හැව්ලොක් සහ මහනුවර කණ්ඩායම් අපරාජිතව පෙරමුණේ

379
Air force v Kandy - Dialog Rugby 2015

ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා රග්බි සංගමය හා එක්ව සංවිධානය කරන ලදඅන්තර් සමාජ ඩයලොග් ලිග් රග්බි තරගාවලියට අයත් තරග කිහිපයක් පසුගියදා පැවැත්විය.

තරග සති අන්තය ආරම්භ කරමින් නාවික හමුදාකණ්ඩායම  සහ යුධ හමුදා කණ්ඩායම වැලිසරදී තරග වැදුනු අතර ලකුණු 18-17 ලෙස තියුණු ජයක් ලබා ගැනිමට යුධ හමුදා කණ්ඩායම සමත්විය. ගෝල 1ක් , උත්සහක දිනුමක් සහ සහ දඩුවම් පහර 2ක් සාර්ථක කරගත් යුධ හමුදාව තම ලකුණු පුවරුව 18ක් ලෙස සටහන් කරගත් අතරනැවියන්ට එක් ලකුණක පරාජයක් හිමි වුයේ ගෝල 1ක් සහ උත්සහක දිනුම් 2ක් පමණක් වාර්තා කල නිසාය.

Havelock SCතරගාවලියේ  2සතියේ පැවති තවත් තරගයකින් ජය ගන්නට පොලිස් කණ්ඩායමට හැකිවිය. තරගය C.H කණ්ඩායම සහ පොලිස් කණ්ඩායමඅතර පැවතිණි. විශේෂත්වය වන්නේ පොලිස් කණ්ඩායමේ බාධක ඉදිරියේ C.H පිළට කිසිදු ලකුණක් ලබා ගැනිමට නොහැකි විමයි. තරගයඅවසන් වුයේ ලකුණු 62-0 ලෙස විශිෂ්ට ජයක් පොලිස් කණ්ඩායම හිමිකරමිණි. පොලිස් කණ්ඩායමේ ලකුණු 62ට ගෝල 6ක් සහ උත්සහකදිනුම් 4ක් අයත් විය.

අපරාජිත මහනුවර රග්බි කණ්ඩායම නිත්තවල දී ගුවන් හමුදා කණ්ඩායම සමග තරග වැදුණු අතර එහිදි ගුවන් හමුදාව පරදවා මහනුවර කණ්ඩායමලකුණු 63-12 ලෙස ජය වාර්තා කලේය. මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 6ක්, උත්සහක දිනුම් 3ක් සහ දඩුවම් පහර 2ක් සාර්ථක කරගනිමින්ජය වාර්තා කරද්දී ගුවන් හමුදා කණ්ඩායම දඩුවම් පහර 4ක් පමණක් සාර්ථක කරගනිමින් ලකුණු 12 රැස් කලේය.

C.R රග්බි කණ්ඩායම සහ හැව්ලොක් රග්බි කණ්ඩායම අතර පැවති තරගයෙන් හැව්ලොක් පිළට ලකුණු 34-18 ලෙස අපරාජිතව ජය ගන්නටහැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ පළමු අර්ධයේම ලකුණු 8-17 ක් ලෙස පෙරමුණ ගෙන තිබු හැව්ලොක් පිළ  ගෝල 4ක් සහ දඩුවම් පහර 2ක් වාර්තා කරමින් සිය ලකුණුපුවරුව ඉදිරියේ සටහන් කරගත් අතර C.R ක්‍රීඩකයින්ට  උත්සහක දිනුම් 3ක් සහ එක් දඩුවම් පහරක් සාර්ථක කරගන්නට හැකිවිය.