සුගතදාසයේ අයකැමි වරද පිළිගෙන ‘ගල්වෙයි’

162

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සිදුකරන ලද මුදල් පරිහරණ විගණන පරීක්‌ෂණයකින් පසුව ප්‍රධාන මුදල් අයකැමි අතුරුදන්වී ඇත. පසුගිය 2006 වසරේ සිට 2015 දක්‌වා සිදුවී ඇතැයි කියන රුපියල් හත් ලක්‌ෂයකට ආසන්න මුදල් වංචාවක්‌ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට තොරතුරු හෙළිවීමෙන් පසුව ප්‍රධාන මුදල් අයකැමි මෙසේ අතුරුදන්වී ඇත.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ පසුගිය පාලන කාලයේ දිගින් දිගටම සිදුව ඇතැයි කියන අයහපත් මුදල් පරිහරණය විධිමත්ම පවත්වාගෙන යාමට වත්මන් පාලන අධිකාරිය කටයුතු කිරීමේදී මෙම වංචා හෙළිවෙමින් පවතින බව ප්‍රකාශ වේ.

ප්‍රධාන මුදල් අයකැමි විගණන නිලධාරීන් හමුවේ වරද පිළිගැනීමෙන් පසුව මෙසේ අතුරුදන්වී ඇති අතර පසුව ක්‍රීඩා සංකීර්ණ පාලන අධිකාරිය මේ බව ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියට දැනුම්දී ඇත.

මුදල් අයකැමිගේ අතුරුදන්වීමෙන් ක්‍රීඩා සංකීර්ණ පරිපාලනයද දැඩි අපහසුතාවයකට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් ‘දිවයින’ වෙත අදහස්‌ දැක්‌වූ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති “2006 වර්ෂයේ සිට ඇතිවෙලා තියෙන මූල්‍ය අක්‍රමිකතාවයක්‌ සම්බනAධයෙන් තමයි මුදල් අයකැමි වශයෙන් කටයුතු කළ පුද්ගලයා චෝදනා ලබා තිබෙන්නේ. අපි මුලින්ම ඒ නිලධාරියා දැනුවත් කළා රුපියල් ලකAෂ හතකට ආසන්න මුදලක අක්‍රමිකතාවයක්‌ වෙලා තියෙනවා කියලා. ඊට පස්‌සේ ඔහු තමන් අතින් වරදක්‌ වූ බවට ලිතව අප වෙත දැන්වූවා. ඊට පස්‌සේ තමයි ඔහු මේ විදියට අතුරුදන් වෙලා තියෙන්නේ. 

ඔහු සම්බන්ධ විනය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට නම් ඔහුව සොයාගන්න වෙනවා. මේ පිළිබඳව පොලිසිය දැනටමත් ඔහු සෙවීමේ කටයුතු ආරම්භ කරලා” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා “අදාළ වංචාවට සම්බන්ධ මුදල් අයකැමිවරයා අතුරුදන්වීමට ප්‍රථම නිවසින් පිටව යන බවට සිය බිරිඳට කෙටි පණිවුඩයක්‌ ඔස්‌සේ දන්වා ඇති බවත් ඔහු යන තැනක්‌ පිළිබඳව එහි සඳහන් කර නොමැති බවත්” පැවසීය.