ජාතික මහා ක්‍රීඩා උළෙලේ නව ශ්‍රි ලංකා වාර්තා 2ක් හා තරග වාර්තා 10ක්

1036
national Sports Festival

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා උළෙලක් වන 41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

ඡායාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න

සමස්ථ තරගාවලිය තුළ වැඩිම දස්කම් දැක්වු බස්නාහිර පළාත රන් පදක්කම් 77ක් දිනාගනිමින් සමස්ථ ශුරතාව තමන් සතු කරගන්නට සමත් විය. රන් පදක්කම් 47ක් දිනු මධ්‍යම පළාතට අනුශුරතාවය හිමි වු අතර වයඹ පළාත රන් පදක්කම් 26ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට හිමිකම් කියන ලදි. සිව්වන ස්ථානය රන් පදක්කම් 13ක් දිනු දකුණු පළාතටත්, පස්වන සහ හයවන ස්ථානපිළිවෙළින් වයඹ පළාතට හා සබරගමු පළාතට හිමිවිය.

ක්‍රීඩා උළෙලේ නව ශ්‍රී ලංකා වාර්තා 2ක් සමගින් නව තරග වාර්තා 12ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විම විශේෂත්වයක් විය. දකුණු පළාත නියොජනය කරමින් මිටර 100 ඉසව්ව සදහා තරග කළ විනොද් සුරංජය එම ඉසව්වතප්පර 10.45 කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් විය. මිටර 200 ඉසව්ව ද නියෝජනය කළ සුරංජය එම ඉසව්ව ද තප්පර 21.02 කින් නිමා කරමින් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විම ද කැපි පෙනුණි.

1එන්.සී.ඩි ප්‍රියදර්ශනී දුර පැනිමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට සමත් විය. ඒ මිටර 6.43 කදක්ෂතාවයක් පෙන්වමිනි. විශේෂත්වය වන්නේ එම දක්ෂතාවය සාක් තරග වාර්තාවද අබිබවා යාමට සමත් විමයි. මේ අතර මිටිය විසිකිරීමේ ඉසව්වට සහභාගි වු  අයේෂා මදුවන්ති මිටර 43.18 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් නව තරග වාර්තාවක් බිහිකිරිමට සමත් විය. ඇය විසින් බිද දැමු වාර්තාවේ ද හිමිකාරිය ඇය විම විශේෂ විය. වසර 15ක් පැරණි තුන්පිම්ම තරග වාර්තාවද අලුත් විය. එහි හිමිකාරිය වූයේ බස්නාහිර පළාතේ  විදුෂා ලක්ෂානි ය. මිටර 12.98දක්ෂතාවයක් පෙන්වමින් එම වාර්තාව තමන් සතු කරගන්නට ඇය සමත් විය. හෙල්ල විසිකිරීමේ ශුරියක් වන නදිකා ලක්මාලි ද මිටර 50.67 හෙල්ල විසිකිරීමෙන් නව තරග වාර්තාවක් බිහිකිරිමට සමත් විය. 

41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම මලළ ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ උස පැනිමේ ක්‍රීඩක මංජුල විජේසේකර සම්මාන දිනාගත් අතර දක්ෂතම මලළ ක්‍රීඩිකාව ලෙස බස්නාහිර පළාත නියොජනය කළ එන්.සී.ඩි ප්‍රියදර්ශනී සම්මානයට පාත්‍ර විය. 

උතුරු පළාතටත් ප්‍රථම වරට ජාතික මහා ක්‍රිඩා උලෙළක රන් පදක්කමක් හිමිවිය. ඒ මෙවර ක්‍රිඩා උළෙලේදී ය. උතුරු පළාත නියොජනය කළ ජේ අනිතා රිටි පැනිමේ ඉසව්වෙන් එම රන් පදක්කම දිනා ගැනිමට සමත් විය.

132ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම හිටපු තරග ඇවිදීමේ ජාතික ශූර එන්. නයනානන්ද හා හිටපු කොටි දුර ධාවනශූරියක් වන  ජයමිණී ඉලේපෙරුම විසින් සිදු‍ කෙරුණු අතර ක්‍රීඩා උළෙලේ විනිසුරු ප්‍රතිඥාව ලබාදීම ප්‍රවීණ මලළක්‍රීඩා විනිසුරුවකු  වන ලාල් චන්ද්‍රකුමාර මහතා විසින්ද ක්‍රීඩක ප්‍රතිඥාවල ලබාදීම මීටර් 400 ක්‍රීඩක ඩිල්හාන් අලෝක විසින් සිදු කරනු ලැබීය.

42වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ  සත්කාරකත්වය උතුරු පළාතට පිරිනැමීම ක්‍රීඩා උළෙල අවසානයේදී සිදුකෙරුණු අතර  තරගාවලිය නැරැඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වී සිටි අතර තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය සදහා  ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ  නියෝජ්‍ය ඇමැති එච්.එම්.එම්.හාරිස්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහත්වරුන් හා පළාත් ක්‍රීඩා ඇමැතිවරුන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන්සිදුවිය.

41වැනි ජාතික ක්‍රිඩා උළෙලේ මෙවර බිහි නව වාර්තා මෙසේය

181පිරිමි- හෙල්ල විසිකිරීම- ආර්.එම්.එස්.ජේ.රණසිංහ (සබරගමුව) මීටර්.75.91, රිටි පැනීම – එම්.එච්.අයි.සඳරුවන්(බස්නාහිර) මීටර් 4.83, මීටර් 200 – එම්.වී.සුරංජය (දකුණ) තත්.21.02, මීටර් 100 – එම්.වී.සුරංජය (දකුණ) තත්.10.45

කාන්තා- මිටිය විසිකිරීම – පී.කේ.ඒ.ඒ.මධුවන්ති (ඌව) මීටර් 43.18 (නව ශ්‍රී ලංකා වාර්තාවකි), දුර පැනීම -එන්.සී.ඩී.ප්‍රියදර්ශනී (බස්නාහිර) මිටර් 6.43 (නව ශ්‍රී ලංකා වාර්තාවකි), මීටර් 5000 – නිලානි රත්නායක (සබරගමුව)විනාඩි 16.50:67, තුම්පිම්ම – විදූෂා ලක්ෂානි (බස්නාහිර) මිටර්. 12.98, මීටර් 800 – ඩබ්.කේ.එල්.ඒ.නිමාලි (දකුණ)වි.2.05:32, මීටර් 400 කඩුලු – ඩබ්.පී.ඊ.ආර්.දුලක්ෂි (දකුණ) තත්.59.51, හෙල්ල විසිකිරීම – නදීකා ලක්මාලි (දකුණ)මීටර්. 58.52, මීටර් 400×4 – දකුණු පළාත විනාඩි 3.43:98