ඉතිහාසයේ පළමු වතාවට පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පසුගිය 11 වැනි දා ක්‍රියාත්මක වුනා.
මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු ද කණ්ඩායම්වලට තෝරා ගැනුණා.
ඒ පිළිබඳ තතු විත්ති පහතින්;
ඉහළ වටිනාකම් හිමි වූ ක්‍රීඩකයින්
මෙවර ක්‍රීඩක වෙන්දේසිය තුළ ඉහළම වටිනාකම් හිමි කර ගත් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක Naseem Shah තේරී පත් වූ අතර, ඔහු පාකිස්තාන රුපියල් කෝටි 8.65ක වටිනාකමක් හිමි කර ගනිමින් Rawalpindi කණ්ඩායම සමඟ එක් වුනා.
ඉන් පසුව Faheem Asaraf කෝටි 8.50ක මුදලකටත්, Daryl Mitchell කෝටි 8.05ක මුදලකටත් වෙන්දේසි වුනා.
මීට අමතරව Fakhar Zaman (7.95cr), David Warner (7.90), Haris Rauf (7.60cr) සහ Mark Chapman (7.00cr) ලෙස ඉහළම වටිනාකම් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසිය තුළට නොයා Direct Signing අවස්ථාව යටතේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Steve Smith Sialkot Stallionz කණ්ඩායම සමඟ එක් වූ අතර, එහි දී ඔහුට හිමි වූ වටිනාකම කෝටි 14ක් ලෙස සටහන් වුනා.
නම් දැරූ තරු හැළෙයි!
කෙසේ වෙතත් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රිකට් ලොව නම් දැරූ තරු කිහිපයක් ම කණ්ඩායම් වලට එක් කර නොගැනීම විශේෂත්වයක්.
ඒ අතර එංගලන්තයේ David Willey, පාකිස්තානයේ Shaan Masood මෙන්ම Usman Khawaja, Jimmy Neesham මෙන්ම බංග්ලාදේශය සුපිරි තරුව Shakib Al Hasan ද සිටීම විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
මෙවර ක්‍රීඩක වෙන්දේසිය තුළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් කණ්ඩායම් වලට එක් වුනා.
එහි දී කුසල් මෙන්ඩිස්ට පාකිස්තාන රුපියල් කෝටි 4.2ක වටිනාකමක් හිමි වූ අතර, ඔහු Peshawar Zalmi කණ්ඩායම සමඟ එක් වනු ඇති.
කුසල් පෙරේරා කෝටි 3.1ක වටිනාකමක් සමඟ Hyderabad Houston Kingsmen කණ්ඩායම සමඟ එක් වීමට නියමිත අතර, දසුන් ශානක කෝටි 0.75ක වටිනාකමක් සමඟ Lahore Qalandars කණ්ඩායම සමඟ එක් වීමට නියමිතයි.
මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ නමුත්, PSL වරම් හිමි නොවූ ක්‍රීඩකයින් ලෙස දිනේෂ් චන්දිමාල්, ඩිල්ශාන් මදුශංක, භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දුගේ නම් සටහන් වනවා.
Pakistan Super League 2026 තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















