කළණගේ කඩුලු ත්‍රිත්වයෙන් වැඩි වාසිය සාන්ත තෝමස් කණ්ඩායමට

1034
Royal College vs St Thomas College

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අතීතයකට හිමිකම් කියන මෙරට පැරණිතම පාසල් ක්‍රිකට් සංග්‍රාමය වන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සංග්‍රාමයේ 139 වන දිග හැරුම අද (9) කොළඹ එස්. එස්. සී පිටියේ දී සනිටුහන් විය.

ඩයලොග් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාල නායක පසිඳු සූරියබණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළේය.

139 වන නිල් මහා සටනේ ජය කාට හිමිවෙයි ද?

මෙම තරග වාරය පුරාවට හොඳින් ලකුණු අතර සිටි කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පළමුව පිටියට පිවිසි දුලිත් ගුණරත්න හා ශලින් ද මෙල් රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු කඩුල්ල සඳහා ලකුණු 27ක සබඳතාවයක් ගොඩනංවන ලදි. සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 16ක් ලබා සිටි දුලිත්, කමිල් මිශාරගේ පන්දුවකට දැවී ගියේය.

අනතුරුව ශලින් හා පිටියේ එක්වූ කිශාන් මුණසිංහ රාජකීය පන්දු යවන්නන් හමුවේ හැකි උපරිමයෙන් ලකුණු එකතු කිරීමට වෑයම් කළත්, රාජකීය විද්‍යාල පන්දු යවන්නන් ආක්‍රමණශීලී ලෙස පන්දු යැවූ නිසාවෙන් එය එතරම් පහසු කටයුත්තක් නොවීය. 4 පහර 3ක් සමඟ ලකුණු 15ක් ලබා සිටි ශලින්, මනුල යැවූ පන්දුවකට ඔහු වෙතටම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ සාන්ත තෝමස් විද්‍යාලයට යම් පීඩනයක් එක් කරමිනි. කෙසේ නමුත් නායක ඩෙලන් පීරිස් හා කිශාන් දිවා ආහාරය සඳහා තරගය නවතා දමන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය.

දිවා ආහාරයට පසුව තරගය ආරම්භ වන විට සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 52ක් ලබාගෙන සිටියේය. ඩෙලන් හා කිශාන් යන දෙදෙනාම මනුල පෙරේරාගේ දක්ෂ පන්දු හමුවේ පිළිවෙළින් ලකුණු 12කට හා ලකුණු 13කට දැවී ගියේ සාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු 4ක් රාජකීය විද්‍යාල පන්දු යවන්නන්ට පරිත්‍යාග කරමිනි.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක යම් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට වමතින් පිත්ත හසුරුවන සිතාර හපුහින්න හා මන්තිල විජේරත්න සමත් විය. එම සබඳතාවය නිමා කරමින් 4 පහර 4ක් සමඟ ලකුණු 36ක් ලබාගෙන සිටි සිතාර, කවිඳු පතිරත්නගේ පන්දුවකට 2nd ස්ලිප් කලාපයේ රැඳී සිටි ගයාන් දිසානායක අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

4 පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටි මන්තිල විජේරත්න, මනුල පෙරේරා එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් ක්‍රීඩාගාරය වෙත හැරී යන විට සාන්ත තෝමස් විද්‍යාල ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 128ක් ලෙස දැක්විය.

තේ පානයෙන් පසුව තරගය ආරම්භ වන විට සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කඩුල්ලේ රැඳී සිටි මනීශ රූපසිංහ හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කළණ පෙරේරා 7 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 21ක සබඳතාවයක් එක් කළ පසුව වමතින් පන්දු යවන මනුල පෙරේරාගේ පන්දුවකට ලකුණු 13ක් ලබා සිටි  කළණ පෙරේරා දැවී ගියේ මනුලගේ කඩුලු 5 සම්පූර්ණ කරමිනි.

අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලයේ 9 වන කඩුල්ල දුවද්දී දැවී යාමෙන් පසුව ඔවුන් සිය පළමු ඉනිම ලකුණු 166කට අත්හිටුවීමට තීරණය කළේය. දක්ෂ ලෙස පන්දු යැවූ මනුල පෙරේරා කඩුලු 5යි.

බංග්ලාදේශය පරදා ඉන්දියාව හිස ඔසවයි

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වන ලද නීරස පිතිහරඹයත්, අනුකම්පා

රාජකීය විද්‍යාලය වෙනුවෙන් පිටියට පිවිසි භාග්‍ය දිසානායක හා ගයාන් දිසානායක හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට වමතින් වේගපන්දු යවන කළණ පෙරේරා ඉඩ ලබා දුන්නේ නැත. ඔවුන් දෙදෙනාම පිළිවෙළින් එක් ලකුණකට හා ලකුණු 6කට දැවී ගියහ.

අනතුරුව පිටියට පිවිසි කමිල් මිශාර ද කළණගේ පන්දුවකට දැවී ගියේ රාජකීය විද්‍යාලයට වැඩි පීඩනයක් ලබා දෙමිනි. තරගයේ පළමු දිනය අවසන් වන විට රාජකීය විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 133ක් පසුපසින් සිටියි. දක්ෂ ලෙස පන්දු යැවූ කළණ කඩුලු 3යි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 166/9d (64.3): සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 5/43.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 33/3 (15): කවිඳු මදරසිංහ 13*, කළණ පෙරේරා 3/16.

139 වන වරටත් පැවැත්වෙන රාජකීය – සාන්ත තෝමස් ක්‍රිකට් සංග්‍රාමයේ දෙවන දිනය හෙට (10) පැවැත්වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා මෙන්ම ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 හා MY TV ඔස්සේ ද සජීව ලෙස නැරඹිය හැක. තරගයේ තොරතුරු, ඡායාරූප එසැනින් ඔබ වෙතට ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<