කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
හතුරුසිංහගේ සැලසුම් කල්යයි

2019 වසරේ මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ තරග රැසක්ම උතුරු එංගලන්තය ආශ්‍රිතව පැවැත්වේ.
සම්පූර්ණ වාර්තාව: වීසා හරස් වී හතුරුගේ සැලසුම් කල්යයි
තද වැසි වැටී පළමු දිනය සේදී යයි

බංග්ලාදේශයට මේ දිනවල පවතින වර්ෂාව ඉදිරි දින දෙකේ දී ද පවතින බැව් බංග්ලාදේශ කාලගුණ වාර්තාවන් පවසයි. ඔවුන්ට අනුව තරගය සම්පූර්ණයෙන් පවත්වා ගෙන යෑමට සුදුසු තරමින් හිරු එළිය සහිත කාලගුණ තත්ත්වයක් පවතින්නේ තරගයේ අවසන් දිනය වන ජූලි මස 06 වැනිදා ය.
සම්පූර්ණ වාර්තාව: බංග්ලාදේශයට තද වැසි; A තරගය පළමු දිනයට අත්හිටුවයි
ජාතික පාපන්දු සංචිතය නම් කරයි

කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් හයක් ද, යුධ හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් පහක් ද සංචිතයට නම් කර ඇති අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මදුශාන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.
සම්පූර්ණ සංචිතය: 24 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ





















