ශ්‍රී ලංකා කොදෙව් සංචාරය අවිනිශ්චිතයි

3259

ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනක් සඳහා එළඹෙන ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරයක නිරත වීමට නියමිත නමුත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ දී ඇති මුදල් පිළිබඳ ගැටලුවක් නිසා එම සංචාරය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මැතිව්ස් හා සුරංගගේ කොදෙව් ගමන ස්ථීරයි

ආබාධවලට ලක්ව සිටි හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක ඇන්ජෙලෝ

ශ්‍රී ලංකා කණ්ඩයම එළඹෙන මැයි 25 වැනිදා කොදෙව් දූපත් වෙත පියාසර කිරීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය පෝට් ඔෆ් ස්පේන් හිදී ජුනි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.  දෙවන ටෙස්ට් තරගය සාන්ත ලුසියා හිදීත්, තෙවන ටෙස්ට් තරගය බාබඩෝස් හි දිවා රාත්‍රී ලෙසත් පැවැත්වීමට නියමිතයි.

ඔවුන් ඊයේ (18) අපිට දැන්වුවා ඔවුන්ට මුදල් අර්බුදයක් තිබෙනවා කියලා, ඔවුන් මේ පිළිබඳ අවසාන තීරණය සඳුදා හෝ අඟහරුවාදා දැනුම් දේවී, මේ වන විටත් ඔවුන් අපට දැනුම් දීලා නැහැ තරගාවලිය කල් දානවා ද, ටෙස්ට් තරග අඩු කර වාණිජ අගය වැඩි කිරීමට එක්දින තරග ක්‍රීඩා කරනවා ද යන්න.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පැවසිය.

අවසන් සංචිතයේ දිමුත් වෙනුවට උඩවත්තට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව එළඹෙන ජුනි මාසයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩයමේ කොදෙව් සංචාරය

ශ්‍රී ලංකා කණ්ඩයමක් කොදෙව් දූපත් හි සංචාරයක් සැලසුම් කරන්නේ වසර දහයකට පසුව වන අතර ශ්‍රී ලංකාව කොදෙව් දූපත් හිදී එකදු ටෙස්ට් තරගාවලියක් හෝ ජයගෙන නොමැත.

මේ මස මුලදී අගෝස්තු හිදී පැවැත්වීමට තිබූ බංගලාදේශයේ ඕස්ට්‍රේලියානු සංචාරය ද කල් දමන ලදි.

ටෙස්ට් තරගාවලිය කල් දැමුනොත් හෝ ටෙස්ට් තරග අඩු කර එක්දින තරග ඇතුලත් කළහොත් එම කරුණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්මට දරුණු පහරක් වනු ඇත්තේ ටෙස්ට් ක්‍රීඩාවේ මූල්‍ය වටිනාකම අවම යැයි එයින් හැඟෙන හෙයිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<