ගුරුකුල විද්‍යාලය රිච්මන්ඩ් අභිබවා යයි

368
Gurukula College Cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග කිහිපයක් දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී අද (29) ක්‍රියාත්මක විය.

දිනක් තුල කඩුලු 31ක් බිඳ වැටුණු තියුණු තරගය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මෙම D කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට ලකුණු 70ක ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයක් හඹා යන තර්ස්ටන් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබාගෙන සිටියේය. දෙවන දිනය වූ අද දිනයේ පළමු කාර්තුවේ දී දකුණතින් පිතිකරණයේ නිරත වන අංජු කරුණානායක නොදැවී ලකුණු 24*ක් රැස්කර ගනිමින් තර්ස්ටන් විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 60 (25): බවන්ත ජයසිංහ 4/10, අයේෂ් හර්ෂණ 3/10, සඳරු ඩයස් 2/11.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 61 (25.2): ජයවිහාන් ප්‍රදීප්ත 24, සෙනෙත් සිතාර 5/13, සචිර රශ්මික 3/08.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 70 (35.3): මිහිසල් අමෝද 35, අයේෂ් හර්ෂණ 8/19.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම  – 70/3 (27.5): අංජු කරුණානායක 24*.


මොරටු මහා විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවූ සාන්ත මරියා විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ මොරටු මහා විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 226ක් රැස්කර ගත්තේය.

මොරටු මහා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පිත්ත හසුරුවන නිශාන් මදුෂ්ක ලබාගත් වටිනා ශතකය නිසාවෙන් මොරටු මහා විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවස්ථාව උදා විය.

පන්දු යැවීමේ දී ඉශාන් වීරසූරිය කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත මරියා විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 101ක් ලබාගෙන තිබුණි. ඩිල්ශාන් කරුණාරත්න ලකුණු 31යි. අද දිනයේ ක්‍රියාත්මක වූ [පළමු පන්දුවාර කිහිපය තුලම සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම ලකුණු 110කට සීමා කළ මොරටු මහා විද්‍යාලය නැවත වතාවක් පන්දු යැවීමට තීරණය කරන ලද්දේ ඉනිමක ජයක් අපේක්ෂාවෙනි.

එනමුත් සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ගජිත කොටුවේගොඩ  ලකුණු 52ක් ලබාගෙන ඔවුන්ගේ විද්‍යාල දෙවන ඉනිම යම් මට්ටමක් වෙත ඔසවා තැබූ නමුත් චමල්ක පුෂ්පකුමාර ලකුණු 8ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් මොරටු මහා විද්‍යාලයට ඉනිමක හා ලකුණු දෙකක ජයක් ලබා ගැනීමට සහාය විය. එය මොරටු මහා විද්‍යාලය මෙවර තරග වාරය තුල ලබාගත් පළමු පූර්ණ තරග ජයග්‍රහණය ලෙස ද වාර්තා පොත් අතරට එක්කාසු විය.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම –  226 (51): නිශාන් මදුෂ්ක 114, ඉශාන් වීරසූරිය 3/65.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 110 (52.4): ඩිල්ශාන් කරුණාරත්න 31, නදිත් මිශේන්ද්‍ර 4/36, එරන් හංසමාල් 3/28.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 114 (53.4): ගජිත කොටුවේගොඩ 52, දිනෙත් වීරසූරිය 26, චමල්ක පුෂ්පකුමාර 4/08.

ඉන්දියාව නවසීලන්තය නිජබිමේ දී ම පච කරයි

සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ කිසිදු අණක් ගුණක් නොමැතිව ප්‍රතිවාදී සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයෝ තම දක්ෂතාවන්ගෙන්


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම C කාණ්ඩයේ  තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 178ක් ලබාගන්නා ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබා සිටියේය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ  රැඳී සිටි දුනිත් ජයතුංග ඉතාමත් සුපරික්ෂාකාරී පිතිකරණයක නිරත වෙමින් ශතකයක් වෙත පා තැබුවේය.

ඔහුට සහාය වූ විනුජ රණසිංහ නොදැවී ලකුණු 49*ක් ලබා ගනිමින් සාන්ත සෙබස්තියන් විද්‍යාල මැදපෙළ සවිමත් කරන ලදි. දඟපන්දු යවන ක්‍රීඩක තුෂාන් හේරත් ලකුණු 57කට කඩුලු 6ක් දවා ගනිමින් සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම පාලනය කළ නමුත් දුනිත්ගේ ඉනිම නිසා තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හැකි විය.

