ඉන්දු – පාකිස්තාන තරගයේ දී සුපිරි වාර්තාවක්

1695

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (16) මැන්චෙස්ටර් හිදී පැවති තරගයේ දී ඉන්දීය නායක විරාත් කෝලි ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 11,000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට සමත් විය.  

රෝහිත් හා කුල්දීප් පාකිස්තානය හඬවයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක ……….

කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක සර්ෆරාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර ඉන් උපරිම ප්‍රයෝජන අත්කර ගත් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 336ක් වාර්තා කරන ලදි.

මේ තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනා ගත් හා බොහෝ දෙනෙකු නොඉවසිල්ලෙන් බලා සිටි මේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් විය.

ලෝකේශ් රාහුල්ගේ දැවී යාමට පසුව කෝලි පිටියට පැමිණෙන විට ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 136ක් ලබාගෙන තිබුණි. සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 51 වැනි අර්ධ ශතකය වාර්තා කරගැනීමෙන් පසුව තවත් ලකුණු 7ක් ලබාගෙන ලකුණු 11,000 සීමාව පසුකරගත් සතුට සැමරීමට ද කෝලි අමතක කළේ නැත.

ශ්‍රී ලංකාවට මහේලගෙන් දැනමුතුකම්

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) ඕස්ට්‍රේලියා කණ්ඩායම …….

කෝලි මෙම ලකුණු 11,000 වාර්තා කර ගත්තේ ජාත්‍යන්තර එක්දින ඉනිම් 222ක් පමණක් ක්‍රීඩා කරමිනි එහි දෙවැනි ස්ථානයේ පසුවන සචින් ටෙන්ඩුල්කාර් ඒ සීමාව පසු කළේ ඉනිම් 276ක් ක්‍රීඩා කරමිනි. ඒ දෙක අතර තිබෙන ඉනිම පරතරය ඉනිම 54ක් වීම කෝලිගේ පිතිකරණය දස්කම් පිළිබඳව හොඳින්ම පෙන්නුම් කරනු ලබන සාධකයකි.

කෝලි පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දී ලකුණු 10,000 සීමාව පසු කරන ලදි. එනම් ඔහු එදා සිට වසරක් යාමටත් පෙර තවත් ලකුණු 1000ක් වාර්තා කරගෙන ඇත. වයස අවුරුදු 30ක් වන කෝලි මේ වන විට ජාත්‍යන්තර එක්දින පිටියේ තරග 230කට සහභාගී වී ඉනිම් 222ක් තුල ලකුණු 11,020ක් ලබාගෙන තිබෙන්නේ ශතක 41ක් හා අර්ධ ශතක 51ක් ද සමඟිනි.

මේ වන විට ලකුණු 18,426ක් ලබාගෙන තිබෙන  සචින් ටෙන්ඩුල්කාර් ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු ලබාගෙන තිබෙන පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී.

ලකුණු 11,000 සීමාව පසු කළ ක්‍රීඩකයින් මෙසේයි,

  1. විරාත් කෝලි – ඉන්දියාව – ඉනිම් 222
  2. සචින් ටෙන්ඩුල්කාර් – ඉන්දියාව – ඉනිම් 276
  3. රිකී පොන්ටීන් – ඕස්ට්‍රේලියාව – ඉනිම් 286
  4. සවුරොව් ගංගුලි – ඉන්දියාව – ඉනිම් 288
  5. ජැක් කලිස් – දකුණු අප්‍රිකාව – ඉනිම් 293
  6. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව – ඉනිම් 318
  7. ඉන්සමාම් උල් හක් – පාකිස්තානය – ඉනිම් 324
  8. සනත් ජයසූරිය – ශ්‍රී ලංකාව – ඉනිම් 354
  9. මහේල ජයවර්ධන – ශ්‍රී ලංකාව – ඉනිම් 368

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<