පළමු වරට සංවිධානය කරනු ලැබූ ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (21) සමත් විය. ඒ බංගලාදේශය තරග වට 3-0ක් ලෙස පරාජය කරමිනි. මෙම තරගාවලියේ සියලුම තරග පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.
ශ්‍රී ලංකා ශූරතා බලාපොරොත්තු ඉරාකය විසින් උදුරා ගනී
ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් 4G Home Broadband එක්ව සංවිධානය කරන ප්‍රථම ආසියානු…
ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට අභියෝගයක් හෝ ලබා දීමට බංගලාදේශයට නොහැකි වූ අතර තරගයේ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට වඩා එක ලකුණකින් හෝ පෙරමුණ ගැනීමට බංගලාදේශයට නොහැකි විය.
තරගයේ වට තුන 25-16ක්, 25-17ක් සහ 25-17ක් ලෙසින් දැක්වුණි.

දෙවැනි වටයේ ද ආරම්භයේ සිටම සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලාංකිකයන් තාක්ෂණික විවේක අවස්ථාවල දී ඉදිරියෙන් සිටියේ 8-3ක් සහ 16-8ක් ලෙසින්ය. සාමාන්‍යයෙන් වොලිබෝල් තරගයක, එක් වටය දී මුල් ලකුණු කිහිපය හෝ දෙපිල අතරේ සමව බෙදෙන නමුත් මෙහි දී ඒ ආකාරයෙන් හෝ ලකුණු ලබා ගැනීමට බංගලාදේශයට නොහැකි වී ඇති බව පැහැදිලි කරුණකි.
පරාජයේ වගකීම මම භාර ගන්නවා – ශ්‍රී ලංකා පුහුණුකරු
ශ්‍රී ලංකාව බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි ආසියානු අභියෝගතා කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ ඊයේ (20) ඉරාක කණ්ඩායමත් සමඟ පැවති අවසන් පූර්ව තරගය…
ඒ අනුව දෙවැනි වටය 25-16ක් ලෙසින් නිමා විය. දෙවැනි වටයේ දී දෙපිලෙහිම ක්‍රීඩකයන් පන්දුව පිරිනැමීමේ දී සහ පන්දුව ලබා ගැනීමේ දී සැලකිය යුතු මට්ටමේ දෝෂ සිදු නොකරන ලදි. එහෙත් බංගලාදේශයේ ඉතා මන්දගාමී ක්‍රීඩා විලාශය පැහැදිලිවම කැපී පෙනුණි.
තෙවැනි වටයේ දී ද නැවතත් පාලනය සියතට ගත් ශ්‍රී ලාංකිකයන් 8-4ක් සහ 16-9ක් ලෙසින් තාක්ෂණික විවේකවල දී ඉදිරියෙන් සිටින්නට සමත් වූහ. තෙවැනි වටයේ දී ශ්‍රී ලංකාව විසින් ACE මාර්ගයෙන් ලකුණු දෙකක් ලබන විට බංගලාදේශය තරගය පුරාවටම ACE මගින් ලද එකම ලකුණ හිමිකර ගත්තේ ඔවුන් තෙවැනි වටයේ දී ලැබූ 17 වැනි ලකුණේ දී ය. තෙවැනි වටය ද ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ 25-17ක් ලෙසින්ය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
තරගය ඉතාමත් මන්දගාමී විය. ඒ බංගලාදේශයේ දුර්වලතාවය නිසාය. නමුත් තරගයේ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් පැහැදිලි දුර්වලතාවක් පෙනෙන්නට නොවීය. තරගය පුරා ACE දිනුම් 5කින් ශ්‍රී ලංකාව ලකුණු හිමිකර ගන්නා විට බංගලාදේශයට එක් ACE දිනුමකින් සැනසෙන්නට සිදු විය.
කෙසේ නමුත් අවසන් පූර්ව වටයේ දී ප්‍රබල සවුදි අරාබියට හොඳ අභියෝගයක් ලබා දුන් බංගලාදේශයට (වටයක ජයග්‍රහණය ද සමඟින්) අද ශ්‍රී ලංකාවට අභියෝගයක් හෝ ලබා දීමට නොහැකි විය. යම් හෙයකින් මෙය අවසන් පූර්ව වටය වූවා නම් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා නොඅනුමානයි.
කෙසේ වෙතත් මෙම තරගයත් සමඟින් මෙම තරගාවලිය ඉතා සාර්ථක සහ සතුටුදායක අන්දමින් නිමා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ආසියාවේ ශ්‍රේණිගත කිරීම් අනුව 9-16 දක්වා වූ ස්ථාන හිමිකරගෙන තිබෙන කණ්ඩායම් සහභාගී වූ මෙම තරගාවලියේ දී කණ්ඩායම් දෙකක් (සවුදි අරාබිය සහ ඉරාකය) හැර අනෙකුත් සියලුම කණ්ඩායම් ශ්‍රී ලංකාව හමුවේ අභියෝගයක් හෝ නොවන බව මනාව පසක් වූ කරුණ වේ.
