ආසියානු දැල් පන්දු ශූරතාවලියට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පුහුණු තරග කිහිපයක් පසුගිය 24 සහ 25 යන දිනයන්හි ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේදි පැවැත්විය. එහිදි 40 දෙනෙකු අතරින් අවසානයේ 18 දෙනෙකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයට හැකිවිනි. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් අනුව වයස අවුරුදු 30 වැඩි ක්‍රීඩිකාවන් සදහාත් සහභාගි විය හැකි සේ තේරීම් කටයුතු සිදු කර තිබිම විශේෂත්වයකි.
තෝරා ගත් 18 දෙනාගේ කණ්ඩායම ප්‍රධාන පුහුකරු දීප්ති අල්විස් මහත්මිය යටතේ පුහුණු වීමකින් අනතුරුව තායිලන්තයේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියට සහභාගී වන 12 දෙනාගේ සංචිතය නිර්මාණය වනු ඇත. මෙම ශූරතාවලිය ජුලි සම 30 වනදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
| විරාජි චමරිකා | ගයනි දිසානායක |
| දීපිකා දර්ශනි | ගයාත්‍රි කෞෂල්යා |
| සුරේකා කුමාරි | ශාමලි රත්නායක |
| ගයාංජලි අමරවංශ | පූර්ණිමා ලක්මාලි |
| තිළිණි වත්තේගෙදර | රුවනි යටිගම්මන |
| නදුනි ජයවීර | තිවංකා පෙරේරා |
| හසිතා මෙන්ඩිස් | දුලංගා දනංජි |
| කාංචනා ජයවීර | දර්ශිකා අබේවික්‍රම |
| ලක්මාලි බණ්ඩාර | සේමිණි අල්විස් |





















