තරහට දොරට පහර දුන් විනිසුරු වන්දි ගෙවයි

1470
BCCI

අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණ ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විනිසුරුවරයෙකු වන බ්‍රිතාන්‍ය ජාතික විනිසුරු නයිජල් ලෝන්ග් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

යාදෙව්ගේ ඉනිම මුම්බායි ඉන්දියන්ස් අවසන් තරගයට ගෙන එයි

28 හැවිරිදි දකුණත් පිතිකරු සූර්යකුමාර් යාදෙව්ගේ ……..

පසුගිය දා නයිජල් ලෝන්ග්ට එරෙහිව චෝදනා එල්ල වුනේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පසුගිය 4 වැනිදා පැවති තරගයේ දී තරගය පැවැත්වූ බැංගලෝර් හි එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ විනිසුරු කුටියේ දොරට පහර දී හානි සිදු කිරීමටයි.

කෙසේ වෙතත් මෙම පහර දීම හේතුවෙන් සිදු වූ දේපළ හානියට අදාළව නයිජල් ඉන්දීය ක්‍රිකට් ආයතනයට වන්දි මුදලක් (රුපියල් 5000ක මුදලක්) ගෙවා ඇති බව ද වාර්තා වේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙත ඔවුන්ගේ ඉනිමේ දියත් කළ අවසන් පන්දුවාරයේ දී උමේෂ් යාදෙව් විසින් නිපන්දුවක් යොමු කළ බව නයිජල් ලෝන්ග් සංඥා කරන ලදි.

නමුත් පිටියේ පැවති පුළුල් තිරයේ එම පන්දුවේ පුනරූපන විකාශය වූ අතර ඉන් පෙනී ගියේ උමේෂ් යාදෙව්ගේ පන්දුව නිපන්දුවක් නොවන බවය. පසුව එය පිළිබඳ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි සහ උමේෂ් යාදෙව් නයිජල් ලෝන්ග් සමඟ සාකච්ඡා කළ නමුත් නයිජල් සිය තීරණය වෙනස් කළේ නැත.

කෙසේ වෙතත් එම නිපන්දුව හේතුවෙන් හිමි වූ අතිරේක පන්දුවට සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයින්ට හතරේ පහරක් එල්ල කිරීමත් සමඟ සන්රයිසස් කණ්ඩායමට අතිරේක ලකුණු 5ක් හිමි විය.

බංග්ලාදේශය හමුවේ කොදෙව්වෝ අසරණ වෙති!

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වෙන තුන්කොන් ………

බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි සමඟ ඇති වූ බහින් බස් වීම දුර දිග යාමෙන් පසුව කෝපයට පත් විනිසුරු නයිජල් ලෝන්ග් විනිසුරු කුටියේ දොරට මෙලෙස පහර දුන් බව සඳහන් වේ.

නයිජල් ලෝන්ග් එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ද විනිසුරුවරයෙකු වශයෙන් එක් වීමට නියමිතයි.

නයිජල් ලොන්ග් 2005 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර ඔහු 2005 වසරේ සිට 2016 දක්වා කාලය තුල විනිසුරුවරයෙකු ලෙස සහභාගී වී ඇති විස්සයි විස්ස තරග ගණන 32කි.

2006 දී එක්දින තරග සඳහා විනිසුරුවරයෙකු ලෙස සහභාගී වීම ආරම්භ කළ නයිජල් ලෝන්ග් මේ දක්වා විනිසුරුවරයෙකු ලෙස සහභාගී වී ඇති එක්දින තරග ගණන 123කි.

2008 ජාත්‍යන්තර ටෙස්ට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු ඇරඹි නයිජල් ලොන්ග් මේ වන විට ටෙස්ට් තරග 56කට සිය දායකත්වය ලබා දී තිබේ.

කෙසේ වෙතත් නයිජල් ලොන්ග්ගේ විනිසුරු ඉතිහාසයේ මෙලෙස අර්බුදකාරී තත්වයක් පැන නැගුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<