පළමු දිනයේ දී ම තරගාවලි වාර්තා 8ක් සහ එක් ජාතික වාර්තාවක්!

388

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලිය අද (23) සුගතදාස ක්‍රීඩා පිටියේ ඉදී වූ නවීන ධාවන පථයේ මංගල තරගාවලිය ලෙස ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම තරගාවලිය දකුණු ආසියානු ශූරතා තරගාවලියට පෙර සූදානමක් ලෙස පෙන්වා දිය හැකිය. තරගාවලියේ පළමු දිනය අවසානයේ දී නව ජාතික වාර්තාවක් සහ තරගාවලි වාර්තා අටක් වාර්තා වීම කැපී පෙනුණි.

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් යොවුන් සංචිතයක්

එළඹෙන මැයි මස 4 වන දින සිට 7 වන දින දක්වා තායිලන්තයේ දී පැවැත්වෙන තායිලන්ත විවෘත මලල…

ඒ අතරින් වයස අවුරුදු 23න් පහළ බාලිකා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කළේ යාපනයේ ජේ. අනීතා විසිනුයි. ඒ මීටර් 3.55ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිනි.

තවද වයස අවුරුදු 23න් පහළ බාලක උස පැනීමේ ඉසව්වෙන් ගම්පහ එච්. ටී. යූ. ටී. පෙරේරා ජාතික වාර්තාවක් පිහිටවූයේ මීටර් 2.20ක දක්ෂතාවක් පෙන්නුම් කරමිනි.

වයස අවුරුදු 16න් පහළ බාලක ඉසව්වෙන් තවත් වාර්තාවක් පිහිටුවීමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂෙන් සමත් විය. ඒ මීටර් 7.09ක දක්ෂතාවක් පෙන්නුම් කරමිනි.

මීට අමතරව වයස අවුරුදු 16න් පහළ බාලිකා යගුලිය විසි කිරීමේ නව තරග වාර්තාවක් පිහිටුවීමට කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර සමත් විය. ඒ මීටර් 11.91ක දක්ෂතාවක් පෙන්නුම් කරමිනි.

වයස අවුරුදු 16න් පහළ බාලක කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් වාර්තා විය. මෙය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග විසින් වාර්තා කළ අතර දක්ෂතාවය මීටර් 55.34ක් ලෙස දැක්විය.

මේ අතර බාලිකා වයස අවුරුදු 18න් පහළ රිටි පැනීමේ ඉසව්ව ද කාගේත් අවධානය දිනා ගත් ඉසව්වක් විය. මෙහි දී තවත් ජාතික වාර්තාවක් බිහිවූ අතර ඒ සඳහා හිමිකම් කීවේ චාවකච්චේරි හින්දු විද්‍යාලයේ එන්. දක්ෂිතායි. මෙය ඇයගේ පළමු ජාතික තරගාවලිය වීම ද විශේෂ වේ.

දිනයේ අවසන් තරගාවලි වාර්තාවට හිමිකම් කීවේ බාලිකා මීටර් 800 ඉසව්වට තරග කළ වළල ඒ. රත්නායක විද්‍යාලයීය ක්‍රීඩිකා සමාලි කුමාරසිංහ විසිනි. ඇගේ දක්ෂතාවය මිනිත්තු 2.09.00 ලෙස සටහන් විය.

දිනය නිමාවේ දී  වැඩි ගෞරවය බස්නාහිර පළාත විසින් දිනා ගත්ත ද, අවසන් ජවන ඉසව් කිහිපය එනම්, මීටර් 800 හා මීටර් 10000 යන ඉසව්වල ජයග්‍රහණ  පිට පළාත් සඳහා බෙදී ගියේය. තරගාවලිය පුරා දින හතරක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි දිනවල දී තරගාවලිය තවතවත් උණුසුම් වීම නම් නොඅනුමානය. තරගාවලියේ තවත් අවසන් තරග කිහිපයක්ම හෙට (24) දිනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පළමු දිනයේ සම්පූර්ණ ලකුණු සටහන <<

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <