සාන්ත පීතර විද්‍යාලයට පූර්ණ තරග ජයග්‍රහණයක්

1241
Singer U19 Cricket October 1st Roundup

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය යටතේ අද (01) පැවති තරග අතුරින් සාන්ත පීතර විද්‍යාලය පමණක් පූර්ණ තරග ජයග්‍රහණයක සාඩම්බර හිමිකරුවන් බවට පත් වීමට වාසනාවන්ත විය. අනෙක් තරග වලදී සාන්ත ජෝසප්, ත්‍රිත්ව සහ සාන්ත සෙබස්තියන් විද්‍යාල ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන ලදී.

පසුගිය ලිපි: ආනන්ද – ඉසිපතන ක්‍රිකට් සටන ජය පරාජයෙන් තොරයි

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ඇන්තනි විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වුනු මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 131ක දැවැන්ත ජයග්‍රහණයක් සාන්ත පීතර විද්‍යාලයට හිමි විය. ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වගකීම භාරගන්නට සාන්ත පීතර විද්‍යාලයේ නායකයා තීරණය කලේය. ඒ අනුව සාර්ථක පිතිකරණයක නියැලුණු ඔවුහු පන්දුවාර 53කට මුහුණ දෙමින් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 339ක් රැස් කර සිටියදී සිය ඉනිම අත් හිටුවන්නට තීරණය කළහ

ඊයේ දිනයට තරගය නතර කරන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ඇන්තනි පිතිකරුවන් ලකුණු 32කට කඩුලු 5ක් බිඳ වැටී අවදානම් තත්වයක පසු වූහ. එම අවදානම තරග පරාජයකට දමන අත්තිවාරමක් බවට පත්කරමින් අද උදෑසන ඇන්තනි පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 114කට දැවී ගියේය. රුක්ෂාන් රොද්‍රිගෝ පමණක් අර්ධ ශතකයක් රැස් කරද්දී සාන්ත ඇන්තනි ඉනිම අසරණ කල සන්තුෂ් ගුණතිලක සහ චතුර ඔබේසේකර කඩුලු 4 බැඟින් බිඳ හෙලූහ.

සාන්ත පීතර ප්‍රථම ඉනිම අසලටවත් එන්නට සාන්ත ඇන්තනි විද්‍යාලයට නොහැකි වූ බැවින් ඔවුන්ට දෙවැනි ඉනිම සඳහා නැවත පිතිකරණයේ යෙදෙන්නට සිදු විය. එහිදී නැවතත් අසාර්ථක පිතිකරණ ශෛලියක් පෙන්නුම් කළ ඔවුන් සියලු දෙනාම ලකුණු 94ක් තුල දැවී ගියේය. නැවතත් ක්‍රියාත්මක වූ සන්තුෂ් ගුණතිලක කඩුලු 3ක් බිඳ හෙලද්දී මොහොමඩ් අමීන්, ඇන්තනි කඩුලු 4කට වග කියමින් ඉනිම සුනු විසුණු කර දැමූහ. ඒ අනුව සාන්ත ඇන්තනි විදුහල පරදවමින් දැවැන්ත ජයග්‍රහණයක හිමිකරුවන් බවට පත් වන්නට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

සාන්ත පීතර විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 339 (පන්දුවාර 53)

ලක්ෂින රොද්‍රිගෝ 82, මනෙල්ක ද සිල්වා 71, රන්මිත් ජයසේන 69*, අනිෂ්ක පෙරේරා 58, අරින්ද චතුරංග 2/63.

සාන්ත ඇන්තනි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 78.1)

රුක්ෂාන් රොද්‍රිගෝ 54*, සන්තුෂ් ගුණතිලක 4/02, චතුර ඔබේසේකර 4/23.

සාන්ත ඇන්තනි විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 94 (පන්දුවාර 46.3)

අවිශ්ක තරිඳු 37, සන්තුෂ් ගුණතිලක 3/10, මොහොමඩ් අමීන් 4/42, මනෙල්ක ද සිල්වා 2/12.


සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

ජෝසප් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැති තරමක් අඩු ලකුණු වාර්තා වූ තරගයක් බවට පත්වූ මෙම තරගයේදී ජෝසප් විද්‍යාලයට පූර්ණ තරග ජයග්‍රහණයක් කරා යාම සඳහා අවශ්‍ය වූයේ තවත් කඩුලු 2ක් පමණි. නමුත් කල් වේලා ප්‍රමාණවත් නොවූ නිසා ඔවුන්ට ප්‍රථම ඉනිමේ ජයකින් සෑහීමකට පත්වන්නට සිදුවිය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සර්වේසස් නායකයා සාන්ත සර්වේසස් විද්‍යාලයට ආරාධනා කළේ සිය විදුහල් ක්‍රීඩා පිටියේදී ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදෙන ලෙසයි. ඒ අනුව ඔවුන් සියලු දෙනාම දැවී ලකුණු 148ක් රැස් කළහ. හරීන් කුරේ ලකුණු 37ක් වාර්තා කරද්දී දක්ෂ පන්දු යැවීමක නිරත වුනු ශශික දුල්ෂාන් ලකුණු 56කට ජෝසප් පිතිකරුවන් 5 දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සර්වේසස් පිතිකරුවන් ලකුණු 60කට කඩුලු 6ක් දැවී අසීරු තත්වයක පසුවිය. අද උදෑසන කාලයේදීම ඔවුන්ගේ ඉතිරි කඩුලු 4ත් ලකුණු 24ක් තුල බිඳ හෙලන්නට ජෝසප් පන්දු යවන්නන් සමත් විය. රුචිර ඒකනායක කඩුලු 4ක් දවා ගනිද්දී ජෙහාන් හා හරීන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

දෙවන ඉනිම වෙනුවෙන් ජෝසප් පිතිකරුවෝ කඩුලු 8කට ලකුණු 173ක් ලබා සිටියදී සිය ඉනිම අත් හිටවූහ. එහිදී තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් රැස් කල ලකුණු 76 කැපී පෙනුණි.

තම දෙවන ඉනිම සඳහා නැවතත් පිටියට පිවිසි සර්වේසස් පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 174ක් ලබා සිටියහ. ජෝසප් ක්‍රීඩකයින්ට පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉඩ නොදුන් මුදිත හෂාන් නොදැවී ලකුණු 96ක් රැස් කරමින් තම පාසලේ ගෞරවය වෙනුවෙන් ප්‍රශංසනාත්මක ඉනිමක නිරත විය. ඔහුගේ මෙම උත්සාහය නිසාම ජෝසප් විද්‍යාලයේ හරීන් කුරේ දෙවැනි ඉනිමේ කඩුලු 6ක් දවා ගනිමින් දැක්වූ සුපිරි දක්ෂතා වලින් නිසි ඵල නෙලාගන්නට ඔවුන්ට නොහැකි විය.

සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 56.3)

හරීන් කුරේ 37, ටශාන් පෙරේරා 26, නිපුන සුමනසිංහ 22, ශශික දුල්ෂාන් 5/56.

සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 40.5)

ඉසුරු උදයංග 21, රුචිර ඒකනායක 4/21, ජෙහාන් ඩැනියෙල් 2/45, හරීන් කුරේ 2/14.

සාන්ත ජෝසප් (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 173 (පන්දුවාර 36.3)

ජෙහාන් ඩැනියෙල් 76, පහන් පෙරේරා 28, ශෙවෝන් ෆොන්සේකා 24, දිනෙත් සංජය 21, තිලාන් ප්‍රශාන් 3/42.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 174 (පන්දුවාර 57)

මුදිත හෂාන් 96*, සුපුන් කවින්ද 28, සඳරු නෙත්මිණ 24, හරීන් කුරේ 6/42.


ධර්මපාල විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වූ මෙම තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවූ අතර පළමු ඉනිමේ ජය ත්‍රිත්ව විද්‍යාලය සතු විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ධර්මපාල පිතිකරුවන් සියල්ලන්ම දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 113කි. ධර්මපාල ඉනිම වැනසූ ශම්මුගනාදන් ශැනුගීත් අති දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 45කට ධර්මපාල කඩුලු 6ක් දවා ගන්නට සමත් විය.