ලකුණු 56ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම ලකුණු 125කට සීමාකර ගැනීමට නායක නුවනිඳු ඇතුළු සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය. අවසානයේ තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 70ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එම කඩඉම පසුකර යාමට නොහැකි වූයේ දිනයේ නියමිත කාලය අවසන් වීම නිසයි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 178 (88.3): දුලාජ් බණ්ඩාර 79, මිතිල ගයාශාන් 42, කලන සංදීප 2/21, විනුජ රණසිංහ 2/26, නදීර ප්‍රනාන්දු 2/29.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 234 (56): දුනිත් ජයතුංග 104, විනුජ රණසිංහ 49*, තුෂාන් හේරත් 6/57.

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම – 125 (54.1): කසුන් ගුණවර්ධන 74, නුවනිඳු ප්‍රනාන්දු 4/07.

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 23/1 (2):


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ජය පරාජයෙන් අවසන් වූ මේ තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ආරාධනා කළ අතර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ දුර්වල පිතිකරණය නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 97කට සීමා විය.

එහි දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිමේ දී සාර්ථක වූ එකම පිතිකරුවා වූ  අවිඳු හේරත් 4 පහර 3ක් සමඟ ලකුණු 29ක් ලබා ගත්තේය. ඉනිමේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ මලින්ද පෙරේරා තමා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර ප්‍රමාණය තුල කඩුලු 5ක් දවා ගත්තේය. ඉමේෂ් ප්‍රනාන්දු කඩුලු 2යි.

>>Photos : St. Sylvesters College Vs Maliyadewa College | Singer U19 Cricket Tournament 2018/19<<

එයට පිළිතුරු දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පන්දුවාර 59යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 186ක් ලබා ගත්තේ ඔවුන්ගේ පළමු ඉනිමේ ජය ද තහවුරු කරගෙනයි.

ඉන් අනතුරුව පිටියට පැමිණි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ලකුණු 65ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පැමිණියේ යම් පීඩනයක් ද සහිතවයි. කෙසේ නමුත් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව වැඩි වගකීමක් ලබාගෙන සිය පිතිකරණය දියත් කිරීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පිතිකරුවන් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස වීමට සිදු වූ හානිය තරමක් මට්ටමකට අවම කරගැනීමට ඔවුන්ට හැකි විය. එහි දී නදීර බාලසූරිය නොදැවී ලකුණු 50*ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මනෝහරන් පවිත්‍රන් කඩුලු 5ක් දවා ගත් අතර, සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මහීෂ තීක්ෂණ  දෙවන ඉනිමේ කඩුලු 4ක් දවා ගත්තේය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 97 (40.1): අවිඳු හේරත් 29, මලින්ද පෙරේරා 5/13, ඉමේෂ් ප්‍රනාන්දු 2/22.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 162 (59.1): බ්‍රයන් ඔශ්වින් 41, කවිරු පෙරේරා 30, හසිඳු කවිරත්න 27, මනෝහරන් පවිත්‍රන් 5/33.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම – 204/8 (103): නදීර බාලසූරිය 50*, කෙවින් නිම්ෂාන් 31, කසුන් එදිරිතිලක 25, මහීෂ තීක්ෂණ 4/47.

ඉන්දීය ක්‍රීඩකයෙකුගේ දඟපන්දුව තහනමට ලක් කෙරේ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශවලට අනුව අද(28) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ක්‍රීඩක


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාල  පන්දු යවන්නන් හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 170ක් රැස්කර ගත්තේය.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 114ක් ලබාගෙන තිබුණි. පළමු කඩුල්ල රැක ගනිමින් නොදැවී ක්‍රීඩා කරන ශේන් ගුණතිලක හා නායක පුබුදු බණ්ඩාර පිළිවෙළින් ලකුණු 66*ක් හා ලකුණු 31*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියේය.

Photos : Trinity College vs St. Anthonys College, Wattala | Singer U19 Cricket Tournament 2018/19

ඉන් අනතුරුව පිටියට පැමිණි පැමිණි අභිෂේක් ආනන්දකුමාර් සුපිරි හා නොදැවුණු ශතකයක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ විද්‍යාලයේ ලකුණු සටහන ලකුණු 313ක් දක්වා රැගෙන ගියේය. කවීශ දුලංජන කඩුලු 4යි.

