කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

දේශීය පිටියේ ක්‍රීඩකයින් උරෙනුර ගැටෙන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වූ තරග 3ක් අද (27) නිමාවට පත්විය. ඒ ජය පැරදුමකින් තොරවයි.
එහි දී අලංකාර අසංක සහ සමීර ද සොයිසා දිනයේ සාර්ථකම පිතිකරුවන් දෙදෙනා බවට පත්වූ අතර, අමිල අපොන්සු සහ සචිත් පතිරණ අද දිනය තුල ඉනිමක කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා සනිටුහන් කළහ.
සම්පූර්ණ වාර්තාව: අමිල අපොන්සු සහ සචිත් පතිරණ නැවතත් දක්ෂතා අතරට!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවැසි ක්‍රීඩකයන් සොයා යා යුතු නම් ඊට කදිම තැන Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියම බැව් පසක් කරන තීරණාත්මක සතියක කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු සමත් විය.
ඔහු මෙවර තරගාවලියේ දී ලකුණු 1000 පසු කළ පළමු ක්‍රීඩකයා බවට අද (27) පත්විය. Major League තරගාවලියේ තරග 8කට සහභාගී වී ඇති ඕෂද ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1121කි. ඊට ද්විත්ව ශතකයක්, ශතක 6ක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් ය. ඔහු පෙර වසරේ දී ද ලකුණු 1000ක් වාර්තා කළේය.
ඕෂද අද කෝල්ට්ස් කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතකයක් ලබා ගත් අතර එම තරගයේ පළමු ඉනිමේ දී ඔහු ශතකයක් වාර්තා කළේය.
සම්පූර්ණ වාර්තාව: ඕෂද ප්‍රනාන්දු ලකුණු 1000 පන්නයි
ගුවන් සෙබළුන්ට හැව්ලොක්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්

ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කරන හිටපු වෙස්ලි ක්‍රීඩක දයාන් සබාර් සාර්ථකව එම පන්දුව ලබා ගන්නා ලදි.
කණ්ඩායම් දෙකම අතපසුවීම් රාශියක් කළ නමුත් ප්‍රබල හැව්ලොක් ඉදිරිපෙළ Line out අවස්ථාවල දී සිතූ තරම් සාර්ථක නොවීම විශේෂත්වයක්.
සම්පූර්ණ වාර්තාව: හැව්ලොක් ක්‍රීඩකයෝ ගුවන් හමුදාවේ තටු සිඳියි






