පිලිතුරු ඉනිම ලෙස ත්‍රිත්ව විද්‍යාලය රැස් කල ලකුණු ගණන 127කි. ඊයේ දිනයේදී පන්දුවෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කළ ශම්මුගනාදන් මෙවර පිත්ත අතට ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 30කි. ඔහුගේ මෙම ඉනිම ත්‍රිත්ව විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක් ගෙන දෙන්නට බොහෝ සෙයින් උපකාරී විය. පන්දු යැවීමේදී ධර්මපාල විද්‍යාලයේ ඩිල්ශාන් ද සිල්වා (6/25) සහ චමින්ද සමරසිංහ (4/23) ත්‍රිත්ව විද්‍යාලයේ කඩුලු 10ටම වග කියන්නට සමත් විය.

දෙවැනි ඉනිම වෙනුවෙන් ධර්මපාල විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබා සිටියදී ඉනිම අත් හිටවූ අතර එයට ප්‍රතිචාර වශයෙන් දිනය නිමාවන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටියහ.

ධර්මපාල විද්‍යාලය ලකුණු 113 (පන්දුවාර 42)

අවිශ්ක හසරින්ද 27, මහිම වීරකෝන් 25, ගිහාන් පෙරේරා 16, ශම්මුගනාදන් ශැනුගීත්  6/45, විමුක්ති නෙතුමාල් 2/09.

ත්‍රිත්ව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 32.4)

ශම්මුගනාදන් ශැනුගීත් 30, ත්‍යාගරාජන් භානුගෝබන් 24, ඩිල්ශාන් ද සිල්වා 6/25, චමින්ද සමරසිංහ 4/23.

ධර්මපාල විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 168 (පන්දුවාර 45)

අවිශ්ක තරිඳු 76, දුලාජ් එගොඩගේ 34, විමුක්ති නෙතුමාල් 3/30, ශම්මුගනාදන් ශැනුගීත් 2/62.

ත්‍රිත්ව විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 3ක් දැවී ලකුණු 44 (පන්දුවාර 9).


සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය

සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සෙබස්තියන් පිතිකරුවන් සියල්ලන්ම දැවී ලකුණු 295ක් ලබා ගැනීමට සමත් විය. සෙබස්තියන් ඉනිම ගොඩ නැගූ නිමේෂ් බණ්ඩාර ලකුණු 83ක් රැස් කළේය. ගිහාන් විතාරණ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 95කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.

ඊට පිලිතුරු ලෙස ධර්මරාජ විද්‍යාලයට රැස් කරගත හැකි වූයේ ලකුණු 182ක් පමණි. සචින්ත සේනානායක අර්ධ ශතකයක් වාර්තා කරද්දී ධර්මරාජ ඉනිම අඩපණ කළ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4ක් බිඳ දැමුවේය.

දිනය නිමා වන විට නැවතත් සිය දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිස සිටි ධර්මරාජ පිතිකරුවෝ කඩුලු 4ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියහ. දේශාන් ගුණසිංහ ලකුණු 54යි. මුල් ඉනිමේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් හිමිවිය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 295 (පන්දුවාර 76.5)

නිමේෂ් බණ්ඩාර 83, නුවනිඳු ප්‍රනාන්දු 49, ප්‍රශාන් ප්‍රනාන්දු 49, විසිත අභිලාෂ් 45, ගිහාන් විතාරණ 5/95, රුක්මාල් දිසානායක 3/94.

ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 71.5)

සචින්ත සේනානායක 51, දේශාන් ගුණසිංහ 35, නිවන්ත හේරත් 37, ටශික් පෙරේරා 2/40, ප්‍රවීන් ජයවික්‍රම 4/45, නුවනිඳු ප්‍රනාන්දු 2/38.

ධර්මරාජ විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 115 (පන්දුවාර 50)

දේශාන් ගුණසිංහ 54.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

Thurstan v St.Josephs Live on ThePapare.com