රනේෂ් සහ සඳරු සහෝදර සංග්‍රාමය නැවත ලියයි

1121

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී අද (23) නිමා වූ 56 වැනි සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

බවන්ත සහ අංජු ඉසිපතනය පාලනය කරයි

පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් අද (22) කොළඹ එස්. එස්. සී….

ඒ අනුව සහෝදර සංග්‍රාමයේ මෙතෙක් පැවති තරග අතුරින් තරග 6ක් ජයග්‍රහණය කිරීමට තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූ අතර ඉසිපතන ක්‍රීඩකයන් ඉදිරියේ ජයග්‍රහණ කළ තරග වාර්තා සටහන් ව ඇත්තේ 4කි. තරග 46ක් ජය පරාජයෙන් තොරව විසඳී ඇත.  

සහෝදර සංග්‍රාමයේ මීට පෙර ජයග්‍රහණයක් වාර්තා වී තිබුණේ 1999 වසරේ දී ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම ලත් ජයග්‍රහණයයි. තර්ස්ටන් විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර තිබුණේ 1992 වසරේ දී මැකන්සි පෙරේරාගේ නායකත්වය යටතේ ය. වසර 27කට පසුව එම වාර්තාව නැවත අළුත් කිරීමට සඳරු ඩයස් සමත් වීම කැපී පෙණුනි.

Photos: Thurstan College vs Isipathana College | 56th Battle of the Brothers – Day 2

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 169ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් තර්ස්ටන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 276ක් රැස් කළහ. ලකුණු 107ක් පිටුපස  සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ඉසිපතන ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ සියලුම දෙනා දැවි ලකුණු 144ක් පමණි. ඒ අනුව ප්‍රතිවාදී තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 38කි. එය ඔවුන් කිසිදු කඩුල්ලක් ලබා නොදී ලබා ගත්හ.

පෙර දිනයේ නොදැවී ලකුණු 28ක් ලබා සිටි රනේෂ් සිල්වා අද තම ශතකය තමන් මුහුණ දුන් 111වැනි පන්දුවේ දී වාර්තා කළේ ය. ඔහු තම ඉනිම නිමා කරන විට පන්දු 116කට මුහුණ දී හතරේ පහර 14ක් සමඟින් ලකුණු 109ක් ලබා සිටියේ ය.

මහින්ද ක්‍රීඩකයෝ තරගය උඩු යටිකුරු කරමින් මීළඟ වටයට

පාසල් මහා ක්‍රිකට් සංග්‍රාම උණුසුම ක්‍රමයෙන් ඇරඹෙන අද දිනයේ දීත් පාසල් …..

කඩුලු ලබා ගැනීමේ දී රවිඳු රත්නායක ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ලකුණු 107ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 144ක් පමණි. එම ඉනිම වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ රවිඳු රත්නායක පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේ ය.

ඉසිපතන ඉනිම කඩුලු5ක් දැවී ලකුණු 104ක් ලෙසින් වරෙක කියැවුණ ද අවසන් කඩුලු 5 ලකුණු 40ක දී දවා ගැනීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත් වූහ. එයිනුත් අවසන් කඩුලු ත්‍රිත්වය ලකුණක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ඔවුන් සමත් වූහ.

පන්දු යැවීමේ දී සඳරු ඩයස් ලකුණු 54කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඔහු මෙම තරගයේ දී ලකුණු 95කට කඩුලු 10ක් දවා ගනිමින් වාර්තා පොත් අතරට ද එක්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 38ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලබා ගැනීමට සමත් වූහ. එහි දී යොහාන් ලියනගේ නොදැවී ලකුණු 16ක් ද සහ ජයවිහාන් මහවිතානගේ නොදැවී ලකුණු 21ක් ද ලබා ගත්හ.

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

අවසන් වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා……..

තරගයේ දක්ෂතම පිතිකරු සහ තරගයේ වීරයා ලෙසින් තර්ස්ටන් විද්‍යාලයේ රනේෂ් සිල්වා නම් කෙරුණ අතර දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරුණේ තර්ස්ටන් විද්‍යාලයේ සඳරු ඩයස් ය. තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සම්මාන දිනා ගත්තේ තර්ස්ටන් විද්‍යාලයේ ම රශ්මික හිරිපිටිය ය. මීට අමතර තරගයේ ලකුණු අතර සිටි ක්‍රීඩකයා ලෙසින් තර්ස්ටන් විද්‍යාලයේ අංජු කරුණානායක නම් කෙරුණ අතර තරගයේ තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා ලෙසින් ඉසිපතන විද්‍යාලයේ රවිඳු රත්නායක නම් කෙරුණි.

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (57.1) තෙවිඳු දික්වැල්ල 40, රවිඳු රත්නායක 20, ඉසුරු. සඳමල් 26, සවිඳු  උත්සර 30, සවීන් දන්ත 19, බවන්ත ජයසිංහ 5/37, සඳරු ඩයස් 4/41

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී 154) සියලුම දෙනා දැවී 276 (58.4) අංජු කරුණානායක 70, රනේෂ් සිල්වා 109, දිනත් දිසානායක 2/37, කාලික් අමත් 2/43, රවිඳු රත්නායක 3/34

ඉසිපතන විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 144 (50.2) මන්දීප ගුණසේකර 23, තෙවිඳු දික්වැල්ල 39, රවිඳු රත්නායක 49, අයේෂ් හර්ෂණ 2/39, සඳරු ඩයස් 6/54

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 41 (7.5) යොහාන් ලියනගේ නොදැවී 16, ජයවිහාන් මහවිතාන 21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<