ඔග්බෙබෝ, වෙස්ලි සුක්කානම සියතට ගනී!

217
Wesley College

එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී වෙස්ලි විදුහල මෙහෙයවීමේ භාරධූර කාර්ය No.8 ක්‍රීඩක සැමුවෙල් ඔග්බෙබෝ හට ලබා දී ඇත.

“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක්……

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ද වන සැමුවෙල් කණ්ඩායමේ තුන්වැනි වසරේ වර්ණලාභියෙකි. එසේම පසුගිය වසරේ දී ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ දී මෙන්ම ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයට ද ජයග්‍රහණ දිනා දීම සඳහා විශාල සේවයක් ඔහු විසින් ඉටු කළේය.

Line-Out අවස්ථාවකින් පන්දුව තමන් සතු කරගැනීමට විශේෂ දක්ෂතාවයක් ඇති සමුවෙල් ඔග්බෙබෝ එළඹෙන තරග වාරයේ දී සියලු කණ්ඩායම්වල අවධානය දිනා ගන්නා ක්‍රීඩකයෙකු වන බව නොඅනුමානයි. 

ධර්මරාජය දිනවීමේ වගකීම ජූඩ්ට!

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ධර්මරාජ විද්‍යාලයේ පළමු ……

එළඹෙන තරග වාරයේ දී කණ්ඩායමේ භාරකාරීත්වය, අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ක්‍රිෂාන් වෙත්තසිංහ හට හිමිවී ඇති අතර සහය පුහුණුකරු ධූරය CH&FC කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ෂෙහාන් ඩයස්ට හිමිවී ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<