ටර්ක්මෙනිස්තාන් යන ශ්‍රී ලංකා සංචිතය; වසීම්ට ලොකු වගකීමක්!

80

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය ටර්ක්මෙනිස්තානය හමුවේ එළඹෙන නොවැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය. 

එම තරගය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 22ක් ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිකුත් කර තිබේ. 

SAG යන පාපන්දු කණ්ඩායම නම් කෙරේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපන්දු තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 20……………

ශ්‍රී ලාංකීය පාපන්දු ප්‍රේක්ෂකයන් ‍රැසක් බලාපොරොත්තු තබාගෙන සිටි වසීම් රසීක් ද මෙම තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුලත්ව සිටී. ඔහු ජර්මනියේ බර්ලයිනර් AK07 ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු පසුගිය වසරේ සිට මෙරට ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට උත්සාහ කළ ද යම් යම් පරිපාලනමය ගැටලු නිසා එය අසාර්ථක විය. 

තරගය සඳහා නම් කළ සංචිතය සඳහා සුපුරුදු නායක කවිඳු ඉශාන් නම් කර නොමැති අතර ඔහුට මාස 4ක පමණ විවේකයක් නිර්දේශ කර තිබේ. ඒ දකුණු කොරියාව සමඟින් පැවති තරගයේ දී ඇතිවූ උරහිසෙහි ආබාධයක් නිසාවෙනි. 

තවද ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර නියෝජනය කළ ගෝල රකින්නා වූ මොහොමඩ් ලුත්ෆි මෙම සංචිතය සඳහා නම් කර නැත. ඒ ඔහු දණහිසේ ආබාධයකින් පීඩා විඳින නිසාවෙනි. ඒ වෙනුවට ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමේ ගෝල රකින්නා වන නුවන් ගිම්හාන සංචිතය සඳහා ඇතුළත් කර තිබේ. 

කවිඳු ඉශාන් සංචිතය සඳහා ඇතුළත් නොවන නිසා මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මොහොමඩ් ෆසාල්ට හිමිව ඇති අතර උපනායකත්වය සුජාන් පෙරේරාට හිමිව තිබේ. 

ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය අතර තරගය එළඹෙන නොවැම්බර් මස 19 වැනිදා අශ්ගබට් හි කෝපේට්ඩැග් ක්‍රීඩාංගණයේ දී සවස 4.30ට ආරම්භ වීමට නියමිතය. 

දැඩි සටනකට පසු වසීම් රාසික් ගැන අවසන් තීරණයක්!

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 FIFA ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයේ මීළඟ තරගය සඳහා ටර්ක්මෙනිස්තානය…………….

තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය 

මොහොමඩ් ෆසාල්, සුජාන් පෙරේරා, මොහොමඩ් ඉශාන්, මනරම් පෙරේරා, චරිත රත්නායක, ඩක්සන් පියුස්ලාස්, මරියතාස් නිත්‍රාසන්, හර්ශ ප්‍රනාන්දු, ජූඩ් සුමාන්, සසංක දිල්හාර, මොහොමඩ් ආකිබ්, මොහොමඩ් මුස්ටාක්, සුන්තරාජ් නිරේශ්, චලන චමීර, වසීම් රසීක්, කලීඩ් අස්මිල්, මදුශාන් ද සිල්වා, දිලීප් පීරිස්, නවීන් ජූඩ්, චතුර ලක්ශාන්, චමෝද් ඩිල්ශාන්, අමාන් ෆයිසර්, නුවන් ගිම්හාන

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<