15න් පහල ක්‍රිකට් තරග කිහිපයකට වැස්සෙන් බාධා

347
U15 Schools cricket round up - 1

වයස අවුරුදු 15 න් පහළ පළමු කාණ්ඩයේ තරගාවලිය පසුගිය සතියේ ආරම්භ විය. එහි තරඟ කිහිපයක් පසුගිය දින වලදී පැවැත්විණි.

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය දෙහිවල එස්. . එස්. ජයසිංහ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය සාන්ත ‍ජෝන් විද්‍යාලයට පන්දුවට පහරදීමට ඇරියුම් කරන ලදි. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබාගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉණිම = 60/10 (30.5) ඔසඳ වරාවිට ලකුණු 22

පන්දු යැවීමේ දී තරුෂ ඉමේෂ් ලකුණු 6 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම = 110/10 (26.5) ඉමන්ත ෂෙහාන් ලකුණු 28, කෙමිර නයනතරු ලකුණු 27

පන්දු යැවීමේ දී ප්‍රමුදිත විහාර ලකුණු 23 කට කඩුලු 8 ක් දවාලීමට සමත් විය.

සාන්ත ජෝන් විද්‍යාලය දෙවන ඉණිම = 112/2 (41) සෙල්වකුමාර ලකුණු 74*


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කවිදු නදීශාන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා පළමු ඉණිමේ ජයක් ලබාගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

ධර්මාශෝක විද්‍යාලය =185/7 dec (46) තාරක සිල්වා ලකුණු 95, තනුල ගුණරත්න ලකුණු 27

පන්දු යැවීමේ දී නවීන් ලක්ෂාන් ලකුණු 18 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

දේවපතිරාජ විද්‍යාලය පළමු ඉණිම =129/10 (30.4) සුධීර වීරරත්න ලකුණු 38, ඉශංක ප්‍රබෝද් ලකුණු 36

පන්දු යැවීමේ දී ලකුණු 45කට කඩුලු 7 ක් දවාලීමට කවිදු නදීශාන් සමත් විය.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම =53/8 (13) කවිදු නදීශාන් ලකුණු 16යි.  

චාමික සඳරුවන් ලකුණු 20 කට කඩුලු 4ක් දවාලන ලදි.


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

මෙම තරගය J කාණ්ඩයේ තරඟයක් ලෙස ධර්මරාජ විද්‍යාල පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමා විය.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම = 260/9 (65) දුලාජ් බණ්ඩාර ලකුණු 84, ශම්මික විජේසිංහ ලකුණු 46යි පන්දු යැවීමේ දී ලකුණු  55කට කඩුලු 3ක් දවාලීමට බුද්ධිම සේනානායක සමත් විය.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම = 78/6 (43) පන්දු යැවීමේ දී උප්‍රේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 31කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.


පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාල පිටියේ පැවැත්විණි. තරිදු චන්දිම අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත විය. මෙම තරගයේ දී පළමු ඉණිම ජයග්‍රහණය කිරීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය.

ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ඉණිම = 237/9 (61.4) හර්ෂන ප්‍රනාන්දු ලකුණු 60, ග්‍රාන්ද සිල්වා ලකුණු 53, රවිජය ජයමාන්න ලකුණු 39යි.

රශ්මික මෙවන් ලකුණු 75කට කඩුලු 6 ක් දවාලීමට සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම = 241/4 (39) තරිදු චන්දිම ලකුණු 114*, දහම්පත් දැරණියගල ලකුණු 27 යි.


කේරි විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය දෙමටගොඩ දුම්රිය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟය වර්ෂාව නිසා අත්හිටුවීමට තීරණය කරන ලදි.

කේරි විද්‍යාලය පළමු ඉණිම = 159/5 (56.3) දිමේෂ් සැමුවෙල් ලකුණු 53*, ඩොවින් විතාන ලකුණු 38යි.

සවිරු පීරිස් ලකුණු 21 කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය පිතිකරණයේ නිරත නොවීය.


කොළඹ වෙස්ලි විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වෙස්ලි විද්‍යාල පිටියේදී පැවැත්විණි. වර්ෂාවෙන් බාධා පැමිණි නිසා තරඟය අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම = 172/6 (65) දෙනුවන් මෙන්ඩිස් ලකුණු 65, අනුජිත් වික්‍රමසිංහ ලකුණු 35යි. මනුල පෙරේරා ලකුණු 43කට කඩුලු 2ක් දවාලන ලදි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම = 3/0 (2.3)


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරඟය විසදුමකින් තොරව නිමා විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම = 104/10 (46.5) පසිදු පැතුම් ලකුණු 36*,

යසිත් හිරුවින්ද ලකුණු 11 කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

ආනන්ද විද්‍යාලයට පන්දුවට පහරදීමට නොහැකි විය.


ශ්‍රී චන්ද්‍රජෝති මධ්‍ය විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිමේ ජයක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලය පළමු ඉණිම = 64 (24.3) කල්හාර වීරසිංහ ලකුණු 21යි.

පන්දු යැවීමේ දී ලකුණු 5 කට කඩුලු 5 ක් දවාලීමට තිසිර වීරසිංහ සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම = 125/7 (16.2) ජයවිහාන් මහවිතාන ලකුණු 27, බවන්ත ජයසිංහ ලකුණු 26 හෂාන් වීරහංගල ලකුණු 13 කට කඩුලු  2ක් දවාලීමට සමත් විය.


මරඳාන සාන්ත ජෝශප් විද්‍යාලය හා සී. ඩබ්. ඩබ්. කන්නංගර මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය දි‍නෙත් ජයකොඩි ගේ තුන් ඉරියව් දක්ෂතා නිසා සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය පළමු ඉණිම = 137/10 (44.3) ගිම්හාන තීක්ෂණ ලකුණු 32, විභූති උෂාන් ලකුණු 23යි.

ලකුණු 16 කට කඩුලු 4 ක් දවාලීමට දිනෙත් ජයකොඩි සමත් විය.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම = 224/3 (31.1) ශිවාන් රාසූල් ලකුණු 84, දිනෙත් ජයකොඩි ලකුණු 80, ලක්ෂාන් ගමගේ ලකුණු 55*යි.

පන්දු යැවීමේ දී ලකුණු 73 කට කඩුලු 2ක් දවාලීමට හෂාන් වගආරච්චි සමත් විය.


කොළඹ අසෝක විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ද පළමු ඉණිමක ජයක් ලබාගැනීමට ද මැසොනොඩ් විද්‍යාලය සමත් විය.

අසෝක විද්‍යාලය පළමු ඉණිම = 104/10 (39.2) ලසිත විතානගේ ලකුණු 26, බිනරු රණසිංහ ලකුණු 24

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාර්ක් මැතියාස් ලකුණු 32 කට කඩුලු 6 ක් දවාලීමට සමත් විය.

මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම = 151/6 (32) dec සදීප නානායක්කාර ලකුණු 50, ෂෙනාල් මොරායස් ලකුණු 31යි. අවිශ්ක පෙරේරා ලකුණු 28 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

අසෝක විද්‍යාලය දෙවන ඉණිම = 98/7 (22) ටිෂාන් සේනානායක ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී ලකුණු 30 කට කඩුලු  4ක් දවාලීමට අසිත සිල්වා සමත් විය.