ජාතික ස්කොෂ් ශුරයා රවිඳු, ශූරිය නදුනි

367
National squash competition

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය විසින් 35වැනි වරටත් සංවිධානය කරන ලද 35වැනි ජාතික ස්කොෂ් තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116ක පමණ සහභාගිත්වයෙන් යුතුව පසුගියදා නිමාවට පත්විය.

තරගාවලියේ තරග ඉසව් වයස් කාණ්ඩ 8කින් සමත් වු අතර ජාතික ස්කොෂ් ශුරයා ලෙස රවිඳු ලක්සිරිත්, ජාතික ශූරිය ලෙස නදුනි ගුණවර්ධනත් සම්මානයට පාත්‍ර විය.

පිරිමි අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් අනතුරුව ජාතික ශුරයෙකු වු ෂාමිල් වකිල් පරාජය කළ රවිඳු ලක්සිරි ශුරතාව තමන් සතු කරගත් අතර ශුරතාව පළිහට අමතරව රුපියල් 37,000 මුදල් ත්‍යාගයක් ද හිමිවිය.

කාන්තා අවසන් මහා සටන කාගේත් අවධානයට යොමු විය. ඒ අවසන් තරගයේදි ශුරතාව සදහා සහොදරියන් දෙදෙනකු තරග කිරිමයි.

එහිදි සිය නැගණිය වු කසුනි ගුණවර්ධන පරාජය කළ නදුනි ගුණවර්ධන කාන්තා ශුරතාව තමන් සතු කරගත් අතර ඇයටද ශුරතා පළිහට අමතරව රුපියල් 25,000 මුදල් ත්‍යාගයක් ද හිමිවිය.

තරගාවලිය එල්.ඕ.එල්.සී. හා ජුමේරා ෆෝ සීසන් පෞද්ගලික සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් පැවැත්විණි.