2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ කාණ්ඩ අදියරේ අවසන් දින කිහිපයයි මේ ගතවන්නේ. අද (24) දිනයේ දී ආර්ජන්ටිනාව හා කටාර් තරග වැදුණු අතර කොලොම්බියා කණ්ඩායම තරග වැදුණේ පැරගුවේ කණ්ඩායම සමඟයි.
බ්‍රසීලය හා වෙනිසියුලාව අර්ධ අවසන් පූර්ව වටයට ගොඩවෙයි
2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ……
ආර්ජන්ටිනාව හා කටාර්
දිගින් දිගටම පසුබෑමකට ලක්ව සිටි ආර්ජන්ටිනා කණ්ඩායම කටාර් කණ්ඩායම හමුවේ ගෝල 2-0ක ජයක් වාර්තා කළේ සෑහෙන බලාපොරොත්තු කඩවීම් රැසකින් පසු B කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙමින්.
මෙම තරගයෙන් පරාජය වූවා නම් ආර්ජන්ටිනා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවන අතර ඒ නිසාම ආර්ජන්ටිනා කණ්ඩායම ප්‍රබල සටනකට අවතීර්ණ වූයේ පළමු මිනිත්තුවේ නිසයි.

සර්ජියෝ අගුවෙරෝ හා ලනයල් මෙසී හට ආසන්න අවස්ථා කිහිපයක්ම හිමි වූ නමුත් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට ඔවුන් දෙදෙනාම සමත් වූයේ නැහැ. Al Rawi පන්දුව දඬුවම් පහර චතුරශ්‍රයෙන් ඉවතට යැවීමට ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් එම උත්සාහය අසාර්ථක විය. පන්දුව උදුරා ගත් Martinez පහසුවෙන් ගෝල රාමුවෙන් ඇතුළට පන්දුව යොමු කළේ ආර්ජන්ටිනාවට සිව්වැනි මිනිත්තුවේ දී තරගයේ පෙරමුණ රැගෙන දෙමින්.
ෆ්රෑන්කෝ අර්මානි කටාර් ක්‍රීඩක Hassan Al Haydosගේ දක්ෂ උත්සහයක් ව්‍යර්ථ කළ අතර ආර්ජන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයින් ප්‍රබල කටාර් ආක්‍රමණයන් කිහිපයකින්ම සිය අර්ධය ආරක්ෂා කරගන්නට සමත් විය.
කෙසේ වෙතත් 2022 ලෝක කුසලාන සත්කාරකයින් යම් තරමකට වාසනාවන්ත වූයේ අගුවෙරෝ ගෝල රාමුවෙන් ඉවතට පන්දුව එල්ල කිරීමත් හා මෙසීට ලැබුණු අවස්ථාවක් දඬුවම් පහර චතුරශ්‍රය කොනේ සිට අසාර්ථක වීමත් සමඟයි.
පළමු අර්ධය: ආර්ජන්ටිනාව 01 – 00 කටාර්
දෙවන අර්ධයේ දී අගුවෙරෝට ස්වර්ණමය අවස්ථාව තුනක් හිමි වුණු නමුත් ඔහු ඒ අවස්ථා කිසිවක් සාර්ථක කර ගන්නට සමත් වූයේ නැහැ. කටාර් ආරක්ෂකයින් ඔහුව නැවැත්වීමට අසමත් වුණු නමුත් ගෝල රකින ක්‍රීඩක Saad Al Sheeb අගුවෙරෝගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට සමත් වුනා.

අගුවෙරෝගේ උත්සාහයක් 82 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූයේ උත්සහයක් පහකට පසුව ඔහු ගෝල රකින්නා පසුකරමින් පන්දුව දැල්ගත කිරීම නිසයි.
අවසන් ලකුණු තත්වය: ආර්ජන්ටිනාව 01 – 01 කටාර්
ගෝල ලබාගත් ක්‍රීඩකයෝ
- ආර්ජන්ටිනාව – මාර්ටිනේස් (4), අගුවෙරෝ (82)
වත්මන් ශූරයෝ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි
ඇලෙක්සිස් සැන්චේස්ගේ ගෝලත් සමඟ චිලි කණ්ඩායම……..
කොලොම්බියාව හා පැරගුවේ
කොලොම්බියාව B කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වෙමින් පැරගුවේ කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. ඒ සමඟම ඔවුන් B කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

දෙවන අර්ධයේ දී කොලොම්බියා ගෝලයක් නිෂ්ප්‍රභා කිරීමට විනිසුරු තීරණය කළ අතර ඒ Luis Diazගේ අලංකාර ප්‍රහාරයක් අසාර්ථක වීම හේතුවෙන්. සෑහෙන පමාවකින් පසුව විනිසුරු VAR ඔස්සේ තීරණය කළේ පන්දුව James Rodriguez ලබා ගැනීමේ දී Diaz පන්දුව අතින් ස්පර්ශ කළ බවයි.
අවසන් ලකුණු තත්වය: පැරගුවේ 00 – 01 කොලොම්බියාව
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















