2017 රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලියේ, අද (2) නිමා වූ අවසන් පූර්ව වටයේ දී, යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 61-58ක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජය ද, පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 50-34ක් ලෙස පරාජය කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
ආසියානු යොවුන් දැල්පන්දු බල ඇණියේ නායකත්වය නදීට
දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත තුන් වන ආසියානු දැල්පන්දු තරගාවලිය නියෝජනය කිරීමට සැරසෙන..
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය
පළමු කාර්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පොලිස් ක්‍රීඩිකාවන් හමුවේ යම් පසුබෑමකට ලක්ව සිටි අතර, එම කාර්තුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 11-07ක් ලෙස ජයග්‍රහණය කරන ලදි.
පොලිස් ක්‍රීඩිකාවෝ ප්‍රථම කාර්තුවේ දී ක්‍රීඩා කළ ආකාරයටම දෙවන කාර්තුව ද ක්‍රීඩා කළ නමුත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තම ක්‍රීඩා විලාසය හාත්පසින්ම වෙනස් කරමින් ලකුණු 14-07ක් ලෙස එම කාර්තුවේ දී පෙරමුණ ගන්නා ලදි. එහි දී ප්‍රමිකා දිල්රුක්ෂිගේ හා දුලංගා ධනංජිගේ දක්ෂ ක්‍රීඩා විලාසය කැපීපෙනුනි. කාර්තු දෙකම නිමා වෙද්දී ලකුණු 25-14ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් පසුවූහ.
තෙවැනි කාර්තුවේ දී ද පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 7ක් රැස්කර ගන්නා විට, ගුවන් හමුදාව ලකුණු 15ක් ලබා ගත්තේ, තම ආධිපත්‍යය තවදුරටත් තර කරමිනි. හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකා චතුරාංගනී ජයසූරිය හා තිවංකා පෙරේරා විසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම අර්ධයේ දී ලකුණු රැස්කරන විට, දුලංගා විසින් ලකුණු 9ක් ගුවන් හමුදා කණ්ඩායමට එක් කරන ලදි.
සිව්වන කාර්තුවේ දී ලකුණු 10-13ක් ලෙසින් ගුවන් හමුදා කණ්ඩායම අභිබවා යාමට පොලිස් ක්‍රීඩා සමාජයට හැකි විය. එහි දී මේනුකා දිල්රුක්ෂි පොලිස් කණ්ඩායමට ලකුණු 11ක් එක් කළාය. නමුත් එම අර්ධයේ ප්‍රතිඵලය අවසන් තරග ප්‍රතිඵලය වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවීය.
දක්ෂ ලෙස ක්‍රීඩා කළ දුලංගා ලකුණු 31ක් ලබා ගත්තේ මෙම තරගය තුල වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව බවට පත්වෙමිනි.
අවසානයේ 50-34ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය හිමි විය. (11-7, 14-7, 15-7, 10-13).
යුද හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය
පළමු කාර්තුව තුල ලකුණු 10-17ක් ලෙස පෙරමුණ ගැනීමට නාවික ක්‍රීඩිකාවෝ සමත් වූහ. එම කාර්තුවේ වූ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම කනපිට හැර වූ යුද හමුදා ක්‍රීඩිකාවන් පළමු කාර්තුවේ වූ අඩුපාඩු මඟ හරවා ගනිමින් දෙවන කාර්තුවේ දී ලකුණු 17-13ක් ලෙස පෙරමුණ ගත්තේ, තරගය වඩාත් උණුසුම් කරමිනි. එම කාර්තුව අවසන් වන විට 27-30ක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජය පෙරමුණේ පසුවිය.
විවේකයෙන් පසුව ආරම්භ වූ තෙවන කාර්තුවේ දී නාවික හමුදා කණ්ඩායමේ දුර්වලතා මනාව ප්‍රයෝජනයට ගනිමින්, උපක්‍රමශීලීව හා අවබෝධයෙන් යුතුව ක්‍රීඩා කළ යුද හමුදා ක්‍රීඩිකාවන්, එම අර්ධය තුල දී ලකුණු 20ක් ලබා ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 11ක් ලබා දෙමිනි. කාර්තුව අවසානයේ දී ලකුණු 47-41ක් ලෙස යුද හමුදා කණ්ඩායම ඉදිරියෙන් පසුවිය.
සිව්වන කාර්තුව සඳහා අවතීර්ණ වූ නාවික හමුදා කාන්තාවන් යුද හමුදා ක්‍රීඩා සමාජයට එදිරිව තියුණු තරගයක් ලබා දී ලකුණු 14-17ක් ලෙස පෙරමුණ ගත් අතර, තරගය අවසානයේ ලකුණු 61-58ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට






















