කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 91 වැනි වරටත් පැවැති “Maurice J. Le Goc පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව නිමා වුනා.
ඒ අනුව මෙම තරගය මෙලෙසින් නිමා වූ 68 වැනි වාරය මෙයයි.
කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 243ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝසප් විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 240ක් ලබා සිටිය දී අත් හිට වූවා.
ලද අවසරයෙන් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර ක්‍රීඩකයන්ගේ ඉනිම එවර ලකුණු 168කට සීමා වෙන අතර ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 171ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය තරගය අවසන් වන විට ලබා සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 70ක් පමණයි.
තරගයේ අවසන් දිනය ක්‍රියාත්මක වෙන්නේ තම පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 150 ලබා සිටියදීයි. ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි සෙනුජ වකුණුගොඩ සහ යෙනුල දෙව්තුස සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 91ක් දක්වා රැගෙන ගියා.
දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ සෙනුජ වකුණුගොඩ. ඔහු දැවී යන විට පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.
යෙනුල දෙව්තුස ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 86ක් ලබා ගත්තා. ඔහු දැවී යන විට පන්දු 136කට මුහුණ දී සිටි අතර හතරේ පහර 8ක් ද ඒ තුළට එක් කර ගැනීමට සමත් වුනා.
ඔහු 5 වැනි කඩුල්ල වෙනුවෙන් රිශ්ම අමරසිංහ හා එක් වෙමින් ලකුණු 64ක සබඳතාවක් ද එක් කරනවා. රිශ්ම අමරසිංහ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ජොෂුවා සෙබස්තියන් ලකුණු 80කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ලශ්මික පෙරේරා කඩුලු 3ක් දවා ගත්තා.
- ජෝසප්වරුන්ගෙන් සටන්කාමී ආරම්භයක්
- සාන්ත පීතර විද්‍යාලය 176/7
- දෙවැනි කොටසේ Tier B ශූරතාව ගාල්ලේ විද්‍යාලෝකයට
- 91 වැනි සටනට සූදානම් වන සාන්තුවරයෝ
- රන් සටන මන්දගාමී වෙමින් විසඳුමක් නැති වෙයි
ලකුණු 3ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතරයන්ගේ ඉනිම වෙනුවෙන් නේතන් ඩේවින් පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා. ඔහු මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ සාන්ත පීතර විද්‍යාලයීය ඉදිරි පෙළ ක්‍රීඩකයෝ සිව් දෙනෙක් ම තනි ඉලක්කම් ලකුණු ලබා තම ඉනිම් හැර යෑමත් සමඟිනුයි.
කඩුලු 4ක් දැවී ලකුණු 30කට සීමා වී තිබූ ඔවුන්ගේ ඉනිමට 5 වැනි කඩුල්ලට ලකුණු 76ක් එක් කිරීමට ඔහු සමත් වුනා. ඒ ජේසන් ප්‍රනාන්දු සමඟ එක් වෙමින්. ජේසන් ප්‍රනාන්දු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.
ඊට අමතර ව එනෝෂ් පීටර්සන් පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මානස මදුභාෂණ ලකුණු 57කට කඩුලු 5ක් දවා ගත් ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නුශාන් පෙරේරා සහ යෙනුල දෙව්තුස කඩුලු ද්විත්වය බැගින් ද ඩේමියන් ද සිල්වා කඩුල්ලක් ද දවා ගන්නවා.
ජයග්‍රාහී ලකුණු 172ක් හඹා යෑමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයට තරගය අවසන් වන විට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 70ක් පමණයි.
