අහිමි වූ කකුලෙන් ජවය ගෙන ලෝක වාර්තාවක් පිහිටු වීමට වෙර දරන දිරිය තරුණයා, සම්පත් හෙට්ටිආරච්චි

884

අපේ රටේ බොහෝ තරුණ තරුණියන් තමන්ට නැති දේවල් පිළිබඳව තැවෙමින් සිය ජීවිතයේ ඉලක්ක මඟ හැරගන්නා අවස්ථා අපිට ඕනෑ තරම් හමුවී තිබෙනවා. නමුත් ජාතික මෙහෙවරකට උරදී සිටියදී අවසන් සටනේදී සම්පත් හෙට්ටිආරච්චිට සිය පාදය අහිමි වන්නේ නොසිතූ මොහොතකයි. නමුත් එම අහිමිවීම ආශිර්වාදයක් කරගත් සම්පත් පසුගියදා නිමාවට පත්වූ ජාතික පැරා ක්‍රීඩා උළලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පැරා ලෝක වාර්තා දක්ෂතාව පසු කරන්නට සමත් වුවත් එහි සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා පසුව එය අහිමි වුණා. ඒ සුපිරි දක්ෂතාව දැක්වූ ශූරයා සොයා ගිය ගමනයි මේ.