කෝලි තවත් වාර්තාවක් අලුත් කරයි

66

වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිරුළු පලන් කුමරා ලෙස සැලකෙන ඉන්දීය නායක විරාත් කෝලි ඊයේ (05) සිය ක්‍රිකට් දිවියේ තවත් කඩඉමක් පසුකළා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවම ඉනිම් සංඛ්‍යාවකින් ජාත්‍යන්තර ලකුණු 9000 සීමාව පසු කළ ක්‍රිකට් නායකයා ලෙස වාර්තා අතරට එක්වෙමින්.

විජේ ශංකර් ඕස්ට්රේලියා ජය කණපිට පෙරළයි

අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය උද්වේගකර තරගයකින් අනතුරුව විජේ ශංකර්ගේ දක්ෂ අවසන් පන්දුවාරය හේතුවෙන් ඕස්ට්රේලියාව සමඟ…

ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී සිය එක්දින දිවියේ 40 වැනි ශතකය වාර්තා කරමින් විරාත් කෝලි මෙම කඩඉම පසුකිරීම විශේෂත්වයක්. ඉන්දීය නායක විරාත් කෝලි නායකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 9000 සීමාව පසු කළේ ඉනිම් 159කින්ය.

මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 9000 සීමාව අවම ඉනිම් සංඛ්‍යාවකින් රැස්කළ නායකයාට හිමි වාර්තාව රඳවා ගෙන සිටියේ හිටපු සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටිං විසිනුයි. ඔහු ජාත්‍යන්තර පිටියේ ලකුණු 9000 සීමාව පසුකළේ ඉනිම් 203කිනි.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබුණේ හිටපු දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් ස්මිත්ටයි. ඔහු ජාත්‍යන්තර පිටියේ ඉනිම් 220කින් ලකුණු 9000 සීමාව පසුකර තිබුණි.

පසුගිය වකවානුව මුළුල්ලේම කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොමැකෙන සන්ධිස්ථාන කිහිපයක්ම සනිටුහන් කරන්නට සමත් විය. ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුල නායකයෙකු වශයෙන් වැඩිම ලකුණු රැස්කර ගත් ක්‍රීඩකයින් අතර කෝලිට අටවැනි ස්ථානය හිමිව තිබීම විශේෂත්වයකි.

ඇන්ඩිගේ ශතකය නිසා අයර්ලන්ත ජයග්රහණ පිපාසය සන්සිඳේ

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන දීර්ඝ තරග සංචාරයේ මුල්ම ජයග්රහණය වාර්තා කර ගන්නට ඊයේ (05) අයර්ලන්ත ක්රිකට් කණ්ඩායමට හැකි විය…

නායකයෙකු ලෙස ඉන්දිය කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 46කට ක්‍රීඩා කර ඇති විරාත් කෝලි එහි දී ටෙස්ට් ඉනිම් 76ක දී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 4515ක්. ටෙස්ට් නායකයෙකු ලෙස කෝලි ශතක 18ක් හා අර්ධ ශතක 10ක් රැස් කරගෙන තිබේ.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු රැස්කර ගෙන ඇති ආසියානු ක්‍රිකට් ක්‍රීඩකයා ද වන්නේ විරාත් කෝලියි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින පිටිය තුල නායකයෙකු ලෙස වැඩිම ලකුණු ගණනක් රැස්කර තිබෙන ක්‍රීඩකයින් අතර විරාත් කෝලිට හිමිව ඇත්තේ 12 වැනි ස්ථානයයි.

නායකයෙකු ලෙස එක්දින තරග 64ක දී ඉන්දියාව මෙහෙයවා ඇති කෝලි එහි දී එක්දින ඉනිම් 61ක දී ලකුණු 3857ක් රැස්කරගෙන තිබේ. කෝලි නායකයෙකු ලෙස එක්දින ශතක 17ක් හා අර්ධ ශතක 14ක් රැස්කර ගෙන තිබීම විශේෂත්වයකි.

නායකයෙකු ලෙස ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර කෝලිට හිමිව ඇත්තේ 13 වැනි ස්ථානයයි. ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී මේ වන විට ලකුණු 606ක් රැස් කරගෙන තිබේ.

බෙයාර්ස්ටෝව්, කුරන් එංගලන්තයේ ජය තහවුරු කරති

ටොම් කුරන්ගේ දක්ෂ පන්දු යැවීම සහ ජොනී බෙයාර්ස්ටෝව්ගේ දක්ෂ පිතිකරණය හේතුවෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින තරග 223කට ක්‍රීඩා කර ඇති කෝලි එහි දී ඉනිම් 215ක දී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 10577ක්. ඊට එක්දින ශතක 40ක් හා එක්දින අර්ධ ශතක 49ක් ඇතුළත්.

ටෙස්ට් තරග 77ක දී ඉනිම් 131ක් ක්‍රීඩා කර තිබෙන කෝලි ටෙස්ට් ශතක 25ක් හා එක්දින අර්ධ ශතක 20ක් සමඟින් රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 6613ක්. එක්දින, ටෙස්ට් මෙන්ම පන්දුවාර විස්සයි විස්ස පිටියේ ද දක්ෂතා දක්වන කෝලි පන්දුවාර විස්සයි විස්ස තරග 67ක දී ලකුණු 2263ක් රැස්කර ගෙන තිබේ.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන කෝලි යම් දිනෙක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නේ ඩොන් බ්‍රැඩ්මන්, සචිත් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා වැනි ජ්‍යේෂ්ඨ පුරාවෘත්තයක් බවට පත්වෙමින් බව නම් නොරහසක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<