සවුදිය මවිත කළ ඉරාකයේ ක්‍රීඩා විලාශය
රන් පදක්කම සඳහා වූ තරගය පැවැත්වූයේ සවුදි අරාබිය සහ ඉරාකය අතරයි. එම තරගය නරඹන්නන් හට ඉතාමත් ආශ්වාදයක් ගෙන දුන් අතර එම තරගය තරගාවලියේ පැවති හොඳම තරගය ලෙසින් හැඳින්වීම අසාධාරණයක් නොවනු ඇත.
පළමුවැනි වටයේ දී ප්‍රබල සවුදි කණ්ඩායම වටය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය. තාක්ෂණික විවේක දෙකෙහි දී ද ඉදිරියෙන් සිටි සවුදි කණ්ඩායම පළමුවැනි වටය ජයග්‍රහණය කළේ 25-14ක් ලෙසිනි.

පළමු වටයේ දී සවුදි අරාබියේ සැලසුම් සහ ශක්තීන් සංයමයෙන් යුතුව අධ්‍යයනය කරමින් දෙවැනි වටයේ දී ප්‍රතිවාදී සවුදි අරාබිය විශ්මයට පත් කිරීමට ඉරාකයට හැකි විය. ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉරාකය භාවිතා කළේ ද මෙම උපක්‍රමයයි.
ඉන්පසු තෙවැනි වටයේ දී ද සවුදියට වොලිබෝල් පාඩම් කියා දුන් ඉරාකය 0-4ක්, 3-8ක්, 8-16ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් 16-25ක් ලෙසින් තෙවැනි වටය ද ජයග්‍රහණය කරන ලදි.
සිව්වැනි වටයේ දී සවුදි කණ්ඩායම තරගයට නැවත අවතීර්ණ වූ අතර මෑත කාලයේ දී ඕනෑම මට්ටමට තරගයක දී ප්‍රේක්ෂකයන්ට දැක බලාගැනීමට හැකි වූ හොඳම වටයක් ලෙසින් සිව්වැනි හැඳින්විය හැක. කණ්ඩායම් දෙකටම වරින් වර දෝලනය වූ සිව්වැනි වටයේ ලකුණු 4-4ක්, 6-8ක් (ඉරාකය ඉදිරියෙන්), 16-14ක් (සවුදිය ඉදිරියෙනි), 19-22ක් (නැවත ඉරාකය ඉදිරියෙන්), 25-25ක් ලෙසින් විවිධ අවස්ථාවල දී පැවතුනි. අවසානයේ දී සිව්වැනි වටය සවුදි කණ්ඩායම විසින් ජය ගනු ලැබුවේ 28-26ක් ලෙසිනි. ඒ අනුව තරගය වට 2-2 ලෙසින් සම විය.
එම වටය ජය ගැනීම සඳහා සවුදි කණ්ඩායමේ පුහුණුකරු සාර්කෝ රිස්ටෝස්කිගේ (ඔහු මීට පෙර මැසිඩෝනියා කණ්ඩායමේ පුහුණුකරු විය) විශිෂ්ට උපක්‍රම බලපෑ අතර පීඩනකාරී අවස්ථාවල දී සවුදි ක්‍රීඩකයන් ඉතා සන්සුන්ව ක්‍රීඩා කිරීම නිසා සිව්වැනි වටය ඔවුන්ට ජය ගැනීමට හැකි විය.
පස්වැනි සහ අවසාන වටය ද දෙපිලටම දෝලනය වූ එකක් වූ අතර 5-5ක්, 9-12ක් (ඉරාකය ඉදිරියෙන්), 13-12ක් (සවුදිය ඉදිරියෙන්) වශයෙන් පැවතුන ද අවසානයේ 12-15ක් ලෙසින් ඉරාකය විසින් පස්වැනි වටය ජය ගනු ලැබුවේ පළමුවැනි වරට සංවිධානය කළ ආසියානු පිරිමි අභියෝගතා කුසලානයේ රන් පදක්කම හිමිකර ගනිමිනි.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම් ද්විත්වයම ජයග්‍රාහී කණ්ඩායම් වන අතර එම කණ්ඩායම් දෙකටම ලබන වසරේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවය සඳහා සහභාගී වීමට වරම් හිමිවනු ඇත.
මෙම තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයට ස්තුතිය හිමි වූ අතර මෙවැනි පරිපූර්ණ මට්ටමේ තරගාවලියක් සඳහා අනුග්‍රහය දැක්වීමට Dialog 4G Home Broadband හැකි වීම විශේෂ කරුණක්.
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<





















