මලල ක්‍රීඩාවේ දිසාපාමොක් දිවියෙන් නික්ම යයි

99

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ යෝගානන්ද විජේසුන්දර මහතා අද (14) අභාවප්‍රාප්ත වූ අතර 75 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

60 දශකයේ දී ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙක් වූ යෝගානන්ද විජේසුන්දර මහතා වොලිබෝල් ක්‍රීඩාව අතහැර මලල ක්‍රීඩාවට එක් වූයේ මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන්. වරක් එම ඉසව්වෙන් ජාතික ශූරයා ද වූ  ඒ මහතා බණ්ඩාරවෙල ක්‍රීඩා නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට එක්වන්නේ 1967 වසරේ දී ය.

ලෝක පැරා ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 9ක්; නායකයා දිනේෂ්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන 2019 ලෝක ……

මීට වසර 37කට පෙර එනම් 1979 දී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ක්‍රීඩා පාසල වර්තමානයේ වසරකට ක්‍රීඩා ඩිප්ලෝමාධාරීන් රැසක් බිහි කරන ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් බවට පත් කරලීම සඳහා උර දුන් ප්‍ර‍මුඛයා වූයේ ද යෝගානන්ද විජේසුන්දර මහතායි. ඔහු ක්‍රීඩා විද්‍යායතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා ද වේ. 

1990 ප්‍රථම වරට පැවති කාන්තා මැරතන් තරගයේ ජයග්‍රාහිකාව සහ ප්‍රථම ශ්‍රී ලංකා වාර්තා ලාභිනිය වූ තමරා පද්මිනී යෝගාන්නද විජේසුන්දර මහතා යටතේ පුහුණුව ලැබූ කීර්තිමත් ක්‍රීඩිකාවකි.

1984 ප්‍රථම වරට නේපාලයේ කත්මන්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස ද හෙතෙම කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මංගල ජයග්‍රහණය

20 වැනි ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා …..

එමෙන්ම තිලකා ජිනදාස (මීටර් 100 කඩුලු), දිලීමා පීටර්සන් (දුර පැනීම), ධම්මිකා මැණිකේ (මීටර් 800), ජයමිනි ඉලේපෙරුම (මීටර් 100, 200, 400 හා 800), රවින්ද්‍ර කුමාර ප්‍රනාන්දු (මීටර් 400), කේ. ඒ. කරුණාරත්න (මීටර් 1000 සහ මැරතන්), මංජුල රාජකරුණා (මීටර් 110 කඩුලු), පද්ම කුමාර අමරසේකර (මීටර් 400) යනාදි ක්‍රීඩික ක්‍රීඩිකාවන් ද ඔහු යටතේ පුහුණුව ලැබුවෝය.  වසර 50ක්‍ ක්‍රීඩාවේ දියුණුවට ඔහු කළ අපමණ මෙහෙය සුවිශාල එකකි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<