49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් පසුගිය මාසයේ (අගෝස්තු) 29, 30 සහ 31 යන දිනවල දී ගාල්ල දඩැල්ල ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
මෙහි දී සියලු මලල ක්‍රීඩා ඉසව් සඳහා ජයග්‍රාහකයින් බෙදී ගිය අයුරු පිළිබඳ පහතින් සඳහන් වනවා.
දිගු දුර ධාවන ඉසව්
කාන්තා මීටර් 10000 ඉසව්වේ දී නැගෙනහිර පලාත නියෝජනය කළ රසාරා විජේසූරිය විසින් මිනිත්තු 35.32.99ක තරග නිමි කාලයක් සමඟ රන් පදක්කම හිමි කර ගත් අතර, පිරිමි මීටර් 1000 ඉසව්ව ජය ගැනීමට මධ්‍යම පළාතේ V.වක්ශන් විසින් සමත් වුනේ මිනිත්තු 31.36.02ක තරග නිමි කාලයක් සමඟයි.
එමෙන්ම කාන්තා සහ පිරිමි මීටර් 5000 ඉසව්වල ජයග්‍රහණ ද මෙම දෙදෙනා සතු වූ අතර, එහි දී කාන්තා ඉසව්වේ තරග නිමි කාලය මිනිත්තු 17.29.58ක් ලෙස සටහන් වන විට පිරිමි ඉසව්වේ තරග නිමි කාලය මිනිත්තු 15.00.72ක් ලෙස සටහන් වුනා.
පිරිමි මීටර් 1500 ඉසව්වේ දී G.R.චතුරංග විසින් මිනිත්තු 3.53.31ක කාලයක් සමඟ ඉසව්ව ජය ගැනීමට සමත් වන අතරේ එහි කාන්තා ඉසව්වේ ජය දකුණු පළාතේ W.K.L.A. නිමාලි විසින් හිමි කර ගැනීමට සමත් වුනේ මිනිත්තු 4.30.06ක තරග නිමි කාලයක් සමඟයි.
කාන්තා සහ පිරිමි මීටර් 800
මෙහි කාන්තා ඉසව්වේ ජය මධ්‍යම පළාත නියෝජනය කළ W.G.S.ලක්ෂානි හට හිමි වූ අතර, ඇයගේ තරග නිමි කාලය ලෙස මිනිත්තු 2.11.77ක කාලයක් සටහන් වූ අතර, මිනිත්තු 1.54.38ක කාලයක් සමඟ ඉසව්ව නිමා කළ මධ්‍යම පළාතේ ම A.M.S.B අත්තනායක විසින් එහි පිරිමි ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
විසිකිරීමේ ඉසව්
කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව සුපුරුදු පරිදි ම ජය ගැනීමට නදීශා ලේකම්ගේ විසින් සමත් වූ අතර, මෙහි දී ඇය විසි මීටර් 55.61ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුනා. එහි පිරිමි ඉසව්වේ ජය සුමේධ රණසිංහ සතු වූ අතර, මෙවර ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 75.36ක දුරක් සටහන් වුනා.
පිරිමි කවපෙත්ත විසි කිරීම ඉසව්ව ජය ගැනීමට උතුරු පළාතේ S.මිතුරාජ් විසින් සමත් වූ අතර, කාන්තා ඉසව්වේ ජය උතුරු මැද පළාතේ A.G.V.V ලක්මාලි සතු වූ අතර, ඇය විසින් මෙහි දී දැක්වූ මීටර් 45.87ක දක්ෂතාව නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.
යගුලිය විසි කිරීම ඉසව්වේ කාන්තා අංශයේ ජය බස්නාහිර පළාතේ O.චන්ද්‍රසේකර සතු වූ අතර, පිරිමි අංශයේ ජය උතුරු පළාතේ S.මිතුරාජ් සතු වුනා.
කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට බස්නාහිර පළාතේ H.A.අරුණි ලක්ශිකා සමත් වූ අතර, පිරිමි ඉසව්වේ ජය L.විරාජ් කුමාර සතු වුනා.
- අඬන්නෙත්, දුවන්නෙත් රට වෙනුවෙන්
- 23 වසරකට පසු මී. 400 පෙරළිකාරිය “නදීෂා”
- ඉඩෝරයකට පසු පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වසන්තය
- 90 දශකයේ කෙටිදුර රජුන් පසු කර දිවූ සුගත් තිලකරත්න
- අච්චුපොතේ පින්තූරෙන් බර එසවීමට සිත් ගත් CWG වීරයා
පැනීම ඉසව්
පිරිමි උස පැනීම ඉසව්ව ජය ගැනීමට දකුණු පළාතේ S.A.T.දසුන් විසින් සමත් වුනේ මීටර් 2.15ක දක්ෂතාවක් සමඟයි. කාන්තා උස පැනීම ඉසව්වේ ජය බස්නාහිර පළාතේ A.A.R.K.පෙරේරා සතු වුනා.
පිරිමි තුන් පිම්ම ඉසව්වේ ජය බස්නාහිර පළාතේ K.A.P.මල්ශාන් සතු වූ අතර, ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 16.37ක දුරක් සටහන් වුනා. එය නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා. පිරිමි දුර පැනීමේ ඉසව්ව ජය ගැනීමට බස්නාහිර පළාතේ U.D.YM.කුමාර සමත් වුනා.
කාන්තා දුර පැනීම ඉසව්වේ ජය මදුශානි හේරත් සතු වූ අතර, මදුශානි කාන්තා තුන් පිම්ම ඉසව්ව ද සුපුරුදු පරිදි ජය ගනිමින් තමන් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ පෙරමුණේ වැජඹෙන බව සනිටුහන් කළා.
කාන්තා රිටි පැනීම ඉසව්ව ජය ගැනීමට උතුරු පළාතේ N.දක්ෂිතා සමත් වූ අතර, ඇයගේ ඉසව්ව ජය ගැනීමේ දක්ෂතාව වූ මීටර් 3.52ක උස නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. එමෙන්ම මෙහි පිරිමි ඉසව්වේ ජය ද උතුරු පළාත සතු වූ අතර, මීටර් 5.12ක දක්ෂතාවක් සමඟ ඉසව්ව ජය ගත් A.පුවිහරන් විසින් තවත් තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.
කෙටි දුර ධාවන ඉසව්
කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට බස්නාහිර පළාතේ W.V.Lසුගන්දි සමත් වුනේ තත්පර 13.97ක තරග නිමි කාලයක් ද සමඟයි. පිරිමි මීටර් 110 ඉසව්ව සුපුරුදු පරිදි ජය ගැනීමට සබරගමු පළාතේ රොශාන් රණතුංග විසින් සමත් වුනේ තත්පර 14.07ක තරග නිමි කාලයක් සමඟයි.
කාන්තා මීටර් 400 ඉසව්වේ ජය බස්නාහිර පළාතේ සයුරි ලක්ෂිමා විසින් ජය ගත්තේ තත්පර 54.60ක කාලයක් සමඟයි. එහි පිරිමි ඉසව්වේ ජය K.K.I.සිල්වා විසින් ජය ගැනීමට සමත් වුනා.
කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගැනීමට මධ්‍යම පළාතේ ශාෆියා යාමික් සමත් වුනේ තත්පර 11.87ක තරග නිමි කාලයක් සමඟයි. මේ අතර පිරිමි මීටර් 100 ඉසව්වේ දී තත්පර 10.47ක තරග නිමි කාලයක් සමඟ සුපුරුදු පරිදි ජයග්‍රහණය ලබා ගැනීමට චමෝද් යෝධසිංහ විසින් සමත් වුනා.
කාන්තා මීටර් 200 ඉසව්වේ ජය ද ශාෆියා සතු වුනේ තත්පර 24.33ක තරග නිමි කාලයක් සමඟයි. මේ අතර එහි පිරිමි ඉසව්වේ ජය මධ්‍යම පළාතේ අරුණ දර්ශන සතු වූ අතර, ඔහුගේ තරග නිමි කාලය ලෙස තත්පර 21.13ක කාලයක් සටහන් වුනා.
කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට L.G.A.සත්සරණි සමත් වූ අතර, තත්පර 51.22ක තරග නිමි කාලයක් සමඟ අයෝමාල් අකලංක මෙහි පිරිමි ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
සහය දිවීමේ ඉසව්
කාන්තා මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ ජය බස්නාහිර පළාත් කණ්ඩායම සතු වුනේ තත්පර 47.90ක කාලයක් සමඟයි. එමෙන්ම මෙහි පිරිමි ඉසව්වේ ජය ද බස්නාහිර පළාත සතු වූ අතර, ඔවුන්ගේ තරග නිමි කාලය තත්පර 41.06ක් ලෙස සටහන් වුනා.
එමෙන්ම මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ජය ද බස්නාහිර පළාත සතු වුනා.
මේ අතර කාන්තා මීටර් 400 සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමට දකුණු පළාත සමත් වූ අතර, එහි පිරිමි ඉසව්වේ ජය මධ්‍යම පළාත සතු වුනා.
- හොඳම මලල ක්‍රීඩකයා – A.A.P.මල්ශාන් (බස්නාහිර පළාත) – තුන් පිම්ම ඉසව්ව – 16.37m (නව තරග වාර්තාවක්)
- හොඳම මලල ක්‍රීඩිකාව – B.සයුරි ලක්ෂිමා (බස්නාහිර පළාත) – 400m ඉසව්ව – තත්පර 54.60
දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානමින් පසු වනවා, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<