අමුතු එක්දින තරගයේ දී හයේ පහර 48යි; හතරේ පහර 70යි

105

බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන පෙළ එක්දින ක්‍රිකට් තරගයක දී කණ්ඩායම් ද්විත්වයම එක්ව ලකුණු 818ක් වාර්තා කිරීමට සමත්ව තිබේ. එහි දී හයේ පහර 48ක් හා හතරේ පහර 70ක් එල්ල කිරීමට පිතිකරුවන් සමත්ව ඇත. 

එම තරගයේ ජයග්‍රහණය උතුරු බෙංගාල් ක්‍රිකට් ඇකඩමිය ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය. ඔවුන් පළමු ඉනිමේ දී කඩුලු 4කට ලකුණු 432ක් වාර්තා කිරීමට සමත් විය. 

ලකුණු 433ක් හඹාගිය ටැලන්ට් හන්ට් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල දී කඩුලු 7කට ලකුණු 386ක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ ජයග්‍රහණය උතුරු බෙංගාලි ක්‍රිකට් ඇකඩමිය සතු වූයේ ලකුණු 46කිනි. මෙහි දී පළමු ඉනිමේ දී බෙංගාලි ක්‍රීඩකයන් විසින් හයේ පහර 27ක් එල්ල කර ඇති අතර ටැලන්ට් හන්ට් කණ්ඩායම හයේ පහර 21ක් එල්ල කර ඇත. 

දකුණු අප්‍රිකාවට තරගයට අමතරව ප්‍රසාද ලකුණු 6කුත් නැති වෙයි

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාගෙන තිබූ ප්‍රසාද ලකුණු……………

“මේක අමුතුම තරගයක්. මම ඩකා දේශීය තරගාවලියත් එක්ක වසර ගාණක් කටයුතු කරලා තියනවා. ඒත් මම මේ වගේ දෙයක් දැකලා නෑ.” දේශීය තරග සංවිධායකයෙකු වන සයීඩ් අලි අසාෆ් පවසා සිටියා. 

බංග්ලාදේශ දේශීය තරග තරමක වෙනස් තරග වන අතර එහි දී වෙනස් ප්‍රතිඵල වාර්තා වීම සුලබ කරුණකි. ඒ සමඟම තරග පාවා දීමේ සිදුවීම් ද බහුලව වාර්තා වේ. 

2017 වසරේ එක් තරගයක දී ඒක පාර්ශ්වික විනිසුරුකරණයට එරෙහිව එක් පන්දු ‍යවන්නෙකු තම පන්දු ‍යැවීම තුල දී වයිඩ් පන්දු හා නිපන්දු යැවීම මඟින් අතිරේක ලකුණු 92ක් ලබාදී තිබුණි. මේ නිසා එම පන්දු ‍යවන්නාට වසර 10ක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි. 

එම ඩකා ලීග් තරගයේ දී ලල්මටීයා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පළමු පන්දුවාරයේ දී වයිඩ් පන්දු 13ක් හා නිපන්දු 3ක් යවා තිබූ අතර එම පන්දු සියල්ල ලකුණු 4 සීමාව පසුකර ගියේය. එම පන්දුවාරයේ දී ඔහු විසින් ලකුණු 80ක් ලබා දී තිබුණි. 

ලල්මටීයා කණ්ඩායම පළමු ඉනිම සඳහා පන්දුවාර 14ක දී ලකුණු 88කට සියල්ලන් දැවී ගිය අතර ඇක්සිඕම් කණ්ඩායම නිල පන්දු 4කට පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 92ක් ලබා ගැනීමට සමත් විය. 

දේශීය පළමු පෙළ තරගවලට නව පන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා Sanspareils……………..

මෙම දේශීය තරගාවලියක දී තරග පාවා දීම බහුලව සිදුවන අතර එහි ප්‍රබලතම අවස්ථාව වාර්තා වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දීය. ඒ බංග්ලාදේශ හිටපු නායක ශකීබ් අල් හසන් විසින් මෙම තරග බොහෝමයක ප්‍රතිඵලය තරගයට පෙර තීරණය වන බව ප්‍රසිද්ධියේ පවසා සිටීමෙන් පසුවය. 

ශකීබ්ගේ එම ප්‍රකාශයට සහය දක්වමින් හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ආයතන සභාපති, එංගලන්තයේ නීතිඥයෙකු, ව්‍යාපාරිකයෙකු හා පාර්ලිමේන්තු සාමාජිකයෙකු වන සාබර් හොසේන් චෞද්‍රි පවසා සිටියේ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තුල ගැඹුරු ලෙස ව්‍යාප්ත වී ඇති තරග පාවාදීම් හා දූෂණ රැසක් ක්‍රියාත්මක වන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<