දිමුත් සහ රොස්කෝ පිතිකරණයෙන් ලකුණු අතරට

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය

75

27 වැනි වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (19) ජෝන් කීල්ස් හා එල්. බී ෆිනෑන්ස් කණ්ඩායම් අතර වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. 

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ අතර හෙට (19) නැවතත් තරගය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

භානුක, වනිඳු සහ ශිරාස් ජයග්‍රාහී දස්කම් දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන Premier League ක්‍රිකට් තරගාවලියේ…..

ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එල්. බී ෆිනෑන්ස් කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, ජෝන් කීල්ස් කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් මෙම තරගයට සුදුසුකම් ලබා ගත්තේය. 

ඊයේ (18) රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාව නිසා උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතව තිබූ මේ තරගය පැය කිහිපයක පමණ ප්‍රමාදයකින් පසුව ආරම්භ වූ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 32කට සීමා විය. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එල්. බී ෆිනෑන්ස් නායක ලක්ෂාන් රොද්‍රිගෝ පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පිටියට පැමිණි ජෝන් කීල්ස් කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 138ක් වාර්තා කර ගන්නා ලදි. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 26ක් තුල දැවී ගියේය. 

Photos: LB Finance vs John Keells Holdings | Semi Finals 1 | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage

අනතුරුව පස්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ වමතින් පිතිකරණයේ නිරත වන රොස්කෝ තටිල් සහ දිමුත් කරුණාරත්න ලකුණු 38ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම යම්තාක් ස්ථාවර කරන ලදි. 

එහි දී කරුණාරත්න පන්දු 49කට මුහුණ දෙමින් ලකුණු 30ක් වාර්තා කරගත්තේ 4 පහර දෙකක් එල්ල කරමිනි. අවසානයේ ධනංජය ද සිල්වා රැකගත් සුපිරි උඩ පන්දුවක් නිසා කරුණාරත්නගේ ඉනිම ලකුණු 30කට සීමා විය. 

ඉනිමේ අවසානය දක්වා ක්‍රීඩා කළ තටිල් නොදැවී ලකුණු 34*ක් වාර්තා කරගත්තේ 4 පහර 2ක් සහ එක් 6 පහරක් එල්ල කරමිනි. පන්දු යැවීමේ දී රනිත ලියනාරච්චි සහ සහන් ආරච්චිගේ කඩුලු දෙක බැගින්  දවා ගන්නා ලදි. 

දසුන්, මැතිව්ස්, තරංග සහ කුමාර T10 හි වැඩ පෙන්වයි

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු දින 3 නිමා වන….

වර්ෂාව නිසා තරගය නවතාලන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 33ක් ලබාගෙන තරගයේ වැඩි වාසිය තමන් සතුකරගෙන තිබුණි. 

ජෝන් කීල්ස් – 138 (31.5): රොස්කෝ තටිල් 34*, දිමුත් කරුණාරත්න 30, රනිත ලියනාරච්චි 2/28, සහන් ආරච්චිගේ 2/30.

එල්. බී ෆිනෑන්ස් (වර්ෂාව නිසා තරගය නවතා දමන විට) – 33/0 (5); සධීර සමරවික්‍රම 15*, ලක්ෂාන් රොද්‍රිගෝ 9*

  • දෙවන අවසන් පූර්ව තරගය – නොවැම්බර් 20 – MAS යුනිචෙලා සහ සම්පත් බැංකු – NCC ක්‍රිකට් පිටියේ දී 

තරගාවලියේ සියලුම තරග වාර්තා, තරග තොරතුරු සහ තරග සේයා රූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<