මලියදේව ක්‍රීඩකයෝ ලුම්බිණි ආක්‍රමණය පහසුවෙන් මැඩලති

2047

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (2) කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 27-09ක් ලෙස තරගය පහසුවෙන් ජය ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය.

පළමු මිනිත්තුවේ සිටම සිය සුපුරුදු ක්‍රීඩා රටාවට පිවිසුණු මලියදේව ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් දෙකක්, එක් ප්‍රවර්තනයක් හා දඬුවම් පහරක් මගින් ලකුණු 15ක් රැස්කර ගැනීමට  සමත් විය. ‍‍

උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට නොහැකිවුවද මලියදේව ක්‍රීඩකයන්ගේ අතපසුවීම්වලින් හිමි වූ දඬුවම් පහර ත්‍රිත්වයක් සාර්ථක කර ගනිමින් ලුම්බිණි ක්‍රීඩකයෝ පළමු අර්ධයේ ලකුණු 9ක් රැස්කර ගැනීමට සමත් විය.

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 15-09 ලුම්බිණි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ සිටම තරගය සිය ග්‍රහණයට ගත් මලියදේව ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණ දිනා ගනිමින් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර ඉන් එක් උත්සාහක දිනුමක් ප්‍රවර්තනය කිරීමට ඔවුන් සමත් විය.

විද්‍යාර්ථයේ උත්සාහක දිනුම් 9න් සිල්වෙස්තරයින් පරාජය වේ

අටවැනි වරටත් පැවති බර්ටි නිල්ලේගොඩ සහ පී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික රග්බි තරගය ලකුණු …

කෙතරම් උත්සහ දැරුව ද දෙවන අර්ධයේ දී එකදු ලකුණක් හෝ ලකුණු පුවරුවට එක් කරන්නට ලුම්බිණි ක්‍රීඩකයෝ සමත් වූයේ නැත.

අවසාන ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය  27 (4T,2C,1P) – 09 (3P) ලුම්බිණි විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<