54 වන ජවන හා පිටිය තරගාවලිය දියගමදී ආරම්භ වෙයි

535
54th Ceylonese Tracks and Fields tournament 2016 day 1

ලාංකික ජවන හා පිටිය සමාජය (Ceylonese Track and Field Club) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මලල ක්‍රීඩා තරගාවලිය මෙවරත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

පසුගිය ලිපි: ජෝන් ටාබට් කණිෂ්ඨ තරගාවලියේ වැඩි ගෞරව කොළඹට

54 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවලිය අද (05) හා හෙට (06) පැවැත්වෙන අතර, වයස අවුරුදු 11න් පහළ, 12න් පහළ හා 13න් පහළ ලෙස තරග පැවැත්වීම මෙම තරගාවලියේ ඇති තවත් විශේෂත්වයකි. එම වයස් කාණ්ඩ තුළ තරග වදින සියලුම පරිසාධන මට්ටම් ඉක්මවා යන  ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහතික පත් ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ලබයි.

තරගාවලිය ප්‍රධාන තරග කාණ්ඩ 04ක් යටතේ පවත්වනු ලබයි. එම කාණ්ඩ නම්,

  • වයස අවුරුදු 16න් පහළ බාලක – බාලිකා

(මීටර 100, මීටර 200, මීටර 400, මීටර 800, මීටර 1500, දුර පැනීම, උස පැනීම, තුන් පිම්ම, කව පෙත්ත විසිකිරීම, යගුලිය විසිකිරීම, මීටර 100 කඩුළු පැනීම)

  • වයස අවුරුදු 18න් පහළ බාලක – බාලිකා

(මීටර 100, මීටර 200, මීටර 800, මීටර 1500, මීටර් 3000, දුර පැනීම, උස පැනීම, තුන් පිම්ම, යගුලිය විසිකිරීම, හෙල්ල විසිකිරීම, මීටර 110 කඩුලු පැනීම, මීටර 400 කඩුලු පැනීම)

  • වයස අවුරුදු 20න් පහළ බාලක – බාලිකා

(මීටර 100, මීටර 200, මීටර 400, මීටර 800, මීටර 1500, මීටර 5000, දුර පැනීම, උස පැනීම, තුන් පිම්ම, කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, යගුලිය විසිකිරීම, මීටර 400 කඩුලු පැනීම)

  • විවෘත පිරිමි/කාන්තා – (සියලූම තරග ඉසව්)

ඇදහැළුනු අධික වර්ෂාවත් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක උළෙල නවතා දැමීමට සංවිධායකයන් කටයුතු කලේය. මෙම තරගාවලිය මාතර රාහුල විදුහල, මහරගම ජනාධිපති විදුහල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල, කොළඹ නාලන්ද විදුහල ඇතුලු විදුහල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබයි. මෙයට අමතරව විවෘත අංශයේ තරඟ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර පෞද්ගලික අංශයේ ආයතන නියෝජනය කරමින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

 ප්‍රතිඵල සටහන 

වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර 400

  • රන් පදක්කම – ඩී. ඩී. යසනි දහනායක (මිනිත්තු 01:06.09)
  • රිදී පදක්කම – ආර්. තරුශි තත්සරණී (මිනිත්තු 01:08.9)
  • ලෝකඩ පදක්කම – නවෝද්‍යා ජයසිංහ (මිනිත්තු 01:09.08)

වයස අවුරුදු 16න් පහළ බාලිකා උස පැනීම

  • රන් පදක්කම – යශෝධා තේජානී (මීටර 01.40)
  • රිදී පදක්කම – මෙත්මා සෙව්මිනී (මීටර 1.30)
  • ලෝකඩ පදක්කම – ඩී. සොනාදී (මීටර 1.30)

වයස අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීම

  • රන් පදක්කම – ඉමේශා ප්‍රසාදිනී (මීටර 18.02)
  • රිදී පදක්කම- යුවනි අමල්ශා (මීටර 13.38)

වයස අවුරුදු 16න් පහළ බාලිකා හෙල්ල විසි කිරීම

  • රන් පදක්කම – රශිනි මුතුමාලී (මීටර 21.99)
  • රිදී පදක්කම –  මයුරන්කි දොලපිහිල්ල (මීටර 21.40)
  • ලෝකඩ පදක්කම – මල්කි අමන්දා (මීටර 16.68)

වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 400

  • රන් පදක්කම – ඉසුරු ලක්ෂාන් (තත්පර 52.0)
  • රිදී පදක්කම – දිමුත් ලක්ෂාන් (තත්පර 60.1)

වයස අවුරුදු 18න් පහළ බාලක හෙල්ල විසිකිරීම

  • රන් පදක්කම – රුවින්දු විරක්ශන (මීටර 54.00)
  • රිදී පදක්කම – බ්‍රයන් ෆොන්සේකා (මීටර 42.39)
  • ලෝකඩ පදක්කම – සාජිකා චතුරන්ග (මීටර 40.99)

තරගාවලියේ දෙවැනි සහ අවසාන දිනය හෙට දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වීමට නියමිතයි.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට