සංචාරක ඉන්දීය කණ්ඩායමේ තරග සංචාරය නිමා වෙන්නේ 9-0ක තරග පරාජයක් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි කර දෙමිනි. එය ලොව කණ්ඩායකමක් ලැබූ දරුණුතම පරාජයක් සේ සැලකෙති. මීට පෙර පාකිස්තාන කණ්ඩායම මේ තැන ගෙන සිටියේ 8-0ක පරාජයක් ලබමිනි. නමුත් ඔවුන් එම පරාජයන් ලබන්නේ සංචාරක කණ්ඩායමක් සේ ඕස්ට්‍රේලියාවේ දී ය. එබැවින් සත්කාරක කණ්ඩායමක් සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලත් පරාජය ලැජ්ජා සහගත පරාජයක් සේ ද සැලකේ.

“නැති බැරි සහ ඇති හැකි ශ්‍රී ලංකා ක්‍රිකට්” ගැන සංගා කතා කරයි

ක්‍රිකට් ගැන මත, දුර්මත, ප්‍රතිමත පැතිර යන කාලයක ක්‍රිකට් ගැන විශ්ලේෂණය කිරීම ද ඇතැම් විට හාස්‍යජනක…

දිගින් දිගටම ලබන මේ පරාජ රැල්ල ක්‍රිකට් ප්‍රේමීන්ගේ හිත් හිරිවට්ටා තිබේ. ක්‍රිකට් පාලකයෝ ද මේ හේතුවෙන් විපිළිසරව සිටිනු ඇත. ක්‍රීඩකයෝ ද මේ රැල්ලට නැවතීමේ තිත තැබීමට නොගන්නා උත්සාහයක් නැත.  

වසර 35ක ටෙස්ට් තරග ඉතිහාසයකින් හෙබි ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අඳුරුතම පරිච්ඡේදය මෙය විය යුතුය. මේ කාලය ඇතුළත ටෙස්ට් තරග 262කට සහභාගී වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන් තරග 82ක් ජයග්‍රහණය කරමින් තරග 99ක පරාජයන් ලබා ඇත. විසඳුමකින් තොරව අවසන් වූ තරග ප්‍රමාණය 81කි.

මේ දත්තයන් බැලූ බැල්මටම එතරම්ම අවුල් සහගත එකක් නොවේ. ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර මේ දත්තයන්ට ලැබෙන්නේ යම් තරමක ඉහළ පිළිගැනීමකි. ඒ අනුව බැලූ බැල්මටම අවුල් වී ඇත්තේ මෑත කාලීන දක්ෂතා ය. අපි හොදාකාරවම දන්නා දෙයක් තිබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව 5-0ක ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලැබූ බැව්. එම වසරේ දී අප කණ්ඩායම ටෙස්ට් තරග 9කට ක්‍රීඩා කරමින් ඉන් තරග 5ක් ජයග්‍රහණය කරමින් එංගලන්තය සමඟ පැවති තරග 2 සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය පරාජය වෙමින් තරග පරාජයන් 3ක් ලැබුවේ ය. එක් තරගයක් විසඳුමකින් තොරව නිමා විය.

Sri-Lanka-Cricket-Team-2017-ICC-Champions-Trophyනමුත් මේ දක්ෂතා මේ වසරේ දී මතු වූයේ නැත. ගෙවී ගිය මාස 9 දී අප කණ්ඩායම ටෙස්ට් තරග 8කට සහභාගී වෙමින් ලබා ඇත්තේ ජයග්‍රහණ දෙකකි. ඒ මෙරට සංචාරය කළ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව ය. කිසිදු තරගයක් විසඳුමකින් තොරව නිමා කර ගැනීමට නොහැකි වූ අප පැවති තරග 8න් 6කම සත්කාරකත්වය ද දරන්නේ ය. එසේ වූව ද ඉන් තරග දෙකක දී ඉනිම් පරාජයන් ද  තවත් තරගයක දී ලකුණු 300 ඉක්ම වූ දැවැන්ත පරාජයක් ද වෙති.

මේ පරාජයන් රැල්ල ආරම්භ වන්නේ පසුගිය වසරේ දකුණු අප්‍රිකා සංචාරයෙනි. ඔවුන් සමඟ පැවති තරග ත්‍රිත්වයම අප පරාජය වන්නේ ය. නමුත් මෙම සංචාරයට එක් වන විට අප සිම්බාබ්වේට එරෙහිව ටෙස්ට් තරග දෙකක් ජය ලබා තිබුණි. එහෙත් එය දිගින් දිගටම පවත්වා ගැනීමට අපට හැකි වූයේ නැත.

එසේම පසුගිය වසර 5 ගණනය කරන්නේ නම් එහි දී ද අපගේ දක්ෂතා එතරම්ම අවුල් නැත. 2012 වසරේ සිට නිමා වූ 2016 දක්වා අප ටෙස්ට් තරග 46කට සහභාගී වී ඇත. ඉන් තරග 18ක් ජය ලබා ඇති අප පරාජය වී ඇත්තේ තරග 19කි. විසඳුමකින් තොරව නිමා කළ තරග ගණන 9කි. මේ වසර 5න් අප කණ්ඩායම ඉතාම හොඳින් දක්ෂතා දක්වා ඇත්තේ ගෙවී ගිය වසරේ දී ම වීම කැපී පෙණේ.

නමුත් අවාසනාවෙන් ඇරඹි මේ වසරේ අපේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශකාරී කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකානුවෝ ම ය. පසුගිය වසර නිමා වෙද්දී ඔවුන් සමඟින් ආරම්භ වූ තරග 3කින් සමන්විත තරගාවලිය 2017 ජනේරුව උදා වෙන්නේ අප කණ්ඩායමට 1-0ක තරග පරාජයක් හිමි කර දෙමිනි. එම අවාසනාවම ඉතිරි ටෙස්ට් තරග දෙකේදීත් විඳීමට අප කණ්ඩායමට සිදු වුණි. එය තරග පරාජයන් වැලක ආරම්භය ද වුණි.

ශ්‍රී ලංකාව සහභාගී වූ ටෙස්ට් තරග තොරතුරු- 2017

ප්‍රතිවාදීන් ජය පරතරය ක්‍රීඩාංගණය
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ලකුණු 282 කේප් ටවුන්
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ඉනිමක සහ ලකුණු 118 ජොහැන්නස්බර්ග්
බංග්ලාදේශය ශ්‍රී ලංකාව ලකුණු 259 ගාල්ල
බංග්ලාදේශය බංග්ලාදේශය කඩුලු 4 පී. සරා ඕවල්
සිම්බාබ්වේ ශ්‍රී ලංකාව කඩුලු 4 ආර්. ප්‍රේමදාස
ඉන්දියාව ඉන්දියාව ලකුණු 304 ගාල්ල
ඉන්දියාව ඉන්දියාව ඉනිමක් සහ ලකුණු 53 එස්. එස්. සී
ඉන්දියාව ඉන්දියාව ඉනිමක් සහ ලකුණු 171 පල්ලෙකැලේ

1975න් ඇරඹි ශ්‍රී ලංකා එක් දින තරග ඉතිහාසයේ මේ ගෙවී ගියේ 803 වැනි තරගයයි. එම තරග අතුරින් තරග 372ක ජයග්‍රහණයක් අප සතු ය. තරග 390ක් පරාජය වී ඇති අප තරග 5ක් ලකුණු සම වීමෙන් නිමා කර ඇත. විසඳුමකින් තොරව අතහැර දැමූ තරග ප්‍රමාණය 36කි.

වරෙක එක්දින ලෝක ශූරයන් ද වූ අප එළඹෙන එක්දින ලෝක ක්‍රිකට් ශූරතාව සඳහා සහභාගී වීමට තව කණ්ඩායම්වල තරග ජය පරාජයන් ගණනය කරමින් සිටී. ඊට ද ඉවහල් වී ඇත්තේ මේ දිගින් දිගටම ලබන පරාජයන් ම ය. මේ වසරේ නිමා වූ කාලය තුළ එක්දින ජාත්‍යන්තර තරග 21කට සහභාගී වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන් ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණි. තරග 16ක් පරාජය වන්නේ ය. එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වන්නේ ය.

70එක් දින තරග පිටියේ එම දත්තයන්ට ලැබෙන්නේ එතරම් හොඳ තැනක් නොවේ. මේ පරාජයන් වැලේ ආරම්භය ද දකුණු අප්‍රිකානුවෝ ම ය. ටෙස්ට් තරගාවලියෙන් 3-0ක පරාජයක් ලැබූ අප එක්දින තරගාවලිය ද 5-0කින් පරාජය වන්නේ ය. ඒ අනුව මෙම වසර ආරම්භයම අප කණ්ඩායමට එතරම් සුබ දායක වී නැත. ටෙස්ට් පරාජය සේ ම එක් දින තරග පරාජය ද කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බින්දුවට ඇද දැමුවාට කිසිදු සැකයක් නැත. ඉන් අනතුරුව ගෙවෙන කාලයේ දී මෙරටට පැමිණෙන බංග්ලාදේශ ක්‍රීඩකයන් හා සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ද අප පරාජය වන්නේ ය. දෙවැනි තරගය වැසි දියෙන් සේදී යෑම හේතුවෙන් අතහැර දැමූ විසඳුමකින් තොරව නිමා වූ තරගයක් සේ ගණනය වෙද්දී තෙවැනි තරගයේ දී ජය අප ක්‍රීඩකයෝ ලබති. එම ජයග්‍රහණය තරගාවලිය 1-1ක් සේ නිමා කිරීමට හේතු වූ අතර එය ලැජ්ජා සහගත තරග පරාජයකින් බේරාගත් තරගයක් ද විය.

