කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් ඉනිම ශක්තිමත් කරයි

531

අනාගත ක්‍රිකට් වීරයන් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) ආරම්භ විය. අද දිනයේ දී කමිඳු මෙන්ඩිස් ලකුණු 158ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත විය.

නිපුන්ට ශතකයක්; මනුලට කඩුලු 9ක්

සිංගර් ආයතනයේ සවිබලයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ..

ධර්මාශෝක විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 364යි.

කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා තීරණය කරන ලදි. පිටියට පැමිණි ධර්මාශෝක විද්‍යාලය පළමු පන්දුවාර 9ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 25 අසීරු තත්වයක පසුවිය.

රිච්මන්ඩ් විද්‍යාලයේ ධනංජය ලක්ෂාන් හා දිලුම් සුධීර ධර්මාශෝක මැදපෙළ පිතිකරුවන් තවත් අසරණ කරමින් පන්දු යැවූ අතර, පන්දුවාර 16ක් වන විට, ධර්මාශෝක විද්‍යාලයේ ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 37ක් ලෙස දැක්විය. අවසානයේ ඔවුන්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 57ක් පමණි. පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන දිලුම් හා දකුණතින් වේගපන්දු යවන ධනංජය කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම් නායක වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් ආරම්භයේ සිටම අලංකාරවත් පිතිකරණයක නිරත විය. ඔහු නායක ධනංජය ලක්ෂාන් හා එක්ව මුල්පෙළ සවිමත් කළ අතර, එහි දී තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ ධනංජය ලකුණු 54ක් රැස්කර ගත්තේය. මැදපෙළ තව තවත් සවිමත් කළ කසුන් තාරක හා ආධිත්‍යය සිරිවර්ධන ලකුණු 41ක බැගින් රැස්කර ගන්නා ලදි.

දිනය අවසන් වීමට පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබිය දී මනරම් පිතිකරණයක නිරත වූ කමිඳු ලකුණු 158ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. පන්දු යැවීමේ දී සංජන මෙන්ඩිස් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට රිච්මන්ඩ් විද්‍යාලය ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 307ක් ඉදිරියෙන් පසුවෙන්නේ තරගයේ වැඩි වාසියක් ද අත්පත්කර ගනිමිනි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 57/10 (22.3): දිලුම් සුධිර 3/11, ධනංජය ලක්ෂාන් 3/23.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 364/5 (64):  කමිඳු මෙන්ඩිස් 158, ධනංජය ලක්ෂාන් 54, කසුන් තාරක 41, ආධිත්‍යය සිරිවර්ධන 41,  තවීෂ අභිශේක 33, සංජන මෙන්ඩිස් 2/81.

ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට පෙර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හෙටින් (12) ආරම්භ වන තරග 5කින් යුතු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට…

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය මහනුවර බන්ධනාගාර ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. තරගයේ පළමු දිනය අවසන් වන විට ද මැසනොඩ් විද්‍යාලය සිය පළමු ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 34ක් ලබාගෙන සිටියි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ නායකයා කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළේය. ඔවුන්ගේ ආරම්භක කඩුල්ල පළමු පන්දුවාර 10 තුළ දවා ගැනීමට මැසනොඩ් පන්දු යවන්නන්ට හැකි විය. නිම්සර අත්තනගල්ල හා මනුමොහන් සවිත්‍රරන් පිළිවෙළින් ලකුණු 44ක් හා ලකුණු 42 යි. පසන් හෙට්ටිආරච්චි ලකුණු 30යි. පන්දු යැවීමේ දී රොමල් මේනුක කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ද මැසනොඩ් විද්‍යාලය සිය පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට සූදානම් සිටියත් වර්ෂාවෙන් ඊට බාධා එල්ල විය. වර්ෂාවෙන් පසුව පන්දුවාර කිහිපයක් ඔවුන් ක්‍රීඩා කළ අතර, එහි දී ද මැසනොඩ් විද්‍යාලය සිය පළමු ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 34ක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 239/10 (68.1): නිම්සර අත්තනගල්ල 44, මනුමොහන්  සවිත්‍රරන් 42, පසන් හෙට්ටිආරච්චි 30, මන්ජිත් රාජපක්ෂ 25,  රොමල් මේනුක 5/72, ක්‍රිශාන් සංජුල 2/19.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 34/0 (11.2):මෙම තරග දෙකම හෙටත් (13) ක්‍රියාත්මක වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න