පූර්ණ ජයග්‍රහණයකින් මහානාමය මූලික වටයට තිත තබයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

80

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (14) ක්‍රියාත්මක වූ අතර නිමාව දුටු තරග අතරින් පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වූයේ මහානාම විද්‍යාලය පමණි. ඒ සාන්ත සර්වේසස් විද්‍යාලය පරාජයට පත් කරමින්. 

ධර්මරාජයත් අවදානමෙන් මිදෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත්…

දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරගවල දී වමතින් දඟපන්දු  අචින්ත සුපුන්, දකුණතින් පිතිකරණයේ නිරත වන සුධීර වීරරත්න සහ ඉරුෂික තිමිර වැඩි දස්කම් දක්වන ලදි. 

දෙවන දිනයට පැවති තරග 

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – මාතර උයන්වත්ත ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – සාන්ත සර්වේසස් විද්‍යාලය 

සාන්ත සර්වේසස් පළමු ඉනිම ලකුණු 165කට සීමා කළ අචින්ත සුපුන් දෙවන ඉනිමේ දී ද ලකුණු 37කට කඩුලු 7ක් දවා ගනිමින් තරගය පුරාවට කඩුලු 10ක් දවා ගත්තේය. ලකුණු 165ට පිළිතුරු දුන් මහානාම විද්‍යාලය පවන්ත වීරසිංහ ලබා ගත් අර්ධ ශතකය සවියක් කරගනිමින් ලකුණු 204ක් ලබාගත්තේ ලකුණු 39ක මුල් ඉනිමේ වාසියක් ලබාගෙනයි.

නමුත් සුපුන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා සර්වේසස් දෙවන ඉනිම ලකුණු 75කට සීමා විය. ඒ නිසාවෙන් ලකුණු 36ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මහානාම විද්‍යාලය පන්දුවාර 6ක් තුල කඩුලු 3ක් දැවී සිය ඉලක්කය සපුරා ගනිමින් මෙවර තරග වාරයේ සිය කාණ්ඩය තුල ඔවුන් ලබා ගත් පළමු පූර්ණ ජයග්‍රහණය ලබා ගනිමින් තරගාවලියේ මූලික වටය සඳහා තිත තබන ලදි. 

සාන්ත සර්වේසස් විද්‍යාලය – 165 (58) නවීන් සාහිත් 39, කේෂර නුවන්ත 34, දිනුර දිල්මිත් 25, නිසල් ආකාශ් 3/30, දෙවිඳු කැකිරිදෙණිය 3/31, අචින්ත සුපුන් 3/45. සහ 75 (34.2) අචින්ත සුපුන් 7/37, පවන්ත වීරසිංහ 2/16.

මහානාම විද්‍යාලය – 204 (67) පවන්ත වීරසිංහ 64, විනුක රූබසිංහ 29, පවන් රත්නායක 25, දමිඳු සංකල්ප 6/41. සහ 37/3 (6) පවන් රත්නායක 18, දමිඳු සංකල්ප 2/13.

මහානාම විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

ඉසිපතන විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය (A කාණ්ඩයේ තරගය) 

  • ස්ථානය – මත්තේගොඩ යුද හමුදා පිටිය
  • කාසියේ වාසිය – ඉසිපතන විද්‍යාලය

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ඩී. එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය. එහි දී මනීන්ද්‍ර ජයතිලක සිය තුන් ඉරියව් දස්කම් විදහාලමින් ලබා ගත් කඩුලු 2ට අමතරව පිතිකරණයෙන් ලකුණු 89ක් ද ලබාගෙන දස්කම් දක්වන ලදි.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ ජයතිලකට අමතරව අභිෂේක් ලියනාරච්චි සහ මනුර පීරිස් ලකුණු අතරට පිවිසියේය.

ඉසිපතන විද්‍යාලය – 257 (82) ඉසුරු සඳමාල් 44, රවිඳු රත්නායක 38, සවිඳු උත්සර 34, ලෙශාන් අමරසිංහ 34, තිවංක ලක්රුවන් 29, මුදිත ලක්ෂාන් 3/52, මනුර පීරිස් 2/13, මනීන්ද්‍ර ජයතිලක 2/43, සසික චන්දිර 2/53. සහ 23/1 (11)

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 349/9d (83.2) මනීන්ද්‍ර ජයතිලක 89, අභිෂේක් ලියනාරච්චි 69, මනුර පීරිස් 57, ටෙරෝන් බාස්කරන් 26, අනුක ද සොයිසා 23, දිනත් දිසානායක 2/44, සිතුක ගුණවර්ධන 2/59, යසිරු කස්තුරිආරච්චි 2/91.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය

දේවපතිරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මේ තරගයේ දී ඉරුෂික තිමිර සාත සිල්වෙස්ටර් පළමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 49ක් තුල දවා ගන්නා ලදි. සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ලබාගත් ලකුණු ප්‍රමාණය අභිබවා යමින් ලකුණු වාර්තා කර ගත් දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් සුධීර වීරරත්න ශතකයක් ලබා ගන්නා ලදි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 145 (58.3) සත්සර ගමගේ 23, ඉරුෂික තිමිර 7/49, සුධීර වීරරත්න 2/09 සහ 110/5 (41) අභිෂේක් කුමාර් 42*, මලිත් ලක්ෂාන් 23, කල්ප චේතිය 2/14

දේවපතිරාජ විද්‍යාලය – 263 (89.4) සුධීර වීරරත්න 108, ජීවක ශෂීන් 34, දිනෙත් ප්‍රබංක 26,ශෂික බස්නායක 4/98