වෛරයෙන් නොව ආදරයෙන් විසඳුම් සොයමු

1996 මාර්තු 13 – කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණය – ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට කළුපැල්ලමක් එක්…

නිමා වෙමින් පැවතෙන වසරේ දී අප කණ්ඩායම ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියට ද සහභාගී වූවේ ය. තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව සමඟ පැවති අතර ඉන් අප කණ්ඩායමට හිමි වූයේ ලකුණු 96ක පරාජයකි. දෙවැනි තරගය වූයේ ඉන්දියාව සමඟ තරගයයි. මේ පරාජයන් වැලේ තවත් එක් තරගයක් මෙය බැව් බොහෝ දෙනෙක්ගේ මතය වුණි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සියලු මතයන් අභියෝගයට ලක් කරමින් ප්‍රබල ඉන්දියානුවන්ට එරෙහිව කඩුලු 7ක ජයක් ලබන්නේ ය. එය පරාජයන් වැලේ නිමාව වනු ඇතැයි අප කාගේත් බලාපොරොත්තුව විය. නමුත් එය කෙටි විරාමයක්ම පමණක් විය. අනතුරුව පැවති පාකිස්තානය හා සමඟ තරගයේ දී අප කණ්ඩායමට හිමි වූයේ කඩුලු 3ක පරාජයකි.

ඉන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගාවලිය 3-2ක් ලෙසින් ද අවසානයට පැවති ඉන්දියාව සමඟ පැවති තරගාවලිය 5-0ක් ලෙසින් ද නිමා විය.

මේ වසරේ දත්තයන් එසේ වූව ද ගෙවී ගිය 2016 වසරේ දී අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා තරමක විශ්වසනීය මට්ටමේ විය. එම වසරේ දී එක්දින තරග 19කට සහභාගී වූ අප ක්‍රීඩකයෝ ඉන් තරග 6ක් ජයග්‍රහණය කරමින් තරග 9ක් පරාජය වන්නේ ය. තරග 3ක් විසඳුමකින් තොරව නිමා වූ තරග ලෙස සටහන් වෙද්දී එංගලන්තය සමඟ නොටින්ග්හැම් හී පැවති තරගය ලකුණු සම වීමෙන් නිමා කෙරුණි.

ශ්‍රී ලංකාව සහභාගී වූ එක්දින තරග තොරතුරු- 2017

ප්‍රතිවාදීන් ජය පරතරය ක්‍රීඩාංගණය
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව කඩුලු 8 පෝර්ට් එළිසබෙත්
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ලකුණු 121 ඩර්බන්
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව කඩුලු 7 ජොහැන්නස්බර්ග්
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ලකුණු 40 කේප් ටවුන්
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ලකුණු 88 සෙන්චූරියන්
බංග්ලාදේශය බංග්ලාදේශය ලකුණු 90 දඹුල්ල
බංග්ලාදේශය විසඳුමක් නැත දඹුල්ල
බංග්ලාදේශය ශ්‍රී ලංකාව ලකුණු 70 එස්.එස්.සී
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ලකුණු 96 ද ඕවල්
ඉන්දියාව ශ්‍රී ලංකාව කඩුලු 7 ද ඕවල්
පාකිස්තානය පාකිස්තානය කඩුලු 3 කාඩිෆ්
සිම්බාබ්වේ සිම්බාබ්වේ කඩුලු 6 ගාල්ල
සිම්බාබ්වේ ශ්‍රී ලංකාව කඩුලු 7 ගාල්ල
සිම්බාබ්වේ ශ්‍රී ලංකාව කඩුලු 8 හම්බන්තොට
සිම්බාබ්වේ සිම්බාබ්වේ කඩුලු 4 හම්බන්තොට
සිම්බාබ්වේ සිම්බාබ්වේ කඩුලු 3 හම්බන්තොට
ඉන්දියාව ඉන්දියාව කඩුලු 9 දඹුල්ල
ඉන්දියාව ඉන්දියාව කඩුලු 3 පල්ලෙකැලේ
ඉන්දියාව ඉන්දියාව කඩුලු 6 පල්ලෙකැලේ‍
ඉන්දියාව ඉන්දියාව ලකුණු 168 ආර්. ප්‍රේමදාස
ඉන්දියාව ඉන්දියාව කඩුලු 6 ආර්. ප්‍රේමදාස

විස්සයි 20 ලෝක ශූරයන් සේ අභිශේක ලැබූ අප මේ වන විට විස්සයි 20 තරග 96කට සහභාගී වී ඇත. ඉන් තරග 51ක් ජයග්‍රහණය කර ඇති අප පරාජය වී ඇති තරග සංඛ්‍යාව 43කි. තරගයක් විසඳුමකින් තොරව අතහැර දමා තිබේ. මේ වසරේ පැවති ජාත්‍යන්තර තරග අතුරින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ යම් තරමකින් හෝ ජාමෙ බේරා ගන්නේ විස්සයි 20 තරගවලිනි.

නිමා වූ ඉන්දීය සංචාරය වන විට මේ වසරේ දී අප ක්‍රීඩකයෝ විස්සයි 20 තරග 9කට සහභාගී වී ඉන් තරග 5ක් ජය ලබන්නේ ය. ඒ දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශ යන රටවල කණ්ඩායම් සමඟය.

පැහැබර අනාගතයකට නම්

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින..

මේ වසර ආරම්භයේ දී ම දකුණු අප්‍රිකානුවන් වෙතින් ටෙස්ට් සහ එක් දින තරගාවලි පරාජය වෙමින් පළමු විස්සයි 20 තරගයෙන් ද පරාජය වෙමින් අවාසනාවන්ත වසර නැවත වරක් ආරම්භ කරන්නේ ය. නමුත් අප කණ්ඩායම මෙම තරග අංශයේ වඩාත් වැඩකාරයන් බැව් ඒත්තු ගැන්වීමට අවසන් තරග දෙක උපයෝගී කර ගැනීමට අප ක්‍රීඩකයෝ සමත් වූහ. එම ජයත් සමඟ මේ වසරේ ලැබූ ප්‍රථම තරගාවලි ජයග්‍රහණය ලබා ගැනීමට අප ක්‍රීඩකයෝ සමත් වෙති.

අනතුරුව ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගාවලිය ද 2-1ක් සේ ජය ලබා ගැනීමට අපේ ක්‍රීඩකයෝ සමත් වුහ. ඒ සියලු තරග අප කණ්ඩායමට සංචාරක තරග වූ අතර ඊට පසුව මෙරට දී පැවති තරග ත්‍රිත්වයේ දී නම් අප කණ්ඩායමට හිමි වූයේ එක් ජයග්‍රහණයක් පමණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ය. අනතුරුව පැවති තරග දෙකේ දී ම අප කණ්ඩායම හිමි වූයේ පරාජයන් ය.  

ශ්‍රී ලංකාව සහභාගී වූ විස්සයි 20 තරග තොරතුරු- 2017

ප්‍රතිවාදීන් ජය පරතරය ක්‍රීඩාංගණය
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ලකුණු 19 සෙන්චූරියන්
දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව කඩුලු 3 ජොහැන්නස්බර්ග්
දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව කඩුලු 5 කේප් ටවුන්
ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව කඩුලු 5 මෙල්බර්න්
ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව කඩුලු 2 ජීලොන්ග්
ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව ලකුණු 41 ඇඩිලේඩ්
බංග්ලාදේශය ශ්‍රී ලංකාව කඩුලු 6 ආර්. ප්‍රේමදාස
බංග්ලාදේශය බංග්ලාදේශය ලකුණු 45 ආර්. ප්‍රේමදාස
ඉන්දියාව ඉන්දියාව කඩුලු 7 ආර්. ප්‍රේමදාස

කරුණු කාරණා අනුව නම් අප මේ වසරේ තරගවලට පිවිසෙන්නේම ඉතාම දක්ෂ කණ්ඩායමක් සේ ය. නමුත් අවාසනාව ද ඒ හා සම ව අප පසුපසින් පැමිණ ඇත. ඒ දකුණු අප්‍රිකා සංචාරය හමුවේ දී ය. අවාසනාව යනු අප මේ වසරේ හා හා පුරා සහභාගී වූ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරග ත්‍රිත්වයේ දී ම ලබා ඇත්තේ පරාජයන් ය. අනතුරුව ලැබූ මේ පරාජයන් වැලේ ආරම්භය ද එයම වන්නේ ය.

දැන් නම් ඉතිං, මේ පරාජයන් හොඳටම ප්‍රමාණවත් ය. එබැවින් මෙහි වෙනසක් සිදු විය යුතුය. එහි නියමුවෝ විය යුත්තේ අප විසින් විශ්වාසය තබා සිටින ක්‍රීඩකයෝ ම ය. ක්‍රීඩාංගණවල කලහකාරී ලෙස හැසිරෙන ක්‍රිකට් ප්‍රේක්ෂකයා නැවත සැබෑ ක්‍රිකට් වින්දනයෙක් කිරීම අපහසු නැත. ඊට කළ යුත්තේ වින්දනීය ක්‍රිකට් ක්‍රීඩාවක් නැවත පිටියේ ස්ථාපිත කිරීම ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<