කාර්තිකගේ හයේ පහරින් නිදහස් කුසලානය ඉන්දියාවට

758

රටවල්  තුනක සහභාගිත්වයෙන් දින 16ක් තිස්සේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ප්‍රතිවාදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති කරට කර සටනේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සනාථ කර ගන්නා විට ඉන්දීය ලකුණු පුවරුවේ තවත් කඩුලු 4ක් ඉතිරිව තිබුණි.

ශ‍්‍රී ලංකාව හඬවා බංග්ලාදේශය අවසන් සටනට

තරගයේ තිබූ තියුණු මුහුණුවර දෙපිළේ ක්‍රීඩකයන් අතර වූ උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ …

ජයග්‍රහණය සඳහා ගිය ගමනේ අවසන් පන්දු 6 දී ඉන්දීය ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් ලබාගත යුතුව තිබූ නමුත් පළමු පන්දු 5 අවසානයේ දී ඉන්දීය පිලට රැස් කර ගත හැකි වූයේ ලකුණු 7ක් පමණි. ඉන්දීය කණ්ඩායම ලද මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේ දී ලකුණු 05ක් ලබාගත යුතු වූ නමුත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් දිනේෂ් කාර්තික් හයේ පහරක් එල්ල කරමින් එම සුවිශේෂී ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමට අත්කර දුන්නේය.

කරට කර සටනක් පැවති මෙම තරගයේ දී අවසන් පන්දු 12 දී ජයග්‍රහණය සඳහා ලකුණු 34ක් ලබාගත යුතුව තිබුණ අතර 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද රුබෙල් හොසේන්ගේ පන්දුවාරයේ දී ලකුණු 22ක් උදුරා ගත් කාර්තික් නොතිබූ කුසලාන ජයක මං පෙත් විවර කර දුන්නේය.

ලකුණු 167ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගමනේ දී තෙවැනි පන්දුවාරය අවසන් වන විටත් ලකුණු 10කට වඩා දල වේගයක් රඳවා ගැනීමට ශිකර් ධවාන් සහ රෝහිත් ෂර්මා සමත් වුවත්, ශකීබ්ගේ පන්දුවක් හමුවේ ධවාන් ද, නස්මුල් ස්ලාම් රුබෙල් හොසේන් හමුවේ සුරේෂ් රයිනා ද ලකුණු නොලබා දැවී යෑම නිසා ඉන්දියාව පීඩනයකට නතු විය.

එහෙත් නායක ෂර්මාට එක්වු  ලොකේෂ් රාහුල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා වූ ප‍්‍රධානම අඩිතාලම එක් කළහ. 14 වැනි පන්දුවාරයේ දී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟින් පන්දු 42ක දී ලකුණු 56ක් ලද රෝහිත් ෂර්මාව දවා ගැනීමට නස්මුල් හසන් සමත්වීම තරගයේ වැඩි වාසි බංග්ලාදේශ පිලට වෙත දෝලනය විය. එ් වන විටත් ඉන්දීය ජයග්‍රහණය සඳහා පන්දු 40ක දී ලකුණු 69ක් ලබා ගත යුතු විය.

ශකීබ්ට හා නරුල්ට එරෙහිව තරග තීරකවරයා ක්‍රියාත්මක වේ

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් …

හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් පන්දු 8ක දී නොදැවී ලකුණු 29ක් ලබමින් නොසිතූ ජයග්‍රහණයකට මං පෙත් විවර කළ දිනේෂ් කාර්තික් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉන්දීය පිලේ ආරාධනයෙන් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ප්‍රබල පන්දු යැවීම හමුවේ පළමු පන්දුවාර 10 අවසානවේ දී කඩුලු 3ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 68ක් පමණි. පෙරමුණ අසාර්ථක වුන ද, මැද පෙළින් සබීර් රෙහ්මාන් පන්දු 50ක දී ලකුණු 77ක් රැස් කරමින් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා බංග්ලාදේශ පිල රැගෙන ගියේය.

මුහුණ දුන් 37 වැනි පන්දුවේ දී සිව්වැනි විස්සයි විස්ස අර්ධ ශතකය සපුරා ගත් රෙහ්මාන් ජදෙව් උනද්කට්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. රෙහ්මාන්ගේ ඉනිම ප‍්‍රධාන කොට අවසන් පන්දු 60 දී ලකුණු 98 ක් රැස් කර ගැනීමට බංග්ලාදේශ පිලට අවස්ථාව උදාවිය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් සහ ලිටන් දස් වේගවත් ආරම්භයක් එක් කිරීමට සමත් වුවත්, පන්දු 10ක් තුළ කඩුලු 3ක් දැවී යෑම නිසා අධිවේගී හෙවත් පවර් ප්ලේ පන්දුවාර 6 දී රැස්කරගත හැකි වූයේ ලකුණු 40ක් පමණි. කඩා වැටුණු ඉනිමට ජීවය දුන් මුෂ්ෆිකර් රහීම් සහ සබීර් රෙහ්මාන් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 31ක දී ලකුණු 35ක් එක් කළහ.

බංග්ලාදේශ බලධාරීන් කනගාටුව ප්‍රකාශ කරයි

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන්, පසුගිය සිකුරාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ …

අනතුරුව මහමුදුල්ලාට එක්වූ රෙහ්මාන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25ක දී ලකුණු 36ක් ලබා බංග්ලාදේශ කණ්ඩායම ඉහළට එසවූහ. පන්දු 16ක දී ලකුණු 21ක් රැස්කරගෙන සිටි මහමුදුල්ලා අනවශ්‍ය ලෙස කඩුලු අතර දිව යෑමට ගොස් දුවද්දී දැවී යෑමකට හසු නොවන්නට තරගයේ වැඩි වාසි බංග්ලාදේශ පිල සතු වනවා නොඅනුමානය.

දඟපන්දු යවන්නෙකු ලෙස කැපී පෙනුණු යුෂ්වේන්ද්‍ර චෙහල් සිය පන්දුවාර 4 දී ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවාගෙන බංග්ලාදේශ පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය. චෙහල්ගේ පීඩනයෙන් අනගි ප්‍රයෝජන ගත් වොෂිංටන් සුන්දර් එක් කඩුල්ලක් පමණක් දවා ගත්ත ද, තම පන්දුවාර 4 දී ලකුණු 20ක් පමණක් ප‍්‍රතිවාදීන් හමුවේ ලබා දී තිබුණි. තරගාවලිය පුරාම පන්දු යවන්නකු ලෙස දක්වන ලද දස්කම් හේතුවෙන් වොෂින්ටන් සුන්දර් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

බංග්ලාදේශය පන්දුවාර 20 දී 166/8: සබීර් රෙහ්මාන් 77, තමීම් ඉක්බාල් 15, ලිටන් දාස් 11, මහමුදුල්ලා 21, මෙහෙදි හසන් 19, යුෂ්වේන්ද්‍රන් චෙහල් 18/3, ජදේව් උන්ද්කට් 33/2, වොෂිංටන් සුන්දර් 20/1*

ඉන්දියාව පන්දුවාර 20 දී 168/6: රෝහිත් ෂර්මා 56, කේල් රාහුල් 24, මනීස් පාන්ඬේ 28, විජේ ශංකර 18, දිනේෂ් කාර්තික් 29*, ශිකර් ධවාන් 10, රුබෙල් හොසේන් 35/2, ශකීබ් අල්හසන් 28/1, නස්මුල් ස්ලාම් 32/1, මුස්ටෆිසූර් රෙහ්මාන් 21/1, සෞම්‍ය සර්කාර් 33/1*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<