එම ඉනිම වෙනුවෙන් අභිශේක් ජයවීර පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගත් අතර අවීශ සමාෂ් ද පන්දු17කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ජොෂුවා සෙබස්තියන් කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (93.3) ඩිලන දම්සර 44, නේතන් ඩේවිඩ් 29, අසදිස ද සිල්වා 38, ජොෂුවා සෙබස්තියන් 27, තරීන් සංකේත් 21, ලශ්මික පෙරේරා 58, මානස මදුභාෂණ 3/77, යෙනුල දෙව්තුස 2/58, නුශාන් පෙරේරා 2/50, ඩේමියන් ද සිල්වා 2/48
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 240 (72.3) අභිශේක් ජයවීර 23, අවීශ සමාෂ් 32, සෙනුජ වකුණුගොඩ 48, යෙනුල දෙව්තුස 86, රිශ්ම අමරසිංහ 27, ජොෂුවා සෙබස්තියන් 4/80, ලශ්මික පෙරේරා 4/64
- සාන්ත පීතර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 168 (54.4) නේතන් ඩේවිඩ් 53, ජේසන් ප්‍රනාන්දු 45, එනෝෂ් පීටර්සන් 34, ඒතන් රන්සිලු 20, යෙනුල දෙව්තුස 2/49, මානස මදුභාෂණ 5/57, නුශාන් පෙරේරා 2/35
- සාන්ත ජෝසප් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 70 (13.0) අවීශ සාමාෂ් 20, අභිශේක් ජයවීර නොදැවී 31
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සෙනුජ වකුණුගොඩ (සාන්ත ජෝසප් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මානස මදුභාෂණ (සාන්ත ජෝසප් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – නේතන් ඩේවිඩ් (සාන්ත පීතර විද්‍යාලය)
- තරගයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ලශ්මික පෙරේරා (සාන්ත පීතර විද්‍යාලය)
- තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – යෙනුල දෙව්තුස (සාන්ත ජෝසප් විද්‍යාලය)
දෙවිදුහල් අතර “Peter A. Pillai පියතුමන් අනුස්මරණ” කුසලානය වෙනුවෙන් 51 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික මහා ක්‍රිකට් තරගය අප්‍රේල් 26 වැනිදා එස්. එස්. සී. පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oween Salgado | lbw b Maanasa Madubashana | 6 | 17 | 1 | 0 | 35.29 |
Dilana Damsara | st Kenath Sasmina b Demion De Silva | 44 | 92 | 6 | 1 | 47.83 |
Nathen David | c Senuja Wakunugoda b Demion De Silva | 29 | 94 | 3 | 0 | 30.85 |
Asadisa De Silva | lbw b Nushan Perera | 38 | 101 | 2 | 0 | 37.62 |
Joshua Sebastian | c Aveesha Samash b Nushan Perera | 27 | 74 | 3 | 0 | 36.49 |
Jason Fernando | c Kenath Sasmina b Yenula Dewthusa | 1 | 2 | 0 | 0 | 50.00 |
Enosh Peterson | run out (Kenath Sasmina) | 0 | 3 | 0 | 0 | 0.00 |
Thareen Sanketh | b Maanasa Madubashana | 21 | 42 | 0 | 0 | 50.00 |
Lashmika Perera | c Aveesha Samash b Yenula Dewthusa | 58 | 79 | 9 | 1 | 73.42 |
Ethan Ransilige | b Maanasa Madubashana | 5 | 48 | 0 | 0 | 10.42 |
Tharin Senvidu | not out | 2 | 5 | 0 | 0 | 40.00 |
Extras | 12 (b 5 , lb 1 , nb 1, w 5, pen 0) |
Total | 243/10 (93.3 Overs, RR: 2.6) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Maanasa Madubashana | 20 | 1 | 77 | 3 | 3.85 | |
Yenula Dewthusa | 25.3 | 5 | 58 | 2 | 2.29 | |
Dunick Perera | 3 | 2 | 4 | 0 | 1.33 | |
Nushan Perera | 28 | 13 | 50 | 2 | 1.79 | |
