබඳව මම ගොඩක් සතුටට පත්වුනා. එකට වාදිබ සර්, පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන් වගේම මගේ පවුලේ අයත් ගොඩක් උදව් කළා. හරි කඩුලු 75කුයි ලකුණු 2000කුයි ගහලා මේ තරග වාරය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.” යැයි කලන මදුසංක ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

දකුණු පසින් සිටින්නේ වාදිබ පෙරේරා මහතායි

එසේම ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන වාදිබ පෙරේරා මහතා ThePapare.com වෙත  කලන පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.

ගුරුකුල විද්‍යාලය රිච්මන්ඩ් අභිබවා යයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ….

“ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්, සමහර තරග අපිට පූර්ණ ලෙස දිනන්න තිබුණා. නමුත් මේ වගේ පිතිකරුවෙක්ට අවස්ථාව දෙන්න ඕන. ඒක නිසා අපි ඔහුට පිතිකරණයේ නිරත වෙන්න අවස්ථාව දුන්නා. මම හිතනවා ක්‍රිකට්වලින් ඔහුට හොඳ අනාගතයක් තියෙනවා කියලා. අපිටත් ඕන කොහොම හරි මේ වගේ විද්‍යාලයක ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්ව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට යවන්න.”

ඉසිපතන විද්‍යාලයේ ආදී සිසුවෙක් වන වාදිබ මහතා මේ වන විට ගත කරමින්  සිටින්නේ සිය පුහුණුකරු දිවියේ 11 වැනි වසර වන අතර මීට පෙර ඉසිපතන විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය හා කළුතර නගර සමාජ ක්‍රිකට් කණ්ඩායම වනි කණ්ඩායම් කිහිපයකම ප්‍රධාන පුහුණුකරු ලෙස සිය වගකීම ඉටුකර තිබෙනවා.

කලන මදුසංකගේ දස්කම් සංක්ෂිප්තව

පිතිකරණය පන්දු යැවීම
තරගය පළමු ඉනිම දෙවන ඉනිම පළමු ඉනිම දෙවන ඉනිම
ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය 274 – 02 –
මහරගම ජනාදිපති විද්‍යාලය 23 152 04 03
යාපනය හින්දු විද්‍යාලය 209 09 05 04
කොච්චිකඩේ ලොයලා විද්‍යාලය 00 32 03 –
මතුගම සාන්ත මරියා විද්‍යාලය 95 04 05 01
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය 74* 02 00 04
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය 217 – 02 01
සාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ 00 64 01 00
දෙහිඕවිට මධ්‍ය මහා විද්‍යාලය 101* 05 –
පාදුක්ක සිරි පියරතන විද්‍යාලය 47 41 02 03
රද්දොලුව විද්‍යාලය 144 – 01 00
බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය – – – 01
කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලය 59 22 05 04
මුළු  දස්කම් ලකුණු 1580 කඩුලු 56

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<