ලකුණු 143ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලයේ පන්දු යවන්නන් විසින් එල්ල කළ දැඩි පීඩනය නිසාවෙන් සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 60ක් පමණි. අවසානයේ මේ තරගයෙන් ඉනිමක හා ලකුණු 83ක ජයක් ලබාගත් ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරග වරාය තුල ලබා ගත් පස්වැනි පූර්ණ තරග ජයග්‍රහණය සපුරා ගත්තේය. පන්දු යැවීමේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට දස්කම් දැක්වූ කවිෂ්ක සේනාධීර කඩුලු 11ක් තමන් සතු කරගන්නා ලදි.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 170 (71.5): අවිශ්ක තරිඳු 85, ජොයෙල් පින්ටෝ 26, කවිෂ්ක සේනාධීර 6/46.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම –  313/7d (57.1): අභිෂේක් ආනන්දකුමාර්  111*, ශේන් ගුණතිලක 72, අශාන් ලොකුකැටිය 50, පුබුදු බණ්ඩාර 49, කවීශ දුලංජන 4/84.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 60 (40.1): කවිෂ්ක සේනාධීර 5/24.


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන් වූ රිච්මන්ඩ් විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 120ක් වැනි ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට ගුරුකුල විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ.

පිළිතුරු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 168ක් ලබාගෙන සිටියේ රිච්මන්ඩ්  විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 48ක් ඉදිරියෙන් සිටිමිනි.

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින තුන් ඉරියව් ක්‍රීඩක කෙමිර නයනතරු ලකුණු 60*යි. අවසානයේ රිච්මන්ඩ් විද්‍යාලය අභිබවා ගිය ගුරුකුල විද්‍යාලය සිය පළමු ඉනිම ලකුණු 231/9ක් ලෙස දැක්වෙද්දී සිය ඉනිම අත්හිටුවාලන ලදි.

ආධිත්‍ය සිරිවර්ධන ලබාගත් ලකුණු 97 අර්ධ ශතකය සවියක් කරගෙන රිච්මන්ඩ් විද්‍යාලයට සිය දෙවන ඉනිම ලකුණු 205ක් දක්වා ඔසවා තබා ගැනීමට හැකි විය. අවසානයේ ඔවුන් කඩුලු 5ක් දැවී සිය දෙවන ඉනිම අත්හිටුවාලන ලද්දේ ගුරුකුල විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 95ක ඉලක්කයක් හිමිකර දෙමිනි. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාව දිටීය.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 120 (42): සඳුන් මෙන්ඩිස් 42, විහඟ විරංජන 2/00, ලික්ශාන්  සසංග 2/14.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම  – 231/9d (79.2): කෙමිර නයනතරු 69, නුවන් චානක 55, සුගීත් නිම්නාද 3/46, සඳුන් මෙන්ඩිස් 3/69.

රිච්මන්ඩ් විද්‍යාල දෙවන ඉනිම – 205/5d (63.3): ආධිත්‍ය සිරිවර්ධන 97, දිලුම් සුධීර 38, විනුජ කිරිඇල්ල 32.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 31/1 (7):

පළමු දිනයට පැවැත්වූ තරගය

කොළඹ ආනන්ද විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ සාන්ත ආනා විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ ආනන්ද විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 254ක් රැස්කර ගත්තේය.

ආනන්ද විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන කනිෂ්ක රන්තිලකගේ ලබාගත් වටිනා ලකුණු 99ක් රැස්කරගෙන සිය ශතකයට තවත් එක් ලකුණක් මෙපිටින් සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඔහුගේ එම අගනා ඉනිම 4 පහර 7කින් හා  එක් 6 පහරකින් වර්ණවත් විය. ඊට අමතරව නායක කමේෂ් නිර්මාල් හා දමින්ද රෙෂාන් ආනන්ද විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවස්ථාව සලසා දුන්නේය.

පන්දු යැවීමේ දී  පසිඳු තෙන්නේකොන් කඩුලු 5ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ආනා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 70ක් ලබාගෙන තිබුණි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 254 (69.4): කනිෂ්ක රන්තිලකගේ 99, කමේෂ් නිර්මාල් 40, දමින්ද රෙෂාන් 36, සුදීප අගලුගහ 29, පසිඳු තෙන්නේකොන් 5/79, ලසිත් වර්ණකුලසූරිය 3/33.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 70/4 (22.3):

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (30) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<