Demion De Silva | 17 | 3 | 48 | 2 | 2.82 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abishek Jayaweera | c & b Lashmika Perera | 23 | 80 | 2 | 0 | 28.75 |
Aveesha Samash | c Joshua Sebastian b Lashmika Perera | 32 | 72 | 5 | 0 | 44.44 |
Senuja Wakunugoda | c Ethan Ransilige b Joshua Sebastian | 48 | 81 | 3 | 0 | 59.26 |
Nimthaka Gunawardena | b Joshua Sebastian | 6 | 19 | 1 | 0 | 31.58 |
Yenula Dewthusa | c Jason Fernando b Joshua Sebastian | 86 | 136 | 8 | 0 | 63.24 |
Rishma Amarasinghe | c Lashmika Perera b Joshua Sebastian | 27 | 37 | 2 | 0 | 72.97 |
Dunick Perera | not out | 10 | 7 | 0 | 1 | 142.86 |
Maanasa Madubashana | c Nathen David b Lashmika Perera | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 7 (b 4 , lb 0 , nb 1, w 2, pen 0) |
Total | 240/7 (72.3 Overs, RR: 3.31) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ethan Ransilige | 9 | 1 | 20 | 0 | 2.22 | |
Joshua Sebastian | 26 | 6 | 80 | 4 | 3.08 | |
Tharin Senvidu | 6 | 0 | 28 | 0 | 4.67 | |
Dilana Damsara | 8 | 2 | 37 | 0 | 4.62 | |
Lashmika Perera | 21.3 | 3 | 64 | 3 | 3.00 | |
Thareen Sanketh | 2 | 0 | 7 | 0 | 3.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oween Salgado | b Maanasa Madubashana | 6 | 11 | 0 | 1 | 54.55 |
Dilana Damsara | c Nushan Perera b Maanasa Madubashana | 4 | 39 | 0 | 0 | 10.26 |
Nathen David | lbw b Maanasa Madubashana | 53 | 84 | 9 | 0 | 63.10 |
Asadisa De Silva | b Maanasa Madubashana | 0 | 3 | 0 | 0 | 0.00 |
Joshua Sebastian | lbw b Nushan Perera | 0 | 3 | 0 | 0 | 0.00 |
Jason Fernando | b Yenula Dewthusa | 45 | 58 | 5 | 0 | 77.59 |
Enosh Peterson | c Senuja Wakunugoda b Nushan Perera | 34 | 77 | 5 | 0 | 44.16 |
Thareen Sanketh | c Senuja Wakunugoda b Yenula Dewthusa | 2 | 6 | 0 | 0 | 33.33 |
Lashmika Perera | c Senuja Wakunugoda b Maanasa Madubashana | 0 | 9 | 0 | 0 | 0.00 |
Ethan Ransilige | c Dunick Perera b Demion De Silva | 20 | 37 | 3 | 0 | 54.05 |
Tharin Senvidu | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0) |
Total | 168/10 (54.4 Overs, RR: 3.07) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yenula Dewthusa | 13 | 2 | 49 | 2 | 3.77 | |
Maanasa Madubashana | 19 | 1 | 57 | 5 | 3.00 | |
Nushan Perera | 14.4 | 4 | 35 | 2 | 2.43 | |
Demion De Silva | 5 | 0 | 22 | 1 | 4.40 | |
Dunick Perera | 3 | 0 | 5 | 0 | 1.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Aveesha Samash | run out (Jason Fernando) | 20 | 17 | 0 | 1 | 117.65 |
Abishek Jayaweera | not out | 31 | 44 | 1 | 0 | 70.45 |
Senuja Wakunugoda | c Nathen David b Joshua Sebastian | 1 | 2 | 0 | 0 | 50.00 |
Yenula Dewthusa | not out | 14 | 15 | 0 | 0 | 93.33 |
Extras | 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0) |
Total | 70/2 (13 Overs, RR: 5.38) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ethan Ransilige | 2 | 0 | 18 | 0 | 9.00 | |
Joshua Sebastian | 6 | 0 | 26 | 1 | 4.33 | |
Lashmika Perera | 5 | 0 | 25 | 0 | 5.00 |