Video – ශ්‍රී ලංකා එක්දින සංචිතයට එන්න නවකයෙක් ඉන්නවද? – පිටියේ කතා

ශ්‍රී ලංකා කොදෙව් තරගාවලිය කොහොම වෙයිද? ශ්‍රී ලංකා එක්දින සංචිතය කොහොම වෙයිද…

නාලන්දා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – මලියදේව විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – මලියදෙව විද්‍යාලය 

රවීන් ද සිල්වාගේ තුන් ඉරියව් දස්කම් වලින් වර්ණවත් වූ මේ තරගය නිමා වූයේ නලන්දා විද්‍යාලයට පළමු ඉනුමේ ජයක් හිමිකර දෙමිනි. 

19න් පහළ ලෝක කුසලානය නියෝජනය කළ චමිඳු විජේසිංහ සහ නායක අවිශ්ක පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර පෙරේරා මේ වන විට මෙවර තරගාවලිය තුල ලකුණු 930ක් වාර්තා කරගනිමින් ලකුණු 1000ක් අබියස සිටියි. පළමු ඉනිමේ අර්ධ ශතකයට අමතරව දෙවන ඉනිම තුලද ඔහු අර්ධ ශතකයක් ලබාගෙන සිය ලකුණු සටහන වර්ණවත් කරගත්තේය. 

නාලන්දා විද්‍යාලය – 303/8d (79) රවීන් ද සිල්වා 103*, චමිඳු විජේසිංහ 57, අවිශ්ක පෙරේරා 55, රනිඳු ද සිල්වා 36, සකිඳු විජේරත්න 3/92, මතීෂ වීරසිංහ 3/70, පසිඳු තෙන්නකෝන් 2/86. සහ 111/5 (19) අවිශ්ක පෙරේරා 52, සකිඳු විජේරත්න 3/34. 

මලියදේව විද්‍යාලය – 228 (87.3) අමේෂ් තෙන්න්නකොන් 38, කලිඳු රන්මල් 35, බ්‍රයන් කරුණානායක 35, ගයාන් වීරසිංහ 31, චලුක අතපත්තු 30, රවීන් ද සිල්වා 5/51, මහීම වීරකෝන් 3/48

කසුන් සහ සහන් වැලැන්ටයින් සමරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ …

පළමු දිනයට පැවති තරග

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – ද මැසනොඩ් විද්‍යාලය
  • කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 298/8 (86) ශේරන් ෆොන්සේකා 135, දිනෙත් ජයකොඩි 28, සදීෂ ජයවර්ධන 27, ජොහෑන් ද සිල්වා 27, ශෙවෝන් රසූල් 26, මලින්ද පෙරේරා 6/88, සනෝජ් පෙරේරා 2/34.

රිච්මන්ඩ් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලය – 343/9d (78.5) දිමුත් සඳරුවන් 113, කවිඳු නිර්මාණ 67, සඳුන් මෙන්ඩිස් 35, දිලුම් සුධීර 32, තවීෂ අභිෂේක් 28, රිශාන් රශ්මික 23, යෂාන් අවිශ්ක 2/42, සසික පෙරේරා 2/52, කලන සංදීප් 2/58.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 46/0 (14)

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – මහින්ද විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – ද මැසනොඩ් විද්‍යාලය

මහින්ද විද්‍යාලය – 272 (77) නවෝද් පරණවිතාන 109, කවිඳු ලක්ෂාන් 48, ඔසිඳු කාවින්ද්‍ය 36, ඩිනුර කළුපහන 34, සෙනාෂ් ප්‍රනාන්දු 4/94, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 3/50.

ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 0/0 (1.1)

>>Photos : St. Anthony’s College vs St. Peter’s College – 80th Encounter<<

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

  • ස්ථානය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලය – 385 (85.4) ලසිත වරෙල්ලේගම 96, චමිඳු වික්‍රමසිංහ 81, ප්‍රභාත් සචින් 65, අංජන බණ්ඩාර 54*, කනිෂ්ක මදුවන්ත 6/129, දනාල් හේමනන්ද  2/89.

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 21/1 (3.1)

රාජකීය විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – වෙස්ලි විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය

රාජකීය විද්‍යාලය – 323/6d (85) කමිල් මිශාර 141, කවිඳු මදාරසිංහ 41, තෙවිඳු සේනාරත්න 31, ඉසිවර දිසනායක 30, රාහුල් ගුණසේකර 4/76.

වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 38/0 (12)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය  – සාන්ත ආනා විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාලය – 220 (73.3) දිල්හාර දේශබන්ධු 57, ලසිත් වර්ණකුලසූරිය 37, කවිඳු රණසිංහ 33, පිවිතු ප්‍රනාන්දු 33, තිමල්ෂ සිල්වා 24, ලොහාන් ද සොයිසා 5/64, මනීෂ රශ්මික 3/34.

ධර්මාශෝක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 70/3 (22) සනුල ගුණරත්න 34, ලොහාන් ද සොයිසා 20*, මනාන් මුසම්මිල් 2/09.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

  • ස්ථානය – මීගමුව කදිරාන ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය – 228 (80.2) වොෂිත අමරසිංහ 109*, නිපුන් ධනංජය 5/80, චමත් ප්‍රනාන්දු 3/28, මෙනූෂ පෙරේරා 2/48.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 49/3 (13)

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග අද (15) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<