කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
චානකගේ ශතකයෙන් ලංකන් ඉස්සරහට

ඉන් එක් තරගයක දී, මග්ගොන සරේ ගම්මාන පිටියේ දී කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළේය.
එහි දී ලංකන්ස් කණ්ඩායම වෙනුවෙන් එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට පිළිවෙළින් චානක රුවන්සිරි, මදුරංග සොයිසා, හා ලක්ෂාන් රොද්‍රිගෝ යන ක්‍රීඩකයන් සමත් විය. ඒ අතුරෙන් ආරම්භක පිතිකරු වන මදුරංග, 4 පහර 10ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නා ලදි.
ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 349/10 (70): චානක රුවන්සිරි 120*, මදුරංග සොයිසා 74, ලක්ෂාන් රොද්‍රිගෝ 53, ගීත කුමාර 43, ලක්ෂාන් ප්‍රනාන්දු 3/69, බුද්ධික සඳරුවන් 3/81.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 8/0 (1.1):
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 97/1 (30.1): ශ්‍රියාන් අනුරුද්ධික 38*, ප්‍රවීන් ප්‍රනාන්දු 30, අකීල් ඉන්හාම් 27*.
සම්පූර්ණ වාර්තාව: බාධා හමුවේ නොසැලුණු චානක ශතකයකට
දැල්පන්දුවේ වගකීම් අලුත් අයෙක්ට

මෙම පත් කිරීම සම්බන්ධව දැල්පන්දු පුහුණුකාරිත්වයට අයැදුම් කර තිබූ අනෙක් අයදුම්කරුවන් වන සෝමිතා ද අල්විස් හයසින්ත් විජේසිංහ යන අය විසින් මෙම තෝරා ගැනීම සඳහා වන පරීක්ෂණය නිසි ආකාරව නොපවත්වන බව පවසා යම් විරෝධතාවක් එල්ල කර තිබුණි. නමුත් මෙම තේරීම් සිදු කළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානි වූ මිල්ටන් අමරසිංහ මහතා ඔවුන්ගේ චෝදනාවලට සාර්ථකව මුහුණ දෙමින් එම සම්මුඛ පරීක්ෂණය නිසි ක්‍රමවේදයට අනුව පවත්වා ඇත.
සම්පූර්ණ වාර්තාව: දැල්පන්දුවේ පුහුණුකාරිත්වයට නව මුහුණක්





















