රුවින් ශතකයකට යද්දී ඉසුරු හා නිම්නගෙන් අර්ධ ශතක

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

129

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (4) ආරම්භ විය.

ආනන්ද විද්‍යාලයට හා රිච්මන්ඩ් විද්‍යාලයට වැඩි වාසි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (2)…

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

ධර්මරාජ විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී B කාණ්ඩයේ තරගයක් ලෙස අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මරාජ ක්‍රීඩකයන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. 

වමතින් පිතිකරණයේ නිරත වන ඉසුරු දයානන්දගේ අර්ධ ශතකය සවියක් කරගත් ධර්මරාජ ක්‍රීඩකයින් තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 199ක් වාර්තා කරගැනීමට සමත් විය. ලසිත් සුමනරත්න කඩුලු 3යි.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ලොහාන් අරෝෂණ ලකුණු 51කට කඩුලු 3ක් දවා ගන්නා විට ඔහුට සහය වූ චානක ජනංග හා මතීෂ සශ්මික අතරේ කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 199/9 (76): ඉසුරු දයානන්ද 51, ලසිත් සුමනරත්න 33, දුලාජ් බණ්ඩාර 29, ජනිත් ගුණතුංග 22, ලොහාන් අරෝෂණ 3/51, චානක ජනංග 2/18, මතීෂ සශ්මික 2/38.

ශ්‍රී ලංකා පුහුණුකරුවන් දෙදෙනෙක්ට ICCයෙන් ආරාධනාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වනු ලබන තෙවැනි අදියරේ (Level 3) පුහුණු පාඨමාලාව …

ද මැසනොඩ් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස කඳාන ද මැසනොඩ් විදුහල් පිටියේ පැවති මේ තරගයේ දී සත්කාරක කණ්ඩායමේ රුවින් ෆොන්සේකා අගනා ශතකයක් සමඟ ලකුණු 113ක් වාර්තා කරගත්තේය. 

දකුණතින් පිතිකරණයේ නිරත වන ෆොන්සේකා ලබා ගත් ලකුණුවලට අමතරව නිම්න ප්‍රනාන්දු ලකුණු 51ක් ලබා ගන්නා ලදි. ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් වූ සෙනාෂ් ප්‍රනාන්දු හා සහන් කෝසල පිළිවෙළින් ලකුණු 33*ක් හා ලකුණු 28ක් වාර්තා කර ගනිමින් ද මැසනොඩ් පළමු ඉනිම සවිමත් කළේය.  

තරගයේ පළමු දිනය අවසන් වන විට ද මැසනොඩ් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 288ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසුවෙයි.

ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 288/7 (74.4): රුවින් ෆොන්සේකා 113, නිම්න ප්‍රනාන්දු 51, සෙනාෂ් ප්‍රනාන්දු  33*, සහන් කෝසල 28, සොහාන් ශෙනිල් 2/31.

පළමු දිනයට පැවති මේ තරග සියල්ලම හෙට (5) දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<