කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් හි එක්දින සංචිතය නිකුත් වේ

දෙරට අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති තරග දෙකකින් සමන්විත සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ කෞෂාල් සිල්වා විසිනි.
තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරග දෙක රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ SSC පිටියේ දී පැවැත්වේ.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වයත් චන්දිමාල්ට
නවෝද් – නිපුන්ගේ උත්සාහය අපතේ යයි

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් ම පන්දුවට පහර දීම තමන්ගේ කණ්ඩායම සතු කර ගනිමින් කඩුලු 6ක් දැවි ලකුණු 278ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් පමණයි. ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසරණ වූයේ 38 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී.ගෙවුණු දවස
සම්පූර්ණ වාර්තාව: නවෝද් සහ නිපුන්ගේ උත්සාහයන් බිඳ වැටෙයි; ශ්‍රී ලංකාවට පරාජය





















