කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මාර්තු මාසයේ සිට පාසල් රග්බි පිටිය උණුසුම්

මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 3ක් යටතේ පාසල් 87කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර එය ලබන මාර්තු සිට ලබන ජුනි දක්වා පැවැත්වෙනු ඇත.
තරගාවලියේ තිබෙන උද්වේගකරම තරග කාණ්ඩය වන A කාණ්ඩය යටතේ පාසල් 12ක් මෙවර ශූරතා කුසලාන සඳහා තරග කරනු ලබයි. එසේම ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පවසන පරිදි ලබන මාර්තු මස 9 වැනිදා ආරම්භ වන මෙම පාසල් රග්බි සැණකෙළිය මාර්තු 29-31 දක්වා මෙන්ම අප්‍රේල් 13 සහ 14 යන දිනවල දී පමණක් නොපැවැත්වේ. ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිසාවෙනි.
සම්පූර්ණ වාර්තාව: පාසල් රග්බි ශූරයෝ මාර්තු සිට සටනට සීරුවෙන්
නාලන්ද ක්‍රීඩකයෝ ප්‍රථම ජය සමරති

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (43.3) විහාන් ගුණසේකර 51, මුදිත ලක්ෂාන් 57, චමිඳු විජේසිංහ 4/21, උමේෂ්ක ඩිල්ශාන් 4/22
නාලන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (63.1) අවිශ්ක පෙරේරා 33, රනිඳු ද සිල්වා 24, චමෝද් විජේසිංහ 28, ලක්ෂිත රසාංජන 33, සුහඟ විජේවර්ධන 126, රුසිරු ද සිල්වා 20, සඳරු චන්දිත 2/35, මෙතුශාන් කුමාර 5/68, සඳරු චන්දිත 2/34
ඩී. එස්. සේනානායක විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (39.5) තුවින් ලක්ෂාන් 40, ටිරෝන් බාස්කරන් 21, රවීන් ද සිල්වා 3/24, කවීෂ් මධුරප්පෙරුම 3/28, උමේෂ්ක ඩිල්ෂාන් 2/20, චමිඳු විජේසිංහ 2/25
සම්පූර්ණ වාර්තාව: නාලන්ද ක්‍රීඩකයින් නපුරු තරගයේ දී පළමු ජය ලබයි
සංගා නැවතත් විස්සයි විස්සකට

පෙබරවාරි 6 වැනිදා ආරම්භ වන මෙම ක්‍රිකට් තරගාවලිය පළමු වරට පැවැත්වුණේ 2016 වර්ෂයේ දී වන අතර එය මෙවර පැවැත්වෙන්නේ තෙවන වරටයි. පසුගිය වසරේ (2017) දී ශූරතාවය දිනා ගත්තේ කව්ලූන් කැන්ටුන්ස් කණ්ඩායම විසිනි.
සම්පූර්ණ වාර්තාව: සංගක්කාර තවත් විස්සයි විස්සකට සූදානම්





















