“කි‍්‍රකට් සභාපති ධූරයෙන් ඉවත් කිිරීමට මැදිහත් වූයේ හිටපු ජනාධිපති” – අර්ජුන රණතුංග

138

2009 වසරේදී තමන්ව කි‍්‍රකට් සභාපති ධූරයෙන් ඉවත් කිිරීමට මැදිහත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවට දැන් හෙළි වී ඇතැයි ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව පැවසූයේ ඊයේ පැවති මාධ්‍යය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

”මාව කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් ඉවත් කළ නිසා මම මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එක්ක ප‍්‍රශ්නයක් ඇති කරගත්තා කියලා මගේ සහෝදර ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසලා තිබුණා. මං ඇත්තටම මෙපමණ කාලයක් හිතාගෙන හිටියේ කී‍්‍රඩා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහත්තයා තමයි මාව කි‍්‍රකට් සභාපති ධූරයෙන් අයින් කළේ කියලා. මොකද එතුමා එදා හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා නිසා. නමුත් දැන් මම ඇත්ත දන්නවා. මොකද ප‍්‍රසන්න මහත්තයා අපට වඩා තොරතුරු දන්න නිසා. හිටපු ජනාධිපතිතුමා පැවසුවා ඔයාව අයින් කළේ මම නෙමෙයි කී‍්‍රඩා ඇමති ගාමිණී ලොකුගේ මහත්තයා කියල. ඇත්තටම ඒකෙන් මට පාඩුවක් උනේ නෑ. ඒක මට ලොකු වාසියක් වුණා. මොකද මට හුඟක් කාලය ලැබුණා මගේ දේශපාලනය කරන්න. ඒ වගේම එය ලොකු උදව්වක් වූණා හොඳින් සැලසුම් කරල ආණ්ඩුව ගෙදර යවන්න. ඉතිං මම හිතන්නෙ ප‍්‍රසන්න බොහෝ දේ දන්න කෙනෙක් විධියට එයාගෙ වචනය පිළිගන්න පුළුවන්. මහින්ද රාජපක්‍ෂ තමයි මාව කි‍්‍රකට් බෝඞ් එකෙන් අයින් කළේ. එහෙම අයින් කළේ මම එතැන හොරකම් නවත්වපු නිසා…….” යනුවෙන් ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.