යුවරාජ් සිංගේ රසිකයින්ට කණගාටුදායක පුවතක්

328

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සහ පළමු පෙළ පිටියට සමුදීමට අද (10) තීරණය කර තිබෙනවා.

සිංහයින්ගේ බංගලි මෙහෙයුම කොහොම අවසන් වෙයි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි තරගය හෙට (11)…

යුවරාජ් සිං 2000 වසරේ දී කෙන්යාවට එරෙහිව පැවති තරගයක දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර ගත් අතර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඔහු එක්දින තරග 304කට, ටෙස්ට් තරග 40කට සහ විස්සයි විස්ස තරග 58කට ක්‍රීඩා කර තිබුණි.

2011 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ යුවරාජ් සිං 2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පන්දු 6ක් තුල හයේ පහර 6ක් එල්ල කරමින් නව ලෝක වාර්තාවක් ද පිහිටවනු ලැබීය.

එසේම 2000 වසරේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා ඉන්දීය කණ්ඩායම රැගෙන යෑමට යුවරාජ් විශාල මෙහෙයක් කළේ එම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමිනුයි. අවසානයේ එම තරගාවලියේ වීරයා බවට පත්වූයේ ද යුවරාජ් සිං ය.

මොහොමඩ් ශේශාඩ්ගෙන් බරපතළ චෝදනාවක්

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින, ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන මොහොමඩ්…

ඉන්දියාව ජය ගත් වයස අවුරුදු 19න් පහළ (2000), විස්සයි විස්ස (2007) හා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි (2011) 3 දී ම පිළිමළුන් පිටුදැකීමේ තරග වටවල දී ලකුණු 50ට වඩා වාර්තා කර ගත් ලොව එකම ක්‍රිකට් තරුව වන්නේ ද ඔහුයි.

37 හැවිරිදි යුවරාජ් සිං අද දිනයේ දී ගත් මෙම සුවිශේෂී තීරණයත් සමඟ ඉදිරියේ දී ඔහු IPL තරග සඳහා ද ක්‍රීඩා නොකරනු ඇත. කෙසේ නමුත් ඔහු අවසන් වරට ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ ශූරයින් ලෙස තරගාවලිය නිමා කිරීම යුවරාජ්ගේ ක්‍රිකට් දිවියේ වටිනාකම දෙගුණ තෙගුණ කිරීමට සමත් විය.

ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කර තිබුණේ 2017 වසරේ දීයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<