වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ තරග වටයේ තවත් තරගයක් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර අද (21) සාන්ත තෝමස් විදුහල් පිටියේ දී පැවති අතර එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගත් සාන්ත තෝමස් විද්‍යාලය තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.
මහින්ද විද්‍යාලයේ හදගැස්ම වැඩි වෙද්දී රාජකීයයින්ට පහසු ජයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු දක්ෂයින් කල්තියා හඳුනා ගැනීම වෙනුවෙන්..
කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට වමතින් වේගපන්දු යවන ශමිල්ක වික්‍රමතිලක සමත් විය. අනතුරුව ඉසුරු දයානන්ද හා පිටියේ එක්වූ සස්රික කිරිඇල්ල දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවයක් ගොඩනංවමින් සිටිය දී එක් 4 පහරක් සමඟ ලකුණු 18ක් ලබාගෙන සිටි කිරිඇල්ල කිෂාන් මුණසිංහගේ පන්දුවකට දැවී ගියේය.
ලකුණු 38ක් තුල කඩුලු 2ක් දැවී ගොස් තිබිය දී සාන්ත තෝමස් විද්‍යාලයේ පන්දු යවන්නන් හට අභියෝගයක් පිතිකරණයේ යෙදුණු ඉසුරු දයානන්ද හා දුලාජ් බණ්ඩාර තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවයක් ගොඩනැංවිය. පන්දු 70ක් පුරාවට දුලාජ් බණ්ඩාර 4 පහර දෙකක් හා 6 පහරක් සමඟ ලකුණු 46ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය. ධනුක මාරසිංහ ලකුණු 21යි.
ධර්මරාජ විද්‍යාලයේ සිව්වැනි කඩුල්ල දැවී යාමට පසුව ඔවුන්ගේ පිතිකරුවන් වගකීම් විරහිතව ක්‍රීඩා කිරීම නිසා ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 44ක් තුල දැවී යන ලදි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාන්ත තෝමස් විද්‍යාලයේ වමතින් වේගපන්දු යවන ශමිල්ක වික්‍රමතිලක ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.
විස්සයි විස්සේ වුන දේ ගැන ලසිත් මාලිංග කට අරියි
ඔහු සාම්ප්‍රදායෙන් පිට තමන්ගේ රටාවකටම පන්දු යවයි. සාමාන්‍ය පන්දු යවන්නෙකු මෙන් හිස අසලින්..
ධර්මරාජ විද්‍යාලය ලබාගත් ලකුණු 148ට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පිටියට පිවිසි සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 29ක් සබඳතාවයක් ගොඩනංවමින් යම් සාර්ථක ආරම්භයක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන ලදි.
ඒ ලබාගත් රිද්මය නොනවත්වා ඉදිරියට රැගෙන ගිය සාන්ත තෝමස් විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන් පන්දුවාර 36යි පන්දු 3ක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 150ක් ලබාගෙන මෙම තරගය ජයග්‍රහණය කළේය.
දක්ෂ පිතිකරණයක නිරත වූ දකුණතින් පිත්ත හසුරුවන ඩියෝන් ප්‍රනාන්දු 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 51*ක් ලබාගෙන තරගය අවසන් වන තුරු කඩුල්ලේ රැඳී සිටි අතර රවිඳු ද සිල්වා ඔහු හට අගනා සහයක් ලබා දුන්නේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා අතරේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවයක් ගොඩනැංවෙද්දී එයට සහයක් දුන් රවිඳු ලකුණු 36ක් ලබා ගත්තේ පන්දු 44ක් තුලයි. ඊට අමතරව දිල්මින් රත්නායක හා කිෂාන් මුණසිංහ පිළිවෙළින් ලකුණු 24ක් හා ලකුණු 22*ක් රැස්කර ගත්තේය.
ධර්මරාජ විද්‍යාලයේ පන්දු යවන්නන් හට මේ තරගයේ දී වැඩි දස්කම් අතරට ඒමට නොහැකි වුවත් අංජන දික්කුඹුර, උපේන්ද්‍ර වර්ණකුලසූරිය හා තුෂාන් හේරත් එක් කඩුල්ල බැගින් සිය කඩුලු ගිණුමට එකතු කර ගැනීමට සමත් විය.
ධර්මරාජ විද්‍යාලය – 148 (49.2): දුලාජ් බණ්ඩාර 46, ධනුක මාරසිංහ 21, ඉසුරු දයානන්ද 20, ශමිල්ක වික්‍රමතිලක 4/26, කිෂාන් මුණසිංහ 2/18, උමයංග සුවාරිස් 2/29.
සාන්ත තෝමස් විද්‍යාලය – 150/3 (36.3): ඩියෝන් ප්‍රනාන්දු 51*, රවිඳු ද සිල්වා 36, දිල්මින් රත්නායක 24, කිෂාන් මුණසිංහ 22*.
පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග වටයේ තවත් තරග දෙකක් හෙට (22) පහත පරිදි පැවැත්වේ.
- කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී
- කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිටියේ දී
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















