“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් පනාගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී ලංකන් ක්‍රිකට් සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර ඊයේ (26) ආරම්භ විය.
පසුගිය ලිපි: මදුරංග සොයිසා ශතකයකින් දිනය වර්ණවත් කරයි
එහි කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කල අතර, තරගයේ දෙවන දිනය අවසානයේ දි තම පළමු ඉණිම ක්‍රීඩා කරන කළුතර භෞතික සංස්කෘතික සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබාගෙන සිටින ලදී.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම ආරම්භ කල කළුතර භෞතික සංස්කෘතික සමාජය වෙනුවෙන් දෙවන දිනය අවසානයේ වැඩිම ලකුණු ලාභියා වීමට පන්දුවෙන් ද දස්කම් දැක්වූ, රසික ප්‍රනාන්දු සමත් වූ අතර, ඔහු 4 පහර 6ක් හා එක් 6 පහරක් සමගින් නොදැවී ලකුණු 53ක් ලබා ගන්නා ලදි. ලකුණු 30කට කඩුලු 3ක් දැවී, කළුතර භෞතික සංස්කෘතික සමාජ පළමු ඉණිම යම් අගාධයකට වැටී තිබූ අවස්ථාවේදී සිව්වන කඩුල්ල සඳහා ලකුණු 35ක සබඳතාවයක් ගොඩනැංවීමට දමිදු අශාන් හා (28) හා රසික ප්‍රනාන්දු (53*) සමත් විය. ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් නවීන් කවිකාර ලකුණු 45කට කඩුලු 3ක් දවාලන ලදි. සවස් කාලයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ දෙවන දිනය සවස 4ට පමණ අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.
ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 428 (පන්දුවාර 109.3): මදුරංග සොයිසා 127, චරිත් ප්‍රනාන්දු 104, ලක්ෂාන් රොද්‍රිගෝ 68, රජීව වීරසිංහ 24, තරිදු සිල්වා 3/108, ෆහාඩ් බාබර් 2/49, රසික ප්‍රනාන්දු 2/56
කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 107 (පන්දුවාර 37): රසික ප්‍රනාන්දු නොදැවී 53, දමිදු අශාන් 28, නවීන් කවිකාර 3/45
කළුතර භෞතික සංස්කෘතික සමාජය ලංකන් ක්‍රිකට් සමාජයේ පළමු ඉණිමට වඩා ලකුණු 321ක් පසුපසින් පසුවෙයි.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට





















