වත්මන් ශූරයෝ ගෝල හතරකින් වැඩ අල්ලයි

342

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් අද (18) පැවැත්වුණේ වත්මන් ශූර චිලි කණ්ඩායම හා ජපානය අතරයි.

චිලි කණ්ඩායම මේ වන විට අඛණ්ඩව දෙවතාවක් කෝපා ඇමරිකා තරගාවලිය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් සාඕ පාවුලෝ හිදී ජපානය ගෝල 4 – 0ක් ලෙස පරාජය කරමින් මෙවර තරගාවලිය සාර්ථකව ආරම්භ කරන්නට සමත් වුනා.

කටාර් හා උරුගුවේ සුපිරි දස්කම් අතරට

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තෙවැනි දිනය අද (17) නිමා….

Eduardo Vargas දෙවන අර්ධයේ ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර එරික් පුල්ගාර් හා ඇලෙක්සිස් සැන්චෙස් ද ගෝල වාර්තා කළේ චිලි කණ්ඩායම උරුගුවේ සමඟ C කාණ්ඩයේ පළමු ස්ථානයට රැගෙන එමින්.

ජපානය මෙම තරගාවලියට ඉතා යොවුන් ක්‍රීඩකයින් සමඟින් එක්වුණු අතර ඔවුන්ට තරගය පුරා අවස්ථා හිමි වුනත් එම අවස්ථා සාර්ථක කර ගන්නට නම් ඔවුන් සමත් වූයේ නැහැ.

පුල්ගාර්ගේ හිසෙන් පන්දු යොමු කිරීම හා වර්ගාස්ගේ දක්ෂ ප්‍රහාරය චිලි කණ්ඩායමේ තරග ජය ස්ථිර කළ අතර පසුව සැන්චෙස් ගෝල පරතරය ඉහළ දැම්මේ චිලි කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ගණන උරුගුවේ කණ්ඩායම හා සම කරමින්.

පසුගිය සති අන්තයේ දී රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා එක්වුණු Takefusa Kubo මේ තරගයේ දී ජපානයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ චිලි අර්ධයට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින්.

Takefusa Kubo සත්වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් අලංකාර ලෙස පා පහරකින් දැල වෙත යොමු කළ නමුත් එම අවස්ථාව ගෝල රාමුවෙන් ඉවත ගියේ දශමයෙනි. Naomichi Ueda ඊට මිනිත්තුවකට පෙර කෝනර් අවස්ථාවකින් ලද පන්දුවක් සිය හිසෙන් දැල වෙත යොමු කරන්නට උත්සහ කළ නමුත් ගෝල රකින ක්‍රීඩක Gabriel Arias එම අවස්ථාව ව්‍යර්ථ කළා.

චිලි කණ්ඩායම ද ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූ අතර තිස්වැනි මිනිත්තුව ආසන්නයේ සැන්චේස්ගේ අලංකාර උත්සාහයන් දෙකක් නිසි ඉලක්කගත නොවී ගෝල රාමුවෙන් පිටතට ගියේ අවාසනාවන්ත ලෙසයි.

කෙසේ වෙතත් 41 වැනි මිනිත්තුවේ දී Charles Aranguiz කෝනර් අවස්ථාවකින් එල්ල කළ පන්දුව Pulgar දක්ෂ ලෙස සිය හිසෙන් දැල වෙත යොමු කළේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.     

ජපාන කණ්ඩායම එම ප්‍රහාරයට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කළ නමුත් Ayase Uedaගේ ප්‍රහාරය ගෝල රකින්නා ද, ගෝල රාමුව ද දෙකම මග හැර ඉවත ගියේය. පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී සැන්චේස් නැවත වතාවක් අලංකාර ලෙස පන්දුව සිය හිසෙන් දැල වෙත යොමු කළ නමුත් මෙවර එම ප්‍රහාරය නැවතුණේ ගෝල රකින්නාගේ සුරක්ෂිත දෑත්වලයි.

පළමු අර්ධය: චිලි 01 – 00 ජපානය

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු නවයකට පසු චිලි කණ්ඩායම සිය ලකුණු පුවරුව දෙගුණ කළේ Vargas ගෝලයත් සමඟින්. දඬුවම් පහර චතුරශ්‍රය කොනේ සිට එල්ල කළ ප්‍රහාරය ජපාන ක්‍රීඩකයෙකුගේ වැදී දැල තුළට ගියේ දෙවන චිලි ගෝලය ලෙසයි.

මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනාවට නැවතත් නොසිතූ පරාජයක්!

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දෙවන දිනය අද (16)….

නැවත වතාවක් Ayase Uedaට ගෝලයක් රැස් කිරීමට අවස්ථාවක් හිමි වූ නමුත් Gaku Shibasakiගේ හරස් පන්දු යොමු කිරීමකින් ලැබුණු පන්දුව මෙවර ගෝල රාමුවේ වැදී ඉවත ගියේය. Kuboට ලැබුණු තවත් අවස්ථාවක් ද අසාර්ථක වූයේ පන්දුව දැලේ දකුණු පස ගැටී ඉවත ගිය නිසයි.

ජපානයට ගිලිහුණු අවස්ථා වෙනුවට මිනිත්තු දෙකක් තුළ Sanchez හා Vargas චිලි වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කළේ 82 හා 83 වැනි මිනිත්තුවල දී.

Aranguizගේ හරස් පන්දු යොමු කිරීමක් Sanchez සිය හිසෙන් දැල වෙත යොමු කළ අතර ඉදිරියට දිව ආ ජපන් ගෝල රකින්නාට ඉහළින් පන්දුව පා කර Vargas සිය දෙවන ගෝලයත් රැස් කර ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: චිලි 04 – 00 ජපානය  

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ
චිලි – Pulgar (41′), Eduardo Vargas (54′, 83′), Sanchez (82′)     

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<