ආසියානු ආබාධිත වොලිබෝල් තරගාවලියට තේරීම් තරග ආරම්භ වේ

229
Disable volleyball championship

එළඹෙන ජුනි මස 5 වැනි දා සිට 12 වැනි දා දක්වා චීනයේ ෂැංහයි නුවර දී පැවැත්වීමට නියමිත, ආසියානු ශූරතා ආබාධිත (ඉදගෙන ක්‍රීඩා කිරීමේ) වොලිබෝල් තරගාවලිය සඳහා වන දේශීය ක්‍රීඩකයින්ගේ තෝරා ගැනීමේ තරග මේ මස 22 සහ 23 යන දිනයන් වල දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව 9 වන තැනට පසු බසී

මියන්මාරයේ නේ-පී-ටෝ (Nay-Pyi-Taw) හි පැවැත්වෙන SMM 11 වන ආසියානු 19න් පහළ බාලක වොලිබෝල් ශූරතා තරගාවලියේ 9 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුනේ, 9 වන ස්ථානය…

මෙම තෝරා ගැනීම් තරග කුරුණෑගල බෝයගනේ විජයබා පාබල හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තෝරා ගැනීම් සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ආබාධිත ක්‍රීඩකයෙකුට සහභාගී විය හැකි අතර සහභාගී වන තරගකරුවන් 22 සහ 23 යන දිනයන් හි දී උදෑසන 8.30 අදාළ ස්ථානය වෙත පැමිණිය යුතු වේ.

ලෝක ශූරතාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර ආසියානුකරයේ රටවල් රැසක ආබාධිත ක්‍රීඩකයින් මේ සඳහා සැදී පැහැදී සිටින බව නම් නොඅනුමානයි.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට