තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව ගොඩයයි

95

නුදුරේදීම ඇරඹෙන උණුසුම් තරගාවලියක් ගැන ඉඟි පළ කරමින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සහ සත්කාරක ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගය අද (17) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක් හිමිකර දෙමිනි. එහිදී කණ්ඩායම් දෙකෙන්ම ඉහළ දස්කම් ප්‍රකට වූ අතර කොදෙව් පිළ වෙනුවෙන් ඩැරන් බ්‍රාවෝ ද, ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් උපුල් තරංග ද ශතක වාර්තා කර ගැනීමට සමත් වූහ. 

ලෝක ක්‍රිකට් බලවතුන්ගේ ආසියානු ආක්‍රමණයට දින නියම වෙයි

ලෝක ක්‍රිකට් පිටියේ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සමඟින් ආසියානු කලාපීය……

කොළඹ පී සරා ඕවල් පිටියේ දී ඇරඹුනු මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ කොදෙව් නායක කිරන් පොලාර්ඩ්ටයි. ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තමන් සතුකර ගැනීමට ඔහු පියවර ගත්තේ දිවා තරගයක එය වැඩි වාසි ගෙනදෙන බැවිනි. නමුත් ඔහු තම කණ්ඩායම ගැන තැබූ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බොඳ කරමින් කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබාම දැවී ගියේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි. එහිදී අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මදුශංක සාර්ථක ප්‍රතිඵල නෙලාගත් පන්දු යවන්නන් දෙදෙනා වූහ.

කෙසේවෙතත් එතැන් පටන් ගොඩ නැගුණු සබඳතාවය ශතකයද පසුකර ගියේ කොදෙව් පිළේ පිළිසකර කිරීමේ වෑයම සාර්ථක කරමිනි. එහිදී තම ක්‍රීඩා දිවියේ මුල් කාලය තුලම “ලාරාගේ අවතාරය” ලෙසින් විරුදාවලි ලැබූ ඩැරන් බ්‍රාවෝ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කර ගත්තේ පන්දු 88කට පමණක් මට මුහුණ දෙමිනි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. 

කොදෙව් ඉනිම ලකුණු 283ක් දක්වා ඉදිරියට ගෙන යාමට උරදුන් සුනිල් ඇම්බ්‍රයිස් සහ නිකලස් පූරන් ලකුණු 41 බැගින් රැස් කළහ. පසුපෙළ පිතිකරුවන් ලෙස ජේසන් හෝල්ඩර් ලකුණු 22ක් රැස් කරද්දී ෆැබියන් ඇලන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 28කි. කෙසේවෙතත් මෙම ඉනිම අතරතුරේ ඩ්වේන් බ්‍රාවෝ සහ නිකලස් පූරන් ඉනිම අත්හිටුවා අනෙක් පිතිකරුවන්ට අවස්ථාව ලබා දීමේ අටියෙන් පිටිය හැර යාමද, ආසියානු තණතිලි ගැන හොඳින්ම දන්නා කිරන් පොලාර්ඩ් අංක 10 පිතිකරු ලෙස පමාවී පිටියට පැමිණීමද කොදෙව් පිළට හිමිවිය යුතු ලකුණු වලින් යම් ප්‍රමාණයක් කප්පාදු කිරීමට හේතුවිය.

ක්‍රිකට් ක්‍රීඩාවේ යුගයක් වර්ණවත් කළ ග්‍රේග් චැපල්

එය 1970/71 අළුබඳුන තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයයි. එංගලන්ත කණ්ඩායමේ……..

පන්දු යැවීමේ දී තමන් ලද අවස්ථාවෙන් ඵල නෙලාගත් වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංක තමා පිලිබඳ තේරීම් කමිටුවේ අවධානය දිනා ගනිමින් ලකුණු 47ට කඩුලු 5ක් දවා ගත්තේය. මීට අමතරව දකුණතින් වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු කඩුලු 2කට හිමිකම් කීවේය. මෙම දස්කම් ඉදිරියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට තවත් පන්දු 8ක් ඉතිරිව තිබියදීම තම ඉනිම නිමා කරන්නට සිදුවූයේ ලකුණු 282කටයි. 

මෙම ඉලක්කය හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ද කඩුලු දෙකක් ලකුණු නොලබාම දැවී ගිය අතර එම අවාසනාවට හිමිකම් කියූවේ සඳුන් වීරක්කොඩි සහ පැතුම් නිශ්ශංකයි. නමුත් කොදෙව් ඉනිමේ සිදුවූ පරිද්දෙන්ම තෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 200කට ආසන්නව සාර්ථකව ගොඩ නැගීම නිසා ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ බලාපොරොත්තු නැවතත් දැල්වුණි. එහිදී කණ්ඩායම වෙනුවෙන් වැදගත්ම ඉනිම ක්‍රීඩා කළේ පන්දු 124කදී ලකුණු 120ක් ලබාගත් උපුල් තරංගයි. ඔහුගේ ඉනිම හතරේ පහර 16කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.

කලකට පෙර ශ්‍රී ලංකා පිළට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වූ අසේල ගුණරත්න අද නැවතත් අතීතය සිහියට නංවමින් ලකුණු 64ක් ලබා ගත්තේය. පන්දු 75කට මුහුණ දී අවසානයේ ඔහු දුවද්දී දැවී යනවිට හතරේ පහර 7ක් එල්ල කර තිබුණි. ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුත් අද ඉනිම අත්හිටුවා ක්‍රීඩාගාරයට හැරී නොගියද විටින් විට කඩුලු බිඳ වැටීම නිසා තරගය අවසන් වනවිට කඩුලු 8ක් බිඳ වැටී අවසන්ව තිබුණි. නමුත් ඉනිම අවසන් වන්නට තවත් පන්දුවාර ඉතිරිව තිබූ නිසා තික්ෂිල ද සිල්වාට (25*) සහ පුලින තරංගට (11*) ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා කැටුව යාම අසීරු නොවීය.

එංගලන්තයේ දරුණු ප්‍රහාරය අප්‍රිකානු කුසලාන සිහිනය බොඳ කරයි!

වර්තමානයේ ක්‍රිකට් පිටිය තුල වඩාත්ම ආක්‍රමණශීලී කණ්ඩායම කුමක්දැයි…….

ඒ අනුව තවත් පන්දුවාර 2යි පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක් හිමිකර දෙමිනි. කණ්ඩායම් දෙක අතර මීලඟ පුහුණු තරගය ලබන 20 වැනිදා කටුනායක දී පැවැත්වෙන අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 22 වැනිදා SSC පිටියේ දී දිවා තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 282 (පන්දුවාර 48.4) : ඩැරන් බ්‍රාවෝ 100, සුනිල් ඇම්බ්‍රයිස් 41, නිකලස් පූරන් 41, ෆැබියන් ඇලන් 28, ජේසන් හෝල්ඩර් 22, රෝමන් පවෙල් 19, දිල්ශාන් මදුශංක 3/47, අසිත ප්‍රනාන්දු 2/17, තික්ෂිල ද සිල්වා 1/30.

ශ්‍රී ලංකා සභාපතිගේ පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 283 (පන්දුවාර 47.3) : උපුල් තරංග 120, අසේල ගුණරත්න 64, තික්ෂිල ද සිල්වා 25*, ලහිරු උදාර 22, ඇන්ජෙලෝ පෙරේරා 12, ශෙල්ඩන් කෝට්‍රල් 2/22, හේඩන් වොල්ශ් 2/52, ෆැබියන් ඇලන් 2/62.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<